(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පොසොන් සතිය ආරම්භයේදී විහාරස්ථානයක් අසලට බළලුන් ගෙනැවිත් දැමූ රජයේ ආරක්ෂක අංශයක සේවය කළ උසස් නිලධාරියකු විහාරාධිපති හිමියන්ගෙන් කුඩ පහර කා පළා ගිය පුවතකි මේ.
ගල් කුළුවලින් වටවූ පැරැණි විහාරස්ථානයකි. විහාරාධිපති හිමියෝ කිසියම් අවශ්‍යතාවකට පිටතට වැඩම කළහ. මේ අතර නවීන පන්නයේ මෝටර් රියක් විහාරස්ථානයේ ප්‍රධාන දෙරටුව අසල නතර කෙරිණි. ටික වේලාවක් එතැන නවතා තිබූ මෝටර් රිය මකර තොරණ සහිත පියගැට පෙළ අසල දක්වා ගමන් කර ආපසු හරවනු ලැබීය.
නැවතත් විහාරස්ථ ප්‍රධාන දොරටුව ආසන්නයේ රිය නතර කළ රියැදුරා එහි දොර විවෘත කරනු ලැබීය. ඒ සමගම බළලුන් කිහිපදෙනෙක් ඉන් ඉවතට පැන ගත්හ.
පිටතට වැඩම කර සිටි විහාරාධිපති හිමියන් පැමිණි ත්‍රිරෝද රිය මේ මෝටර් රිය පිටුපස නවතා තිබූ නිසා උන්වහන්සේ සියල්ල හොඳින් දැක ගත්තේය. වහා ක්‍රියාත්මක වූ විහාරාධිපති හිමියෝ මෝටර් රිය අසලට වැඩම කළහ. එහි සිටියේ ප්‍රදේශයේ ප්‍රභූවරයකු ලෙස නමක් දිනාගත් ආරක්ෂක අංශයක සේවය කළ ඉහළ නිලධාරියෙකි.
“මහත්තයා පොසොන් පෝය ළඟ නිසා පින් අතේ වැඩක් කළා නේද” කියද්දී හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියා උඩ බිම බැලුවේය. “අවසරයි හාමුදුරුවනේ, බළලාට වමනේ යන්න වගේ ආවා ඒකයි නතර කළේ” කියද්දී විහාරාධිපති හිමියන්ගේ කුඩය එසවිණි.
තවදුරටත් ප්‍රහාරයට ලක්වෙතැයි බියපත් වූ ආරක්ෂක අංශ ප්‍රධානියා මෝටර් රියේ දොර වසා වහා පළා ගියේය. දින කීපයක් ගතවී ඇතත් ඔහු තවමත් නිවෙසින් එළියටවත් නොඑමින් නිවාස අඩස්සියේ පසුවන්නේ සිදුවූ වින්නැහියෙන් තමන්ගේ තත්ත්වයට සිදුවූ හානිය යළි යථාවත් කර ගන්නට බැරිවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආරක්ෂක නිලධාරියා නම්බුව බේරාගන්න ගෙට වැදී දොර වහගෙන