(ගලහ - ඩබ්.ඒ. අසේල)
මිතුරා අවුරුද්දට ගෙනත් දුන් අරක්කු බෝතලය පැණි බෝතලයක් වීමේ පුවතක් ගලහ ප්‍රදේශයෙන් වාර්තා වේ. අවුරුද්දට නෑගම් යෑම තවමත් ඉවර වී නැති බැවින් උඩදුම්බර ගම්බද පෙදෙසක ජීවත්වන තම මිතුරකු පවුලේ උදවිය ද සමග පසුගිය සෙනසුරාදා දින මෙම මිතුරාගේ නිවෙසට පැමිණ ඇත.
අවුරුද්දට කැවිලි පෙවිලි පාර්සලයක් ගෙන දුන් මිතුරා මෙය පරෙස්සමෙන් තබන ලෙසත් කැඩුණොත් අපරාදේ යනුවෙන් ප්‍රකාශ කොට ඇත. කැඩුණොත් අපරාදේ යනුවෙන් පැවසූ නිසා හොරෙන්ම පාර්සලය දිගැර බැලූ ඔහු එහි අරක්කු බෝතලයක් තිබෙනු දැක කාටත් හොරෙන් එම බෝතලය පැත්තක තබා කැවිලි පාර්සලය බිරියට දී තිබේ. පසුදින තවත් මිතුරකු නිවෙසට පැමිණි විට ඊයේ මගේ අහවල් මිතුරා ආවා. කවදාවත් නැතුව බෝතලයකුත් ගෙනාවා.
අපි දෙන්න ටිකක් පාවිච්චි කරමු කියා බෝතලය ගෙන බීමට සූදානම් වන විටයි තේරී ඇත්තේ අලුත් හිස් අරක්කු බෝතලයකට කිතුල් පැණි දමාගෙන ඇවිත් තිබෙන විත්තිය. යහලුවාට ලැජ්ජාවක් ඇති වුවද වෙච්ච ඇබැද්දිය ගැන බෝතලය ගෙනා මිතුරාට ද දුරකතනයෙන් පවසා සියලු දෙනාම සිනාසී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කාලේ වසේ වාසේ කියලා කිව්වලු (ම)
මිතුරාට කියන්න තිබුෙණ් මේකේ පැණි බෝතලයකුත් තියෙනවා .පරිස්සමින් අරන් තියන්න කියලා (ම)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු! බෝතලයක ලේබලයක් දැක්කත් වෙරිවෙන සමාජයක් මේක (නි)
අරක්කු බොන, බීලා නහින සමාජයක අරක්කු බෝතයක් දැක්කත් වෙරි වී හොඳ සිහිකල්පනාව නැතිකර ගැනීමට තරම් නූතන මිනිසා උන්මත්තක වී තිබීම ජාතියේම අවාසනාවකි. (නි)
දෙන්නටම පැණි බී මත්වෙන්නයි තිබ්බේ. (හේ)