(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
අවුරුදු උත්සවයක් පවත්වා සවස් කාලයේ කාව්‍යමය ධර්ම දේශනයක් පවත්වන බව පවසා ගම්වාසීන්ගෙන් ආධාර එකතුකොට උත්සවය අවසානයේ සංගීත සාජ්ජයක් පැවැත්වූ පිරිසක් පිළිබඳව දකුණු පළාතේ ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය.
සිංහල අලුත් අවුරුද්දට පෙර සිටම ආධාර එකතු කිරීමට සංවිධායකයින් කටයුතු කර තිබුණි. සමානාත්මතාව, විනිවිදභාවය, සංස්කෘතිය, සිරිත් විරිත්, සමාජවාදය ගැන උදම් අනන වැඩිහිටිපිරිසක් ද උත්සවය සඳහා උපදෙස් දීමට හා මගපෙන්වීමට එකතුවී සිටි බවද පැවසේ. කවි බණ ඇසීමේ අරමුණින් ගම්වැසියන් රුපියල් සියය, පන්සියය දහස ආදී ලෙස ආධාර ලබාදීම ද සිදුකර ඇති බව පැවසේ.
බක්මහ උළෙල අවසානයේදී සංවිධායක කමිටුවේ සාමාජිකයින් සංගීතයට නටන්නට පටන් ගත් අතර එය මධ්‍යම රාත්‍රිය පසුවනතෙක්ම පැවැති බව වාර්තාවේ. ශබ්දවාහිනී උපකරණ හා අනෙකුත් පහසුකම්ද ඒ ඒ ආයතන නොමිලේම සපයා තිබූ නමුදු ආධාර ලබාදුන් පිරිස පිංකමේ ආනිශංස ගැන සඳහන් කරමින් ප්‍රතිචාර දැක්වීම ආරම්භ කිරීම හේතුවෙන් සංවිධායක පිරිස ප්‍රසිද්ධියේ ගමන් බිමන් යෑමෙන්ද වැළකී ඇතැයි එම ප්‍රදේශයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් පැවසේ. මගපෙන්වූ වැඩිහිටි පිරිස ද ගමේ දක්නට නොලැබෙන බවටද තොරතුරු අනාවරණය වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අවුරුදු උළෙල අවසානයේ බණ යටගිහින් සංගීතය මතුවෙලා