IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අසල්වැසි හොරාගෙන් ‘‘රහස් පොලිස්ට’’ පොලූ පහරක්

අසල් වැසියා රහස් පොලිස් නිලධාරියකු යැයි සිතා පහරදී වැඬේ වරද්දා ගත් පුද්ගලයකු පිළිබඳව අගනුවරින් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

මොහු කලකට ඉහතදී කරන ලද හොරකමක් සම්බන්ධව පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකි. මොහු සෑම විටම සිටියේ සෑම පුද්ගලයකුම පිළිබඳව අවිශ්වාසයෙනි. මේ අතර දිනක් තම නිවෙසට අල්ලපු නිවෙසට පුද්ගලයකු නවාතැන් ගැනීමට පැමිණි අතර, මොහු පිළිබඳව ඔහු දැඩි අවිශ්වාසයෙන් සිටියේ සී.අයි.ඞී. නිලධාරියකු යැයි සිතාය.

දිනක් මොහු ප‍්‍රදේශයෙන් පිට නගරයකට ගිය අතර අසල්වැසියා හා සමාන පුද්ගලයකු සිඟමන් යදිනු දුටු මොහුට දෙවියන් සිහිවිය. මේ නම් මාව හොයාගෙන ආපු සී.අයි.ඞී. කාරයා තමයි යැයි සිතූ මොහු ඔහුට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතා නැවත ගෙදර පැමිණියේය.

රාත‍්‍රී කාලයේ ඔහු එන මග රැුක සිට මොහු පොල්ලකින් පහරදී පැන ගිය අතර අසල්වැසියා හැඩරුවින් මොහු හඳුනාගෙන පොලිසියට පැමිණිලි කර ඇත. පැමිණිල්ල විභාග කිරීමට පොලිසියට කැඳවූ අවස්ථාවේ, ”අනේ රාලහාමි මම තමයි අහවල් හොරකම කළේ. අනේ මට සමාවෙන්න මේ මහත්තයා අපේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ මා අල්ලන්න නිසා බයටයි මම ගැහුවේ” යැයි පවසා ඇත. මොන පිස්සු ද මේත් අපි හොය හොයා හිටිය අපරාධකාරයෙක්.

පොලිසියට පැමිණිල්ල දාන්න ආවමයි අපේ රාලහාමි කෙනෙක් අඳුර ගත්තේ. ඔයා කළේ වැරැුද්දක් වුණාට අපිට මෙයාව අල්ල ගන්න පුළුවන් වුණා” යැයි පැවසූ නිලධාරියා අසල තිබූ සීනුව නාද කර පොලිස් නිලධාරියකු කැඳවා ”මේ දෙන්නාම දාන්න කූඩුවට” යැයි නිලධාරියාට පවසා ඇත.



අදහස් (0)

අසල්වැසි හොරාගෙන් ‘‘රහස් පොලිස්ට’’ පොලූ පහරක්

ලතා Monday, 30 November 2015 04:51 PM

බලාගෙන ගියාම දෙන්නම පොලිසියට ඕන කරපු දෙන්නෙක් හැම අපරාධ කාරයෙක්ම මෙන්න මේ විදියට අහු වෙනවනම් පොලිසියට මහන්සි වෙන්න ඕනේ නැහැ (රේ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 30 November 2015 07:32 AM

හොරුන්ගෙත් හොරු කම්බා හොරු... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site