(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
අවුරුද්දට පොල් ගේන්න දුන් සල්ලිවලින් පොල් අරක්කු ගෙනැවිත් බිරියගෙන් බැනුම් ඇසූ සැමියකු පිළිබඳව රත්නපුරයට නුදුරු ගමකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඔහු දිනපතා මත්පැන් පානය කරන පුද්ගලයෙකි. දිනක් ඔහු නිවසින් පිටව යාමට සැරසෙන විට ඔහුගේ බිරිය ඔහු අමතා “හැමදාම බොන එකේ ඕක නවත්තලා දානවා” යැයි ඔහුට කියා ඇත.
එවිට ඔහු “හාමිනේ මමත් අවුරුද්ද හින්දා වෙනසක් කරන්න හිතුවා” යැයි පවසා ඇත. “දැන් ඔය කොහෙද යන්නේ” යැයි බිරිය ඇසූ විට “මම යනවා පොල් ගේන්න” යයි පවසා ඇත. “ඇති යන්තම් ගෙදරට මොනවා හරි ගේන්න හිතුවා. අවුරුදු හින්දා එක පාර පොල් ටිකක් වැඩිපුර ගෙන්න මංගාවත් රුපියල් දෙදහක් තියෙනවා. මෙකත් දාලා ගේන්න” යැයි පවසා රුපියල් දෙදහස ඔහුට ලබාදී ඇත. “මේවා යුතුකම් හාමිනේ වෙනසට හාමිනේත් කැමැතියි වගේ” යැයි පවසා ඔහු නිවසින් පිටව ඇත.
දොදොල් සෑදීම සඳහා පොල් ගෙනෙනතුරු සවස් වෙනකම් බලා සිටියත් ඔහු නොපැමිණි අතර, රාත්‍රියේ දී කළු කවරයක් ද ගෙන සැමියා හතර ගාතෙන් එනු දුටු ඇයට යකා නැග්ගාය.
“ඔය වෙනසක් කරපු හැටි නේද? කෝ පොල්” යැයි ඇසූ විට “මේ තියෙන්නේ හාමිනේ බඩු. හැමදාම ගල් ගහලා එපා වෙලා. අවුරුද්දට වෙනසක් කරන්නත් එක්ක පොල් ගත්තා” යැයි පවසා ඇත. සැමියාගේ උගුලට තමා අසුවූ බව බිරියට අවබෝධ වුණේ එවිටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් හාමිනේට එලොව පොල් පේන්න ඇති. (බ)
ඔය වගේ මිනිස්සූ ඕනේ තරම්.(හේ)
බලු වලිගෙ උණ පුරුකේ දැම්මත් නැහැ අද ඇරෙන්නේ! ගෙනාපු පොල් බෝතලෙන්ම දුන්නා නම් හොඳ පාරක් ආයෙත් නම් මේ වගේ වැඩ කරන එකක් නැහැ (නි)
පොල් ගෙඩියක් කීයද? රුපියල් 2000 ක් කියන්නේ ලොකු මුදලක්නේ. හැබැයි ලංකාවේ ඉන්න අපේ නෑදෑයොත් සල්ලි වියදම් කරන හැටි දැක්කම ලංකාවට යන්නත් බය හිතෙනවා. (නි)
මේ වගේ මිනිස්සු මොනවා කරලාවත් හදාගන්න බැහැ පිටබැද්දර ජයා. බෝතලේකින් ගැහුවා කියලා මිනිසුන්ගේ සැබෑ ජීවන ගැටලුවලට විසඳුම ලබාගන්න බැහැ. වැඩිපුරම වැරදි විදිහට මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නේ කිරිදරුවන්ගේ පියවරු වීම අතිශය අවාසනාවන්ත තත්වයක්. (නි)
දැන් කාලේ පිරිමි විතරක් නෙවෙයි කාන්තා පක්ෂය පවා මධ්‍යසාර භාවිතයට දැඩිව ඇබ්බැහි වී ඇති ප්‍රවණතාවයක් විද්‍යමාන වේ. සුපිරි වෙළඳ සැල්වල විකිනීමට ඇති අධි සාන්ද්‍ර මධ්‍යසාර වර්ග බහුලව මිලදී රැගෙන යනු දකින්නේ ස්ත්‍රී පක්ෂය වේ. ඔවුන්ද සුපිරි පැළැන්තියට අයත් බව ඔවුන් පැමිණෙන ලක්ෂ 50 - 80 නවීන පන්නයේ ජපන් මෝටර් රථ අනුව පැහැදිලි වේ. (බ)
ශ්රී ලාංකික පිරිමි මධ්‍යසාර භාවිතයට බොහෝ වශයෙන් ඇබ්බැහි වී තිබීම නූතන සමාජ ප්‍රවණතාවයක් වී ඇත. නූගත් පිරිමි පමණක් නොව විවාහක උගත් පිරිමි පක්ෂය පවා මේ මට්ටමට අද පත්ව ඇත. පියා අනුකරණය කරමින් මත්ද්‍රව්‍ය පානයට කුඩා කාලේ සිටම දරුවන්ද යොමුවීම දැඩි සමාජ උපද්‍රවයක් බවට නූතනයේ පත්ව තිබේ. (නි)
දුන්නනම් අර වෙදමහත්තයාගේ අරිශ්ටේ ටිකක්. ඇඟේ අමාරුව විතරක් නොවෙයි දීගේත් අත ඇරෙනවා සත්තයි. (බ)