නගරයේ හෝටලයක පැවැති මඟුල් සාදයක පෝරුවේ චාරිත‍්‍ර ඉටු කරන්නට පැමිණි ජෝතිෂ්‍යවේදියකු පමණ ඉක්මවා මත්පැන් පානයකොට සිය බිරියගේ කරපිටින් නිවෙස බලා ගිය බව කියවෙන පුවතකි.
සිද්ධිය මෙසේය
එය එක්තරා හෝටලයක පැවැති මංගල සාදයකි.
මංගල සාදයේ සියලූ කටයුතු තෝරාගත් හෝටලයේ දී සිදු කරන්නට දෙපාර්ශවයේ ඥාතීන් තීරණය කර තිබු අතර දෙපාර්ශවයේම පිරිස් උදෑසන සිටම ඒ සදහා සූදානම් වූවේ කිසිදු අඩුවක් තබන්නට ඉඩ නොතබමිනි.
මංගල උත්සවයේ ප‍්‍රධානතම අංගය වූ අෂ්ටක කීම හා පෝරුවේ චාරිත‍්‍ර ඉටු කිරීමද එම ප‍්‍රදේශයේම ජෝතිෂවේදියකු වෙත පවරා තිබිනි.
ජාතික ඇඳුමින් සැරසුණ ජොතිෂවේදියා උදෑසනින්ම එම ස්ථානයට පැමිණි අතර ඔහුගේ බිරියද ඒ සමග විය.
නියමිත නැකත්වලට අනුව එහි සියලූ කටයුතු අඩුවක් නැතිව ඉටුකළ ජෝතිෂවේදියාට මනාලියගේ පාර්ශවයෙන් මෙන්ම මනාලයාගේ පාර්ශවයෙන්ද දහසින් බැඳි පියලි පිරිනැමුනේ ඔහුගේ සේවයද මහත්සේ අගය කරමිනි.
තෑගි බෝග ලැබුණ ද ඔහු පිටත්ව යන බවක් නොපෙණුනි.
ටික වේලාවක් ගත වෙද්දි ඔහු මංගල උත්සවයේ මත්පැන් සාදය දෙසට ඇදී ගියේ කාන්දමක් පරිද්දෙති.
ටික මොහොතක් ගත වෙද්දී හොඳ හැටි පදම් වූ ඔහු යළිත් අෂ්ටක කියන්නටත් නවීන පන්නයේ හින්දි ගී ගයන්නටත් පටන් ගත් අතර එහි සිටි ............... පිරිසටද එය මහත් විනෝදයක් විය.
කෙසේ වෙතත් සිනාව ඉක්මවූ මෙම පුද්ගලයා තවත් මොහොතක් ගත වෙද්දි සාදය පැවැති මේසයක් අසලම හතර ගාතය දමා ඇද වැටුණු අතර මංගල සාදය ද එකම අවුල් ජාලයක් බවට පත්විය.
කෙසේ වෙතත් පැයකට ආසන්න කාලයක් ඒ දෙස බලා සිටි පිරිස අතරේ සිටි කාන්තාවක් වහා ඔහු වෙත පැමිණ ඔහු වත්තම් කරගෙන හෝටලයෙන් එළියට බැස්සේ ‘‘ආව වැඬේ කරල ගෙදර යන්න දන්නේ නැති’’ යැයි තම සැමියාට දෙස් දෙවොල් තබමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වෙලාවට පෝරුවේ චාරිත්‍ර ටික ඉවර කරලම බිව්වේ., නැත්නම් ඉතින් කපුවත් කපෝති. (නදී)
පමණ ඉක්මගියාම මිනිසුන්ට උන් හිටි තැන අමතක වෙනවා.මොකවත් නෙමෙයි ඔය බිමට තියෙන ගිජු කම.(දී)
අරක්කු නිසා මේ ලෝකේ කී දෙනෙක් නම් දුක් විදිනවා ඇතිද (දී)
ජානකි, ඔයාට පිස්සුද? මොනවද මේ කියන්නේ? (නි)
අරක්කු කිව්වහම අපේ මිනිස්සුන්ට ඔක්කොම අමතක වෙනවා, (දී)
කටගොන්නක් බීලා ඒ මදිවාට නෝනාගේ කරපිටින් ගිහින් තියෙන්නේ. මොනතරම් මිනිසුන් අරක්කු වලට පෙරේතද? (නි)
ඇයි ජානකී එහෙම කියන්නේ. ඔහුගේ අදහස් හරි පළපුරුද්දක් තියෙන නිසානේ එහෙම කියල තියෙන්නේ. මට නම් පේන්නේ ඔයාටයි පිස්සු. (නදී)
මත්පැන් බිවු විට මානසික වින්දනයක් ඇතැයි සිතන්නේ මානසික ගැටළුවක් ඇති අයයි. (නි)
සුරන් ඔයා නම් මට පෙන්නේ මානසික රෝගියෙක් කියලා (නදී)
මමත් මත් වතුර බිල තියනවා එකෙන් පොඩි මානසික වින්දනයක් තියනවා. නමුත් අද කාලේ මිනිස්සු අරක්කු බොන්නේ හෙට ලෝක විනාසේ එනවා වගේ. මම ලගදී ගියා කදාන පැත්තේ මගුල ගෙදරක 4-5 දෙනෙක්ම බිල වමනේ දාල හතරගාතෙන් ගෙදර ගෙනිච්චේ. බිරින්දෑවරු දරුවෝ පුදුම විදිහට අසරණ වෙලා ඒ මිනිසුන්ගේ. (නදී)
මමත් තරුණ කාලේ ඔය මෝඩ වැඩේ කළා. බිව්වම පොඩි ජොලියක් තිබුනට පහුවදා තියෙන අමාරුව , තෙහෙට්ටුව, විශේෂයෙන් ගෙදර සමගිය සහ සමාජයෙන් ලැබෙන අවනම්බුව නිසා පස්සේ බීමයි දුම් පානයයි දෙකටම තිත තැබුවා අකුරටම. දැන් කාලේ තරුණ ළමයි වැඩි දෙනෙක් ඔය වගේ මෝඩ කම් කරන්නේ නැති එක සතුටක්.(නදී)
කාන්තාවන්ට තිබෙන මෝස්‌තර ගිජුකම තරම් පිරිමින්ට මත්වතුර ගිජුකමක් නැහැ. සමහර වෙලාවට සීමාව ඉක්මවා යනවා. (නි)
අජිත්, ඔයාට පෙනෙන්නේ ජානකීට පිස්සු වගේද? මටත් එහෙමනේ! (නි)