(තිහගොඩ - උපසේන ලියනගම)
ආපදා සහනාධාර එක්රැස් කරමින් ගිය ස්වේච්ඡා සංවිධානයක නියෝජිතයින් පිරිසකට සහනාධාර ලෙස ටයිපටි දෙකක් පිරි නැමීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අගනුවරට ආසන්න ප්‍රදේශයකිනි.
නගරය ආශ්‍රිත රැකවල් දැමූ මේ නිවසට මෙකී ස්වේච්ඡා සංවිධානයේ අය ඇතුළු වූයේ අවසර ලබා ගෙනය. නිවසේ සිටියේ ගෘහ ප්‍රධානියා පමණකි.
තම අවශ්‍යතාව කියූ කණ්ඩායමේ නායකයාට ගෙහිමියා කීවේ තමාට දිය හැක්කේ පාවිච්චි කළ පැරණි ඇඳුම් කීපයක් බවකි. “අනේ පරණ ඇඳුම් නම් එපා. මේ අය අනාථ වුණාට හිඟන්නෝ නෙමෙයි” කණ්ඩායම් නායකයා කියත්ම කණ්ඩායමේ අයකු “ඇඳුම් වුණත් කමක් නෑ. ඉහළ මට්ටමේ ඒවා නම්” කීවේ නිවාස හිමියා අමනාපකර ගත නොහැකි නිසාය. “හරි” කියා ගෙට ගිය නිවෙස් හිමියා යළි පැමිණ එහෙනම් මගෙ නමට මේක ලියාගන්නකෝ කියා ටයිපටි දෙකක් දුන් විට කණ්ඩායමේ පිරිසට දෙවියන් සිහිවුනාලු.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආපදා සහනාධාරයට ටයිපටි 2 ක් දීලා
පිටිගල Thursday, 09 June 2016 03:04 AM
හදිස්සියට අමුඩයක් ගහගන්න ඕනෑවුණොත් ඉණේ බඳින දියලණුවට පාවිච්චි කරන්නත් පුළුවන්. (නි)
රාධා Wednesday, 08 June 2016 12:38 AM
මේවා හදිස්සියකට ඉණේ බඳින්න ගන්න පුළුවන්. නැත්නම් ගහකට යන්න වළල්ලක් ලෙස යොදාගන්න පුළුවන් (නි)
දම්මි Wednesday, 08 June 2016 02:33 AM
ගෙදර ඉන්න බල්ලට කරපටියට දාන්නත් පුලුවන් (නි)