(තිහගොඩ - උපසේන ලියනගම)
ආපදා සහනාධාර එක්රැස් කරමින් ගිය ස්වේච්ඡා සංවිධානයක නියෝජිතයින් පිරිසකට සහනාධාර ලෙස ටයිපටි දෙකක් පිරි නැමීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අගනුවරට ආසන්න ප්‍රදේශයකිනි.
නගරය ආශ්‍රිත රැකවල් දැමූ මේ නිවසට මෙකී ස්වේච්ඡා සංවිධානයේ අය ඇතුළු වූයේ අවසර ලබා ගෙනය. නිවසේ සිටියේ ගෘහ ප්‍රධානියා පමණකි.
තම අවශ්‍යතාව කියූ කණ්ඩායමේ නායකයාට ගෙහිමියා කීවේ තමාට දිය හැක්කේ පාවිච්චි කළ පැරණි ඇඳුම් කීපයක් බවකි. “අනේ පරණ ඇඳුම් නම් එපා. මේ අය අනාථ වුණාට හිඟන්නෝ නෙමෙයි” කණ්ඩායම් නායකයා කියත්ම කණ්ඩායමේ අයකු “ඇඳුම් වුණත් කමක් නෑ. ඉහළ මට්ටමේ ඒවා නම්” කීවේ නිවාස හිමියා අමනාපකර ගත නොහැකි නිසාය. “හරි” කියා ගෙට ගිය නිවෙස් හිමියා යළි පැමිණ එහෙනම් මගෙ නමට මේක ලියාගන්නකෝ කියා ටයිපටි දෙකක් දුන් විට කණ්ඩායමේ පිරිසට දෙවියන් සිහිවුනාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිස්සියට අමුඩයක් ගහගන්න ඕනෑවුණොත් ඉණේ බඳින දියලණුවට පාවිච්චි කරන්නත් පුළුවන්. (නි)
මේවා හදිස්සියකට ඉණේ බඳින්න ගන්න පුළුවන්. නැත්නම් ගහකට යන්න වළල්ලක් ලෙස යොදාගන්න පුළුවන් (නි)
ගෙදර ඉන්න බල්ලට කරපටියට දාන්නත් පුලුවන් (නි)