(රාජාංගණය නුවන් කුමාර)
පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවස බිඳ රත්තරන් වළලු යැයි රැවටී ඉමිටේෂන් වර්ගයේ වළලු දෙකක් හොරකම් කොට පොලීසියට හසු වීමේ පුවතක් තඹුත්තේගම පොලීසියෙන් වාර්තා විය.
මෙම සැකකරු කොස්තාපල්වරයාගේ නිවසට ගිය අවස්ථාවකදී මේසය මත මෙම වළලු දෙක නිතරම පවතින බව දැක තිබේ. අනුන්ගේ දේට නිතරම කෑදරකමක් දක්වන මෙම පුද්ගලයා මෙම වළලු රත්තරන් යැයි සිතා තිබේ.
නිවැසියන් පසුගිය දිනක අනුරාධපුරයේ පැවති උත්සවයක් සඳහා නිවසින් පිටවී ගිය අවස්ථාවකදී ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටි සැකකරු සවස 5.45 ත් රාත්‍රී 12.00 අතර කාලයේ නිවස බිඳ ගෙට ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබේ.
ඉමිටේෂන් වළලු දෙක නිතරම පෙනෙන්නට තැබුවේ උපක්‍රමයක් නිසා වන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
තඹුත්තේගම පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ උපදෙස්මත එම අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් සැරයන් සරත් (29477) මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමක් කාලා පොලිස් කූඩුවෙත් ලගින්න වෙලා