IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අවුරුදු පාටියක් දී යාළුවකුගේ දත් දෙකක් ගලවලා

(ගල්ගමුව - නිහාල් ජයවීර)
අලුත් අවුරුදු සාදයක දී ශබ්ද නඟා නොනවත්වා දෙඩවූ තරුණයකුට දත් දෙකක් අහිමිවී අවසානයේ රෝහල් ගතවීමට සිදුවූ සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් වාර්තා වේ.


ගල්ගමුව පොලිස් වසමේ ගමක පදිංචි අයකු සිය හිතමිතුරන්ට අවුරුදු සාදයක් පැවැත්වීමට තීරණය කොට ඇත්තේ අප්‍රියෙල් මස උදා වීමටත් පෙරය. ඒ අනුව අලුත් අවුරුදු දිනය ගෙවි දින තුන හතරකට පසු යෙදුණු දිනයක් ඔහු තෝරා ගත්තේය. හිතවතුන්ට ඒ සඳහා සහභාගිවීමට කල්තියාම ඇරියුම් කොට තිබේ.


දිනය උදාවිය. හිතවත්හු මිතුරාගේ නිවසට පැමිණියහ. සාදයට මත්පැන් ද කටගැස්ම ද සරුවට එක් කිරීමට ගෙහිමියා වගබලාගෙන තිබුණි. පැමිණි ආරාධිතයෝ ද, හොඳහැටි මත්පැනින් සප්පායම් වූහ.


ඒ අතර සිටි ආරාධිත මිතුරකුගේ ‘රතුකට්ට’ පැන තිබුණි. හේ මහවේගයෙන් කතා කරමින් වචාලකම් කියන්නට පටන් ගත්තේය. ගෙහිමියා සිය මිතුරාට සෙමින් කථා කරන්න යැයි කීප වරක්ම කී නමුත් ඔහු ඊට අවනත නොවීය.


“කටවහ ගන්න” යයි කියමින් ගෙහිමියා ආරාධිත මිතුරා පසෙකට තල්ලු කොට තිබේ. බමන මතින් සිටි මිතුරා පසෙකට විසිවී ගොස් මුණින් අතට බිම වැටී තිබේ. ඔහුගේ දත් දෙකෙක් ද බිම පතිතවී තිබෙන අතර කටින් ලේ ගලා එන්නට විය.


වහාම ඔහුව ගල්ගමුව මූලික රෝහලටත් පසුව කුරුණෑගල මහ රෝහලටත් මාරු කර යවා තිබේ.


ගෙහිමියා පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ.


ගල්ගමුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද නයනසිරි මහතාගේ උපදෙස් මත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (1)

අවුරුදු පාටියක් දී යාළුවකුගේ දත් දෙකක් ගලවලා

apeksha Tuesday, 23 April 2019 09:28 AM

කට නිසානේ මාළුවත් නහින්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site