IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අසාධාරණයෙන් දියුණු වෙන්න ගිහින් කිතුල් පැණි වෙළෙඳාම පාඩු කරගෙන

පිට පළාතකින් පැමිණ ඌව පළාතෙන් පෙළවහක් කරගත් අයෙක් තම බිරියගේ නිවෙසේම පදිංචි විය. වෙළෙඳාමේ දක්‍ෂයකු වූ හෙතෙම ගම පුරා ඇවිද කිතුල් පැණි මිලදී ගෙන ඒවා බසයෙන් නුවරට ගෙන ගොස් අලෙවි කළේය. කිතුල් පැණිවලට කිසිවක් කළවම් නොකරන නිසා ඔහුගේ පැණිවලට අධික ඉල්ලූමක් පැවතුණි.
මෙම වෙළෙඳාම නිසා ඔහු වසර කිහිපයකින් ධනවතෙක් විය. ඉඩකඩම් වලට අමතරව තමාගේම වෑන් රථයක හිමිකරුවකු වූ හෙතෙම පසුව කිතුල් පැණි ප‍්‍රවාහනය කළේ එම රථයෙනි. මෙසේ තම ව්‍යාපාරය පවත්වාගෙන යන අතරතුර ඔහුගේ නිවෙසට යාබද නිවෙසේ හිමිකරුට ද මෑතකදී කිතුල් පැණි අලෙවි කිරීමට ආශාවක් ඇති වූයේ තම ගමට පැමිණි ආගන්තුකයාගේ දියුණුව දැකීමෙනි.
ඒ අනුව ඔහුද කිතුල් පැණි වෙළෙඳාම ආරම්භ කර බසයෙන් නුවරට ප‍්‍රවාහනය කළේය. මෙය ලාභ ලබන ව්‍යාපාරයක් බව ටික දිනකින් ඔහු අවබෝධ කර ගත්තේය. ලාභය දෙගුණ කිරීමට කල්පනා කළ හෙතෙම දිනක් කිතුල් පැණිවලට පොල් පැණි කළවම් කර ලීටර් විස්සේ ප්ලාස්ටික් බූලි හතරක ඒවා දමා හිතවතකුගේ වෑන් රථයක පටවා ගෙන නුවර බලා පිටත් විය.
පැයක් පමණ වේලාවක් ගත විය. පිටුපසින් පැමිණි වාහනයක් වෑන් රථයේ රියැදුරාට කතාකොට ‘‘වෑන් එකෙන් ඔයිල් වැටෙනවා’’ යැයි පැවසීය. වාහනය නවත්වා පිටුපසට ගොස් බැලීමේදී දක්නට ලැබුණේ සැඩ හිරු රැුස්වලට පැණි සියල්ල උතුරා ගොස් පාර දිගේ වැටී ඇති බවය. කෝපයට පත් රියැදුරා ‘‘පැණි හින්දා මගේ වෑන් එකත් ජරා වුණා’’ යැයි පැවසීය.
 

 



අදහස් (0)

අසාධාරණයෙන් දියුණු වෙන්න ගිහින් කිතුල් පැණි වෙළෙඳාම පාඩු කරගෙන

චන්දික Thursday, 14 March 2013 03:46 PM

පාඩු උනත් කමක් නැහැ සාධාරණයෙන් වැඩ කරන්න (දී)

:       0       0

ඩයස් Tuesday, 12 March 2013 05:37 AM

කරන දේ අවංකවම කළයුතුය. ඔච්චරටම උනනදුවෙක් නම් වාහනය පිටිපස්සෙ ළිපක් තියාගෙන ගියා නම් යනගමන් උතුරන පැණි වලින් ආප්පත් උයන්න තිබුණා.

:       0       0

වන්නි Tuesday, 12 March 2013 08:00 AM

සාධාරණ වෙන්න (දී)

:       0       0

අකිල Tuesday, 12 March 2013 03:38 PM

හොර වැඩ කරනවට හොද වැඩේ. (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 12 March 2013 11:38 PM

කළවම් කරන්න දක්ෂයෝ ඉන්නේ ලංකාවෙනෙ ඉතින්. (නි)

:       0       0

සරත් Tuesday, 12 March 2013 08:31 AM

ආයේ ඔයා නුවර යද්දී අපිටත් කියන්න හොදේ. (නි)

:       0       0

යසිරු Wednesday, 13 March 2013 09:30 PM

අනේද කියන්නේ ඉතින්. (නි)

:       0       0

සෙනේ Wednesday, 13 March 2013 03:33 AM

කළකම් පලදේ (දී)

:       0       0

රශ්මි Tuesday, 12 March 2013 09:14 AM

ආයුස නැති එකක්නේ අසාධාරණය (දී)

:       0       0

චින්තක Tuesday, 12 March 2013 09:29 AM

අසාධාරණයට වැඩිකල් ජිවත් වෙන්න බැහැ (දී)

:       0       0

මුතුකුඩ Tuesday, 12 March 2013 05:36 PM

හැබෑට පාන් හරි රොටි හරි තිබුණා නම් පිටිපස්සේ ඉදන් පැණිත් එක්ක කකා යන්න තිබුණා. පාන් පැණිත් එක්ක හරි රසයි. (නි)

:       0       0

ලලිත් Tuesday, 12 March 2013 12:05 PM

හොද පදමට හදපු ඒවා නොවෙයි නම් කිතුල් පැණි වලට පොල් පැණි කළවම් නොකළත් ඔය දේ වෙනවා. (නි)

:       0       0

චමින්ද Tuesday, 12 March 2013 01:37 PM

පැණි ද රා ද දන්නෙ නැහැ. (නි)

:       0       0

චානක Wednesday, 13 March 2013 01:47 PM

මේවා හොද ප්‍රවෘත්ති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site