සිංහල අලූත් අවුරුද්දට නෑගම් යාම ඈත අතීතයේ සිටම මේ දක්වා නොනැසී රැකගෙන ආ පුරුද්දකි. අලූත් අවුරුද්දේ පුණ්‍යකාලයෙන් පසු වැඩ අල්ලා ගනුදෙනු කිරීමෙන් පසු තම තමන්ගේ නෑ හිතමිතුරන්ගේ නිවෙස් කරා ගොස් කා බී නිවී සැනසිල්ලේ පසුවීම වැඩිදෙනාගේ විනෝදාංශයකි. එදා අවුරුද්ද කලඑලි ගැන්වූ කැවුම්. කොකිස්, අතිරස හා ආස්මී ආදී කැවිලි පෙවිලි ආදිය නිවෙසේ සෑදීම වෙනුවට වෙළඳ සැල්වලින් මිලට ගැනීමට වැඩිදෙනා කැමැත්තක් දක්වන බැවින් නෑදෑ හිතමිතුරු නිවෙස් කරා යාමේදී මඟතොටේ වෙළඳසලකින් කේක් ගෙඩියක් හා කෙසෙල් ඇවරියක් ගෙන යෑම අද බොහෝ විට සිදුවන්නකි. මේ අතර මාටින් අයියාද, අසල්වැසියකුගේ නිවෙසට ගෙන යෑම සඳහා කේක් ගෙඩියක් ගෙන ආවේය. මේ දුටු ඔහුගේ දියණිය ”තාත්තේ මේ කේක් එක අපිටම ආපසුඑයිද බලන්න පෙට්ටියේ සළකුණක් දාමු” යැයි පවසා එම පෙට්ටියේ සලකුණක් දැම්මාය. සතියක් දෙකක් ගත විය. ගමේ හිතවත් ඥාතියෙක් මාටින් අයියාගේ නිවෙසට පැමිණියේ හිස් අතින් නොව අලූත් අවුරුදු තෑගිද රැගෙනය. දින ගණනාවක් ගම පුරා කරක් ගැසූ අවුරුදු කේක් ගෙඩිය සති දෙකකට පසු පළමු හිමිකරු වූ මාටින් අයියාටම ලැබී තිබුණි.
1
යළිත් අයි.එම්.එෆ්. ගිවිසුමක් නෑ ආර්ථිකය හැසිරවීම ආණ්ඩුවේම ක්රමයකට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd