IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අසල්වැසි කත මහණවීමට ගිය දැරියක් හීනෙන් දැක විරාමයක්

රජයේ රැකියාවක නියුතු අසල්වැසි කාන්තාවක් තම ජීවිතය ගැන කලකිරීමට පත්වී ගිහිගෙය අතහැර මහණ වීමට යාමට සූදානම් වන බව ඒ මොහෙතේම රාත්‍රී සිහිනෙන් දුටු පාසල් දැරියක් නින්දෙන් අවදි වී විලාප නගමින් හැඬූ පුවතක් වයඹ පළාතේ ගමකින් වාර්තා වේ.


සිද්ධිය පිළිබඳව දැනගන්නට ලැබුණු පරිදි පසු දින උදෑසන සිහිනය දුටු පාසල් දැරියගේ මව මහණවීමට යාමට සූදානම් වූ කාන්තාවගේ දුරකථනයට ඇමතුමක් ලබාගෙන වැඩිදුර තොරතුරු විමසා ඇත.


පාසල් දැරිය රාත්‍රී දුටු සිහිනයත් සමග විලාප නගා හැඬීම නිසා නිවසේ පදිංචිකරුවෝ සියලු දෙනාම එක්වරම අවදිවූහ. මහණ වීමට යාමට සූදානම් වන අසල්වැසි කාන්තාවගේ නිවස වෙත යාමට ද නිවැසියෝ සූදානම් වූහ. එහෙත් පසුදින ඒ ගැන සොයා බලන බවට තීරණය වෙනස් කොට යළි නින්දට යන විට වටින් ගොඩින් එළිය වැටීමට ද ආසන්න වී තිබිණි.


කෙසේ වෙතත් අසල්වැසි කාන්තාව සුපුරුදු පරිදි පසුදින රැකියාවට ගොස් තිබුණි. තම දියණිය දුටු සිහිනය පිළිබඳවත්, ඇයගේ හැඬීම පිළිබඳවත් රැකියා ස්ථානයට දියණියගේ මව විසින් දුරකථන ඇමතුමක් ලබාදී තිබුණි. මේ පුවත ඇසූ විගස දුරකථන සංවාදය අතරතුර කතාවට වඩා වැඩි කාලයක් වෙන් කරන්නට සිදුවූයේ දිගුවේලාවක් දුරකථනයෙන් කළ හිනහවටය.

(බිංගිරිය වික්ටර් සෝමවීර)



අදහස් (0)

අසල්වැසි කත මහණවීමට ගිය දැරියක් හීනෙන් දැක විරාමයක්

යෝනක Monday, 09 January 2017 01:35 AM

ඒ දැරිය එම කාන්තාවට ගොඩක් ආදරය ඇති (නි)

:       0       0

රත්න Tuesday, 10 January 2017 10:50 AM

සමහරුන්ට මෙහෙම දේවල් වෙන බව මමත් අහලා තිබෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site