(බුලත්කොහුපිටිය රවීන්ද්‍ර වෙලගෙදර)
ජංගම දුරකථන යැයි සිතා කාර්යාලයේ තිබූ සීල් ගසන තීන්ත පෑඩය හදිසියේ තම අත්බෑගයේ දමා ගෙන ගිය කතක ගැන බුලත්කොහුපිටිය ප්‍රදේශයේ එක්තරා රජයේ කාර්යාලයකින් වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය. ඇය එම කාර්යාලයේ ප්‍රධාන තනතුර හොබවනු ලබයි. සිදුවීම වූ දින ඇය දහවල් ආහාරය සඳහා කාර්යාලය වසා තම නිවෙසට යාමට සූදානම් විය.
එහෙත් එදින ටිකක් වැඩ අධික දිනයක් වූ බැවින් වෙනදාට වඩා කාර්යාලය වසන වේලාව ගතවී තිබුණි. ඇය කඩිමුඩියේ කාර්යාලය වසා තම අඩුම කුඩුම ටික බෑගයට දමා පිටත්වූයේ නැවතත් නියමිත වේලාවට කාර්යාලය විවෘත කළ යුතු බැවිනි. ඇය තම නිවෙසට යන අතර මගදී තම පාලන කාර්යාලයට පණිවිඩයකට දුරකථන ඇමතුමක් ගැනීමට සිදුවිය.
ඇය තමන්ගේ බෑගය විවෘත කර ජංගම දුරකථනය ගැනීමට සූදානම් වුවද ජංගම දුරකථනය ඇගේ බෑගයේ නොවීය. කාර්යාලයේ සීල් ගසන තීන්ත පෑඩය බෑගයේ කොනකට වන්නට තිබුණි. සිදුව තිබෙන දේ තේරුම් ගැනීමට ඇයට වැඩි කාලයක් ගත නොවුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වික්රමටත් මේ වගේම අලකලංචියක් උනා දවසක් , සැන්ඩ්යි කියල දෙපාරම මදුවිත වක් කොරගෙන බීල හරිම ජංජාලයක් උනා.... (ර)
රත්වුණ ඉස්තිරික්කයෙන් කෝල් එකක් ගන්නවට වඩා මේක හොඳයිනේ. (බ)
අපේ වැඩිවුණ යාලුවෙක් අම්මට පෙනෙන වෙරි නැහැ කියල කොණ්ඩේ පීරලා .පීරලා තියෙනේ වෙඩින් කේක් එකකින්..උදේ බැලුවම ලු දන්නේ ඔලුවේ පුරා අයිසින්ලු (බ)
වසර හයක කෙටි කාලසීමාවක් ඇතුළත සියයට 20 ට අඩු ප්‍රමාණයක පැවති ජංගම දුරකථන භාවිතාව දැන් සියයට 90 මට්‌ටමට පැමිණ තිබෙනවා. (නි)
“දුරකථනය චාර්ජ් වෙන අතරතුර පාවිච්චි කරන්න එපා, “රෑ පුරා චාර්ජ් වෙන්න ගහලා නිදාගන්න එපා, බැටරිය සම්පුර්ණයෙන් බැසීමට ඉඩදෙන්න” මෙවැනි මිත්‍යා විශ්වාස බොහෝය. බැටරි පාවිච්චියේදි කළයුතු දේවල් හා නොකළයුතු දේවල් තිබෙනවා, වශයෙන් මේ ශ්‍රී ලාංකික සමාජය පුරා මිථ්‍යා විශ්වාස බොහෝය (නි)
අයියෝ ඕක මොකක්ද මම පර්ස් එක අතේ තියන් සාක්කුවේ හොයලා තියෙන්නේ.... (ර)
මිනිසුන්ගේ අතින් කලබලයට මේ වගේ දේවල් සිදුවෙනවා (නි)
මේවා හදිසියට සිදුවන සුළු දේවල් ,(හේ)
ඔයා ගැන නං කතා කරන්න දෙයක් නෑ පිටබැද්දර ජයා. ඔයා කඩේ යන කට්ටිය දැක්කම අපිට ඔහොම හිතුණා (බ)
ජංගම දුරකථනය චාර්ජ් වෙන අතරතුරේ පාවිච්චි කරන්න එපා යන්න මිථ්‍යා මතයක් බව දැන් ඔප්පු වී ඇත. එලෙස පාවිච්චි කළාට කිසිදු ප්‍රශ්නයක් නැත. හැබැයි හොඳ නැති, ඔර්ජිනල් නොවන චාර්ජර් පාවිච්චි කරන්නේ නම් එලෙස කරන්න එපා. (නි)
රෑ පුරා චාර්ජ් වෙන්න ගහලා නිදාගත්තම බැටරිය පිච්චෙනවා කියන එක මිථ්‍යා මතයක්. නූතන පර්යේෂණ වලින් එය ඔප්පුවෙලා තියෙනවා. මනෝජ් හිතනවට වඩා ජංගම දුරකතනය බුද්ධිමත්. (නි)
මෙච්චර සිහිය නැතිවුණාම මදැයි (නි)
මෙහෙම අය එක්ක කොහොමද අපි ඉදිරියට යන්නේ? (නි)
කැමති කෙනෙක් තොරතුරු සොයා බලා සත්‍ය වටහා ගන්න. තමන් කරන දේ ප්‍රතිඵල තමන්ට සහ ළඟින් ඉන්න අයටයි. (නි)
අනේ හැබෑට මෙහෙමත් කට්ටිය! (නි)
අැයි අපි දුරකථනය අතේ තියාගෙන ඒක හොයන්නේ... (නි)
මොහාන් ඔය පොර කුකුල් සමිතියේ සභාපතිද. කෙක්කක් වගේ එල්ලෙනමයි බලන්නේ (බ)
රාජ්‍ය සේවයේ ලක්‍ෂ 09 කට ආසන්න රාජ්‍ය සේවකයන් පිරිසක් රාජකාරි වේලාවේදී පැය දෙකක් දුරකථනය හෝ අන්තර්ජාලය භාවිත කරන බව අනාවරණය කරගෙන තිබුණේ රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තිය සමිති සම්මේලනය මැදිහත් වීම මත මාස තුනක කාලයක් තිස්‌සේ ලංකාවේ සියලුම පළාත්වල පිහිටි රාජ්‍ය ආයතන ආවරණය වන ආකාරයට කරන ලද සමීක්‍ෂණයකින් ලක්‍ෂ 14 කට ආසන්න වූ රාජ්‍ය සේවකයන් අතුරින් 60% වැඩි ප්‍රමාණයක් මේ ආකාරයට අන්තර්ජාලයේ සැරිසරති. වයස අවුරුදු 18 සිට 45 දක්‌වා වූ වයස් කාණ්‌ඩවල පසුවන රාජ්‍ය සේවක පිරිසක් රාජකාරි වේලාව "අපහරණය" කරති. (බ)
නිශාන්ත, නිකන් දන්නවා වගේ බොරු කියන්න එපා. මේක වැදගත් නිසයි මම ලියන්නේ. 01) "දුරකථනය චාර්ජ් වෙන අතරතුර පාවිච්චි කරන්න එපා" කියන්නේ සමහර බාල චාර්ජර් කනෙක්ටර් ෂෝර්ට් වෙන නිසා. එක තවමත් වෙන්න පුළුවන්. 02)"රෑ පුරා චාර්ජ් වෙන්න ගහලා නිදාගන්න එපා" කියන්නේ සමහර බැටරි පුපුරන නිසා. මේක තවමත් වෙන්න පුළුවන්" 03)බැටරිය සම්පුර්ණයෙන් බැසීමට ඉඩදෙන්න" කියන එක අදාළ උනේ ඉස්සර තිබුන බැටරි රසායනික ද්‍රව්‍ය වලට එහෙම අවශ්‍ය නිසා. දැන් අලුත් ඒවාට එහෙම ඕන නැහැ. (ර)
බියංකට නැද්ද මෙහෙම ගැටලුවක්? මම හිතන්නේ බියංකා නම් ජංගම දුරකථනයෙන් පෙම්වතාට කතාකරන්නෙ නැතුව ඇති රාජකාරි වෙලාව තුළ නේද? (නි)
ඇයි සමහරු ඇස් කන්නාඩිය ඔලුවේ රඳවාගෙන ගේ දෙවනත් කරන්නේ.? (ර)