IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අවුරුද්දට දුන් අරක්කු බෝතලය පැණිවෙලා

(ගලහ - ඩබ්.ඒ. අසේල)

මිතුරා අවුරුද්දට ගෙනත් දුන් අරක්කු බෝතලය පැණි බෝතලයක් වීමේ පුවතක් ගලහ ප්‍රදේශයෙන් වාර්තා වේ. අවුරුද්දට නෑගම් යෑම තවමත් ඉවර වී නැති බැවින් උඩදුම්බර ගම්බද පෙදෙසක ජීවත්වන තම මිතුරකු පවුලේ උදවිය ද සමග පසුගිය සෙනසුරාදා දින මෙම මිතුරාගේ නිවෙසට පැමිණ ඇත.

අවුරුද්දට කැවිලි පෙවිලි පාර්සලයක් ගෙන දුන් මිතුරා මෙය පරෙස්සමෙන් තබන ලෙසත් කැඩුණොත් අපරාදේ යනුවෙන් ප්‍රකාශ කොට ඇත. කැඩුණොත් අපරාදේ යනුවෙන් පැවසූ නිසා හොරෙන්ම පාර්සලය දිගැර බැලූ ඔහු එහි අරක්කු බෝතලයක් තිබෙනු දැක කාටත් හොරෙන් එම බෝතලය පැත්තක තබා කැවිලි පාර්සලය බිරියට දී තිබේ. පසුදින තවත් මිතුරකු නිවෙසට පැමිණි විට ඊයේ මගේ අහවල් මිතුරා ආවා. කවදාවත් නැතුව බෝතලයකුත් ගෙනාවා.

අපි දෙන්න ටිකක් පාවිච්චි කරමු කියා බෝතලය ගෙන බීමට සූදානම් වන විටයි තේරී ඇත්තේ අලුත් හිස් අරක්කු බෝතලයකට කිතුල් පැණි දමාගෙන ඇවිත් තිබෙන විත්තිය. යහලුවාට ලැජ්ජාවක් ඇති වුවද වෙච්ච ඇබැද්දිය ගැන බෝතලය ගෙනා මිතුරාට ද දුරකතනයෙන් පවසා සියලු දෙනාම සිනාසී ඇත.



අදහස් (0)

අවුරුද්දට දුන් අරක්කු බෝතලය පැණිවෙලා

නිශාන්ත හේවගේ Wednesday, 27 April 2016 03:48 AM

අනේ කාලේ වසේ වාසේ කියලා කිව්වලු (ම)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 27 April 2016 05:24 AM

මිතුරාට කියන්න තිබුෙණ් මේකේ පැණි බෝතලයකුත් තියෙනවා .පරිස්සමින් අරන් තියන්න කියලා (ම)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 27 April 2016 01:02 AM

අනේ කාලේ වනේ වාසේ කිවුවලු! බෝතලයක ලේබලයක් දැක්කත් වෙරිවෙන සමාජයක් මේක (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 27 April 2016 01:35 AM

අරක්කු බොන, බීලා නහින සමාජයක අරක්කු බෝතයක් දැක්කත් වෙරි වී හොඳ සිහිකල්පනාව නැතිකර ගැනීමට තරම් නූතන මිනිසා උන්මත්තක වී තිබීම ජාතියේම අවාසනාවකි. (නි)

:       0       0

සිරිල් Thursday, 28 April 2016 05:43 AM

දෙන්නටම පැණි බී මත්වෙන්නයි තිබ්බේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site