පිට පළාතකින් පැමිණ ඌව පළාතෙන් පෙළවහක් කරගත් අයෙක් තම බිරියගේ නිවෙසේම පදිංචි විය. වෙළෙඳාමේ දක්‍ෂයකු වූ හෙතෙම ගම පුරා ඇවිද කිතුල් පැණි මිලදී ගෙන ඒවා බසයෙන් නුවරට ගෙන ගොස් අලෙවි කළේය. කිතුල් පැණිවලට කිසිවක් කළවම් නොකරන නිසා ඔහුගේ පැණිවලට අධික ඉල්ලූමක් පැවතුණි.
මෙම වෙළෙඳාම නිසා ඔහු වසර කිහිපයකින් ධනවතෙක් විය. ඉඩකඩම් වලට අමතරව තමාගේම වෑන් රථයක හිමිකරුවකු වූ හෙතෙම පසුව කිතුල් පැණි ප‍්‍රවාහනය කළේ එම රථයෙනි. මෙසේ තම ව්‍යාපාරය පවත්වාගෙන යන අතරතුර ඔහුගේ නිවෙසට යාබද නිවෙසේ හිමිකරුට ද මෑතකදී කිතුල් පැණි අලෙවි කිරීමට ආශාවක් ඇති වූයේ තම ගමට පැමිණි ආගන්තුකයාගේ දියුණුව දැකීමෙනි.
ඒ අනුව ඔහුද කිතුල් පැණි වෙළෙඳාම ආරම්භ කර බසයෙන් නුවරට ප‍්‍රවාහනය කළේය. මෙය ලාභ ලබන ව්‍යාපාරයක් බව ටික දිනකින් ඔහු අවබෝධ කර ගත්තේය. ලාභය දෙගුණ කිරීමට කල්පනා කළ හෙතෙම දිනක් කිතුල් පැණිවලට පොල් පැණි කළවම් කර ලීටර් විස්සේ ප්ලාස්ටික් බූලි හතරක ඒවා දමා හිතවතකුගේ වෑන් රථයක පටවා ගෙන නුවර බලා පිටත් විය.
පැයක් පමණ වේලාවක් ගත විය. පිටුපසින් පැමිණි වාහනයක් වෑන් රථයේ රියැදුරාට කතාකොට ‘‘වෑන් එකෙන් ඔයිල් වැටෙනවා’’ යැයි පැවසීය. වාහනය නවත්වා පිටුපසට ගොස් බැලීමේදී දක්නට ලැබුණේ සැඩ හිරු රැුස්වලට පැණි සියල්ල උතුරා ගොස් පාර දිගේ වැටී ඇති බවය. කෝපයට පත් රියැදුරා ‘‘පැණි හින්දා මගේ වෑන් එකත් ජරා වුණා’’ යැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඩු උනත් කමක් නැහැ සාධාරණයෙන් වැඩ කරන්න (දී)
කරන දේ අවංකවම කළයුතුය. ඔච්චරටම උනනදුවෙක් නම් වාහනය පිටිපස්සෙ ළිපක් තියාගෙන ගියා නම් යනගමන් උතුරන පැණි වලින් ආප්පත් උයන්න තිබුණා.
සාධාරණ වෙන්න (දී)
හොර වැඩ කරනවට හොද වැඩේ. (නි)
කළවම් කරන්න දක්ෂයෝ ඉන්නේ ලංකාවෙනෙ ඉතින්. (නි)
ආයේ ඔයා නුවර යද්දී අපිටත් කියන්න හොදේ. (නි)
අනේද කියන්නේ ඉතින්. (නි)
කළකම් පලදේ (දී)
ආයුස නැති එකක්නේ අසාධාරණය (දී)
අසාධාරණයට වැඩිකල් ජිවත් වෙන්න බැහැ (දී)
හැබෑට පාන් හරි රොටි හරි තිබුණා නම් පිටිපස්සේ ඉදන් පැණිත් එක්ක කකා යන්න තිබුණා. පාන් පැණිත් එක්ක හරි රසයි. (නි)
හොද පදමට හදපු ඒවා නොවෙයි නම් කිතුල් පැණි වලට පොල් පැණි කළවම් නොකළත් ඔය දේ වෙනවා. (නි)
පැණි ද රා ද දන්නෙ නැහැ. (නි)
මේවා හොද ප්‍රවෘත්ති. (නි)