(තිහගොඩ උපසේන ලියනගම)
පියාට විධිමත් ආරාධනා පත්‍රයක් නොඑවීම නිසා පුතාගේ මංගල උත්සවය වර්ජනය කළ පියකු පිළිබඳ පුවතක් අසන්නට ලැබුණේ කළුතර පැත්තෙනි.
පවුලේ එකම පිරිමි දරුවා වූ ඔහු මැනවින් අධ්‍යාපනය ලබා සරසවියට යාමෙන් පසු ඉන් පිටවී අගනුවර ප්‍රධාන කාර්යාලයක මාණ්ඩලික නිලධාරියකු වූයේය. කුඩා කල සිටම ඔහු සිය දුක සැප බෙදාගත්තේ මව සමගයි. ඔහු තරුණියක සමග සබඳතා පවත්වන බව දැනගත් පියා ඊට එරෙහි වුවද මව එම සම්බන්දයට එකඟ වූවාය.
පසුගියදා මේ දෙදෙනාගේ විවාහ මංගල උත්සවය අගනුවර ප්‍රධාන හෝටලයක පැවති අතර පුතා මවට මංගල්‍ය ආරාධනා පතක් එවමින් තාත්තාට ද කියන ලෙස දන්වා තිබුණි. මේ ගැන මව පියාට කීවත් ඔහු සිටියේ මේ උත්සවයට නොයන තීරණයකය.
මව පෙරැත්ත කළත් පියා අදහස වෙනස් නොකළෙන් ඇය තනිවම මඟුලට ගියාය. පුතා එහිදී පියා ගැන විමසූ විට ඇය නියම තත්ත්වය කීමෙන් පුතා පියාට ඇමතුමක් ගෙන “තාත්තට පිස්සු” දැයි ඇසීය. දැඩිසේ කෝපයට පත් “ඔව් මට පිස්සු” කියමින් ඇමතුම විසන්ධි කළාලු.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇරැයුම හරි නැතිව පියා පුතාගේ මඟුල වර්ජනය කරලා
සිරිබිරිස් Saturday, 02 March 2019 11:18 AM
අම්මටත්, තාත්තටත් මංගල ආරාධනාවක් කරන්නේ තමාගේ දරුවෙකුගේ විවාහයකදී නේද? මනාලයා තම විවාහයට දෙමාපියන්ට ආරාධනා කරනවද? දෙමාපියන් තමයි තම දරුවන්ගේ විවාහ සංවිධානය කරන්නේ... රටකට ගිය කලක්.