IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


ආරක්ෂක නිලධාරියා සපත්තු මහන්නෙක් වෙලා

සේවයේ යෙදී සිටි පුද්ගලික ආරක්‍ෂක නිලධාරියකු වෙත පැමිණි රූමත් තරුණියන් දෙදෙනෙකි. තරුණියන් දෙදෙනාගෙන් එක් අයකු අත සෙරප්පුවක් විය. එය දුටු තරුණ ආරක්‍ෂක නිලධාරියා මදක් චකිතයට පත්විය.

 ”අනේ අයියේ අපිට පොඩි උදව්වක් කරන්න” සෙරප්පුව ඇතැතිව සිටි තරුණිය කන්කළු ස්වරයකින් පැවසුවාය. ”මොකක්ද මිස් කෙරෙන්න  ඕනේ” ආරක්‍ෂක නිලධාරියා කරුණාවෙන් විමසූවිට ”අයියේ මේ හැට්ට කට්ට සෙරප්පුවට ගහලා දෙන්න. සෙරප්පුව හයිය නිසා මේක ගහන්න අමාරුයි” ඇය කීවේ කොමළ සිනහවකින් මුව සරසාගෙනය. ඔහු කටුව සෙරප්පුව තුළට යැවීමට උත්සාහ කළත් එය අසාර්ථක වී කටුව නැමීගියේය. ”ඉන්න මිස් මම ඇණයක් අරන් එන්නම්” යැයි පැවසූ හෙතෙම අනෙක් ආරක්‍ෂක නිලධාරියාව එතැන රඳවා, ආයතනය තුළට පිවිසියේය. ඇණයක් සමඟ මිටියක් රැගෙන ආ ආරක්‍ෂක නිලධාරියා, සෙරෙප්පුව කදිමට සාදා දුන්නේය. අනේක වාරයක් ස්තුති කළ තරුණියන් දෙදෙනා හිරිපොද වැස්සේම එතැනින් පිටව ගියෝය.

ස්වල්ප වේලාවකින් ආරක්‍ෂක නිලධාරියාට තරු පෙනුණේ ආයතනයේ ආරක්‍ෂක කළමනාකාර මහතා තම කාර්යාලයට පැමිණෙන ලෙසට දැන්වූ විටය. ”සෙරප්පුව හැදුවාට උඩට ට‍්‍රාන්සර් එකක් දෙන්නයි යන්නේ” මිතුරා ඔහුට පැවසීය. තමා ඉදිරියට පැමිනි ආරක්‍ෂක නිලධාරියා ඇමතූ ආරක්‍ෂක කළමනාකාර මහතා ”කපිල කවදද සපත්තු කඩයක් දැම්මේ” යනුවෙන් ඇසීය. ”නැහැ සර්, මිස් කෙනෙක් ආවා. එයාගේ සෙරෙප්පුව කැඩිලා. මේ හරියේ සෙරෙප්පු හදන තැනකුත් නැහැනේ. අනෙක වැස්ස. මම ඉතින් හදලා දුන්නා.” ඔහු සීරුවෙන් පැවසීය. ” හා හා කමක් නෑ කරදරයක් වුණාම අපි උදව් කරන්න  ඕනේ. හරි හරි යන්න ”ආරක්‍ෂක කළමනාකරු කට කොනකින් සිනහසෙමින් කීය.
 



අදහස් (0)

ආරක්ෂක නිලධාරියා සපත්තු මහන්නෙක් වෙලා

සරත් ඩු Thursday, 13 June 2013 11:18 PM

හොද වැඩක්. (නි)

:       0       0

සුමි Thursday, 13 June 2013 11:25 AM

දෙය්යෝ සාක්කි වලට එම කතාව ගැලපෙන්නේ නැහැ. (අ)

:       0       0

වරුණ Thursday, 13 June 2013 04:17 PM

කුමාරි, ඔයාගේ සෙරෙප්පුවක් එහෙම කැඩුනේ නැද්ද ? (අ)

:       0       0

කමල් Thursday, 13 June 2013 12:10 PM

දෙයියෝ සාක්කි නොවෙයි, මේ වගේ අය ගැන දෙයියෝම බලයි (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 13 June 2013 05:48 PM

තරුණ ගැහැණු ළමයි දෙන්නෙකුගේ ඉල්ලීම අහක නොදමා උදව් කිරීමට ගත් උත්සාහය ඉතාමත් හොඳයි. මෙතැන පොඩි සැකයක් මතුවෙනවා වයසක ඇන්ටි කෙනෙක් මෙවැනි උදව්වක් ඉල්ලුවා නම් කරයි ද? යන්න. (නදී)

:       0       0

චන්දා Thursday, 13 June 2013 02:17 AM

මම කැමතියි මේ කතාවට. හොද කෙටි කතාවක් වගේ. ෂෝක්. (නි)

:       0       0

උපාලි Thursday, 13 June 2013 02:54 AM

ආරක්ෂක නිලධාරියා තම රාජකාරිය හරියට කරමිනුයි කාන්තාවට උදව්වත් කළේ. එයා ඉවතට ගියේ අනෙක් නිලධාරියාව එතන නවත්වලයි. කළමනාකරු නිසි ප්‍රසංශාව දුන්නේ ඒ නිසයි. ඔහු තනිවම ඉන්න ගමන් බැහැරට ගියා නම් ඉවරයි. (නි)

:       0       0

චන්දි Thursday, 13 June 2013 06:59 PM

ඉදල හිටලවත්,මේ වගේ අය ඉන්න එක හොදයි අගය කල යුතු දෙයක් ජය වේවා !(නදී)

:       0       0

සිරිබිරිස් Thursday, 13 June 2013 07:19 AM

මේවා ඉතින් වෙන් රටවල දැනටත් කෙරෙනවා. අපිත් දියුනු වෙනකොට මේවා කරන්න පුළුවන් ආරක්ෂක නිලදාරින් ගන්න ඕනෑ, ඒවා පුරුදු කරලා ඔවුන්ගේ වෘත්තී්‍ය මට්ටම වැඩි කරන පුහුණු වීම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

ලලිත් Saturday, 15 June 2013 02:40 PM

කාන්තාවන් දෙදෙනෙක් වෙනුවට මහත්වරු දෙදෙනෙක් ආවා නම් ඔය කතාව සම්පුර්ණයෙන් වෙනස් වෙනවා නේද ? (නි)

:       0       0

හේරත් Thursday, 13 June 2013 02:10 PM

ළඟදීම බලාපොරොත්තුවන්න. "ඇණයක් සමඟ මිටියක් වනයක් උනොත්" (අ)

:       0       0

දුලාජ් Friday, 14 June 2013 03:32 PM

එයාට කාන්තාවන් වාසනා වෙනවා ඇති (නි)

:       0       0

පහන් Thursday, 13 June 2013 08:06 PM

කමල් ,ජයලත් අපි යෝජනා කරමුකෝ එම තීරේට නමක්. මෙන්න දෙවියන්, සිත නිවන කතා, හැගුම්බර කොලම ,දෙවියොත් නමට වදී වගේ ඒවා.(නදී)

:       0       0

සංජීව Thursday, 13 June 2013 08:38 AM

කමක් නැහැ. උදව්වක්නේ කරලා තියෙන්නේ. උදව්වක් අවශ්‍ය කෙනෙකුට උදව් කරන එකයි මිනිස්කම කියන්නේ. නමුත් බලන් ඉන්න අය වැරදියට හිතන්න පුළුවන්. මොකද ගැහැණු ළමයෙකුට උදව් කරපු නිසා. කමක් නැහැ.අවංක සිතින් කළා නම් ඒකේ පින ලැබෙනවා. (සමහර වෙලාවට කළ හොඳ පස්සෙන් එන වෙලාවලුත් නැතුව නොවෙයි) (නි)

:       0       0

ජයසිංහ Thursday, 13 June 2013 08:53 AM

මේ කුරිරු සමාජය තුල ඔහු කරේ උතුම් ක්‍රියාවක් ආයතන ප්‍රධානිය උවද නිහතමානී අයක් (අ)

:       0       0

ජගත් Thursday, 13 June 2013 09:01 AM

හොඳනිමාණයක් (ස)

:       0       0

ෆ්රන්සිස්චා ජයලත් Thursday, 13 June 2013 02:58 PM

මේ වගේ යහපත් වැඩක් දෙවියෝ සාක්කි තීරුවේ නොවෙයි පළල කරන්න ඕනා මේ වගේ කතා පලකරන්න වෙනම තීරුවක් අරඹන්න.(නදී)

:       0       0

කුමාරි Thursday, 13 June 2013 10:21 AM

අල්ලසක් නැතිව කරපු උතුම් ක්‍රියාවක්. නිලදාරියාටත්,ප්‍රධානියාටත්,ආයතනයටත් අපේ ප්‍රශංසාව. (නි)

:       0       0

සිරිබිරිස් Thursday, 13 June 2013 10:25 AM

වෙන රටවල අරක්ෂක නිලදාරී මහතුන්ගේ බඳ පටියේ ටෝර්ච් එකක්,මාංචු කුට්ටමක්,ඉඳි කටු නූල් පෙට්ටියක් තියෙනවා. ප්‍රථමාධාර පෙට්ටියකුත් තිබෙනවා. ඒත් ඒවා කරන්ඩ ආරක්ෂක නිලදාරීතුමන්ලාගේ පුහුණුවත් වැදගත් වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

නංගි පෙන්වා අඹ යාළුවාගෙන් සල්ලි ඇදලා
2024 මැයි මස 17 991 0

පෙම්වතියක යැයි නංගි පෙන්වා හොඳම මිතුරා ගෙන් ලක්ෂ පහ හමාරක මුදලක් ලබාගෙන ඇතැයි කියන අපූරු තරුණයෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙ


අඩුවට පොල් කඩා බඩට ගහලා
2024 මැයි මස 16 1038 0

පොල් කැඩීම සඳහා එක් ගසකට පියා අයකරන කුලියට වඩා අඩු කුලියකට පුතා පොල් කඩන්නට වීමෙන් වසර ගාණක් තිස්සේ පියාට හිමිව තිබූ පොල් මුරයක් පමණක් නොව පියාගේ රැකි


කෑම වට්ටෝරුවෙන් දොස්තර අන්ද මන්ද වෙලා
2024 මැයි මස 15 3959 2

අගනුවර කාර්යාලයක සේවය කරන තරුණියක උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය පසු වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා දිවා ආහාරයට ගත්තේ මොනවා ද කියා


කේවල් කරගත් කුකුළු මස් පන්සීය යළි ගෙනත් සල්ලි ඉල්ලලා
2024 මැයි මස 14 1470 0

අම්මා මාළු ගෙනාවා කියා ගමේ කඩෙන් තමන් රැගෙන ගිය කුකුළු මස් පන්සීය ආපසු ගෙනැවිත් මුදල් ඉල්ලාගෙන ගිය පුතකු පිළිබඳව සියනෑවේ ගස් ගල් ඇති ගම්මානයකින් වාර


මඟුල් ගෙදරදී පැරැණි පෙම්වතිය දැක ඉහ මොළ රත්වෙලා
2024 මැයි මස 13 11860 0

තමා කලින් ඇසුරු කළ පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට ගොස් අපහසුතාවට පත්වීමට පෙර උපක්‍රමයකින් යාමය බේරා ගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මාතර දිසාවෙන් වා


අක්කා දැඩි සත්කාරයේ : මල්ලී අවමඟුලේ කතාව කටපාඩමේ
2024 මැයි මස 11 991 0

උපන් ගමෙන් සැතැපුම් 25ක පමණ දුරක පදිංචිව සිටින සිය වැඩිමහලු‍ සොයුරිය රෝගාතුරව අසාධ්‍ය තත්වයේ රෝහල්ගතව සිටියදී ඇයගේ අවමඟු‍ල් දිනයේ දී ගුණකථනයක් කිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 796 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2351 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2014 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site