IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ආරක්ෂාවට දුන් ලක්ෂ එකහමාරක රන්බඩු උකස් කර පලා ගිහින්

රුපියල් ලක්‍ෂ එක හමාරක් පමණ වටිනා රන් ආභරණ ආරක්‍ෂාව පතා අසල්වැසි නිවෙසක කාන්තාවක භාරයේ තබා තිබිය දී එම කාන්තාවගේ සැමියා විසින් එම රන් ආභරණ උකස් කළැයි කියන පුවතක් පොලීසියෙන් වාර්තා වෙයි.

 වාර්තාවන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

 තම නිවසේ ආරක්‍ෂාව ප‍්‍රමාණවත් නොවීම නිසා නිවෙසින් පිට ගමනක් යාම සඳහා නිවැසියන් තමන් සතුව තිබූ රුපියල් එක්ලක්‍ෂ පනස් දහසක් පමණ වටිනා රන් මාල තුනක්  සහ රන් වළල්ලක් අසල්වැසි  නිවෙසක කාන්තාවකට ආරක්ෂාව සඳහා ලබාදී තිබිණි.

ටික දිනකට පසුව නිවැසියන් පැමිණි පසු තමන් ආරක්‍ෂාව සඳහා දුන් රන් ආභරණ නැවත ඉල්ලා සිටියත් විවිධ කතා කියමින් එය දීම ප‍්‍රමාද කරනු දුටු නිවැසියෝ සිද්ධිය පොලීසිය දක්වා රැගෙන ගියහ. මේ සම්බන්ධයෙන් පොලීසිය කළ පරීක්‍ෂණය අනුව හෙළි වූයේ අදාළ රන් භාණ්ඩ බිරියගේ අනුදැනුම මත සැමියා විසින්  උකස් කැරුණු බවයි. රන්  ආභරණ උකස් කළ සැමියා මුදල් ද රැගෙන නිවසින් බැහැර ගොස් ඇති අතර විශ්වාසය කඩ කිරීමේ චෝදනාව මත බිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

ආරක්ෂාවට දුන් ලක්ෂ එකහමාරක රන්බඩු උකස් කර පලා ගිහින්

නිලූ විතානගේ, සෞදි අරාබිය Friday, 21 February 2014 11:00 AM

මට නම් මෙතැන් කොකුසක් පේනවා. සත්‍ය සිද්ධිය දන්නේ අදාල පාර්ශව දෙක පමණි නේ ! (අ)

:       0       0

සෙලිනා Saturday, 22 February 2014 07:06 PM

නියම අසල් වැසියෝ., බය ලැජ්ජාව තිබිලම නැහැ (දී)

:       0       0

රුවන් Friday, 21 February 2014 03:43 PM

නරියට කුකුල්ලු බාර දුන්නා වගෙ..වක්කඩෙ හකුරු හෑන්ගුව වගෙ..(අ)

:       0       0

ජයතිලක Friday, 21 February 2014 04:49 PM

රටේ අහන්න,දකින්න ලැබෙන දේවල් දිහා බැලුවහම ,කාවද අද විශ්වාස කරන්න පුළුවන් (අ)

:       0       0

චන්දි Friday, 21 February 2014 05:53 PM

නිලූ නංගී ඔයා හරි, රුපියල් ලක්‍ෂ එක හමාරක් වටිනා රන් ආභරණ අසල්වැසි නිවෙසක කාන්තාවකට භාර දෙන්න තරම් මේ අය මෝඩ උනාද? නැතනම් පරණ ණයක් ගෙව්වද ඒවායින්? (ත)

:       0       0

ආරියසේන Friday, 21 February 2014 08:54 PM

නැති වෙලාවට දෙවියන්ගේ වුනත් කමක් නෑ. (ත)

:       0       0

චන්දි Friday, 21 February 2014 09:55 PM

විස්වාසේට කියා අල්ලපු ගෙදර ගැන.. රත්රන් බඩු ගෙන දුන්නේ රකින මෙන.. ගිහින් ඇවිත් තමනට යා යුතු ගමන..ගන්නට ගිය විටදී රත්රන් තරු පෙනින ....!! අද ලෝකයේ විස්වාශය යන වදන.. බැහැ කාටවත් නැහැ සොයලා ගන්න.. මින් පසු ඔහොම වැඩ නොකරන් අහගන්න..තමන්ගේ බඩු යනතක අරගෙන යන්න....!! (දී)

:       0       0

දිසානායක Monday, 24 February 2014 11:46 PM

චන්දි ට දුන්නත් ඔය ටිකම තමා (අ)

:       0       0

පහන් Sunday, 23 February 2014 05:28 AM

රුපියල් 50,000 රන් අභරණ උකස් කල කෙනෙකුට දුන්නේ ඇත්තටම රුපියල් 5000ලු එක උකස් බඩු කඩයක් (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 22 February 2014 12:20 AM

තම අසල් වැසියන් ගැන අවංක විස්වාසයක් තිබුණු නිසා මෙසේ බාරදී යන්න ඇත්තේ.එත් අනිත් අය ඒ විස්වාසෙන් අයුතු ප්‍රයෝජන අරන්.එත් මේ දෙපැත්තේම අය නිවැරදි නැ. (අ)

:       0       0

නිමාලි Sunday, 23 February 2014 11:12 AM

ආරක්ෂාව ඈලියාවට ගිහිල්ලා (දී)

:       0       0

චමී Saturday, 22 February 2014 10:30 AM

“සියල්ල ආරක්‍ෂා වනතුරු කිසිවෙක් ආරක්‍ෂාකාරී නොමැත“. තමන්ගේ දේවල් තමන් පරිස්සම් කර ගන්නන ඕනේ.මොකටද අනුන්ට දෙන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 622 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site