අවුරුදු උත්සවයකදී මඬේ දිවීමේ තරගයකදී සංවිධායක මණ්ඩලයට උදව් කිරීමට ආ අයට ගෙනා සබන් කෑල්ලක් වැරදීමකින් ජයග්‍රාහකයාට ලබා දී වූ ජංජාලයක් සබරගමු පළාතේ අවුරුදු උත්සවයකින් වාර්තාවේ. සිද්ධිය මෙසේය.
මෙම අවුරුදු උත්සවයේ විවිධ අවුරුදු ක්‍රීඩාවලට අමතරව මඬේ දිවීමේ තරගයක් ද සංවිධානය කර තිබිණි. මඬේ දිවීමේ තරගය සඳහා වටිනා ත්‍යාග ලබාදෙන බවට ද දැනුම් දී තිබිණි. මඬේ දිවීමේ තරගය ඇතුළු සෑම තරගයකටම එවෙලේම තෑගි ලබාදීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබුණු අතර මඬේ දිවීමේ තරගයේ ජයග්‍රාහකයින් තිදෙනාට ද තරග අවසානයේ ත්‍යාග ලබාදුන්නේය. කෙසේ වෙතත් මෙම තරගයේ ජය ලබා තිබුණේ ගමේ චණ්ඩියෙකි.
පාර්සලය පොඩි වුවත් වටිනා දෙයක් ඇති බව සිතා ඔහු නිවෙසට ගොස් ඇත්තේ පිරිසුදු වී නැවත පැමිධෑමටය. පාර්සලය ලිහා බැලූ ඔහුට දෙවියන් සිහිවිය. එහි ඇත්තේ බේබි සබන් කැටයකි. වහා අවුරුදු උත්සවයට පැමිණි ඔහු “ආ මල්ලිලා මාව ජෝක් එකට ගත්ත ද” යැයි ඇසුවේ සරම කැහැපට ගසා ගනිමිනි. “මොකද අයියේ වෙලා තියෙන්නේ” යැයි සංවිධායක මණ්ඩලයේ පුද්ගලයකු ඇසූ විට ඔහු බේබි සබන් කැටය පෙන්වා ඇත. “අනේ සොරි අයියා වැරදීමක්, අපි ඕක ගෙනාවේ උත්සවයට උදව් කළ පොඩි ළමයින්ට දෙන්න” මෙන්න ඔයාගේ තෑග්ග මේක වටිනා අත් ඔරලෝසුවක් පාර්සල් දෙකම පොඩි නිසා කලබලයට පැටළුණා. ප්‍රශ්නය නිරාකරණය විය.
(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අවුරුදු උළෙලේ මඬේ දිව්වාට තෑග්ග සබන් කෑල්ලක්
ජයන්ත Thursday, 21 April 2016 12:46 PM
චන්ඩිය චන්ඩිකම නිසාම තෑග්ග ගත්තා , සාමානය කෙනෙකුට ඕක වුනානම් කියාවි මඩේ දුවන අයට ඇඟ සෝදාගන්න සබන් නැතුව වෙන අහවල් දෙයක් දෙන්නද කියලා !(හේ)