අවුරුද්දට අසල්වැසි නිවෙසට වැරැදීමකින් කසිප්පු බෝතලයක් රැගෙන ගිය අපූරු පුවතක් බස්නාහිර පළාතේ ගමකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඔවුන් අවුරුද්දට තෑගි දීමට තෝරා ගෙන ඇත්තේ බීම බෝතල්ය. මෙම නිවෙසේ හිමිකරු හොර කසිප්පු විකුණන පුද්ගලයකු වන අතර ඔහු පොලිසියෙන් කසිප්පු බෝතල් සැඟවීමට කවරවල දමා කුස්සියේ තබා අලෙවි කටයුතු සිදුකර තිබේ.
අවුරුදු දා බිරිය අසල්වාසී ගෙදරකට යාමට සූදානම්ව ඇයගේ බාල පුතු අමතා “පුතේ අර කුස්සියේ ඇති බ්‍රවුන් පේපර් එකකින් ඔතපු බීම බෝතලයක් අරන් එන්න යැයි පවසා ඇත. කුස්සියට දිවගිය බාලපුතා කුස්සිය මුල්ලේ තිබූ බෝතලය රැගෙන අසල්වැසි ගෙදරට ගොස් තෑගි ලබා දී පැමිණියේය.
පසු දින අසල්වැසි නිවෙසේ නිවැසියා සිය මිතුරා සොයා පැමිණ “උඹ මාර පොරක්නේ මම වැලේ වැල් නැතිව හිටිය වෙලාවේ ගෙදරටම බඩු එවුවනේ අපේ ගෑනි බනින හින්දා මට මේ පැත්තට එන්නත් බැරිවයි හිටියේ” යැයි පවසද්දී නිවැසියාට දෙවියන් සිහි වුණාලු...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට මොකද, අවුරුද්ද හොදින් සමරන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්නේ.