IMG-LOGO

අවුරුදු උත්සවයේදී නිවේදක පුතා මවට ඇන්ටි කියා අමතලා

අවුරුදු උත්සවයක නිවේදන කටයුතු කළ තරුණයකු සිය මවට ද ඇන්ටි කියා ආමන්ත‍්‍රණය කරමින් තෑගි ප‍්‍රදානය කිරීම සඳහා ඇරියුම් කළ පුවතක් අගනුවරට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබේ.

එය ප‍්‍රදේශයේ වැඩිහිටියන්ගේ අනුශාසනා යටතේ තරුණ පිරිසක් විසින් මෙහෙයවනු ලැබූ අවුරුදු උත්සවයකි. කෙසේ වෙතත් තරගවල ජයග‍්‍රාහකයන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීම සඳහා වැඩිහිටියන්ට ආරාධනා කිරීමට ඔවුන් විසින් පියවර ගෙන තිබිණි.

නිවේදන කටයුතු කළ තරුණයා ඒ සඳහා ඔවුන්ට ආරාධනා කළේ ඔවුන්ගේ නම අගට අංකල් හෝ ඇන්ටි වශයෙන් යෙදීමෙනි. බොහෝ දෙනා තමන් දන්නා හඳුනන අසල්වැසි අය වූ බැවින් එසේ ඇමතීමට ඔහු තීරණය කළා විය හැකිය. ඊළඟට එළැඹියේ කණා මුට්ටිය බිඳීමේ තරගයේ ජයග‍්‍රාහකයාට ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවයි. ඔව්, මා මීළඟට කණා මුට්ටිය බිඳීමේ ජයග‍්‍රාහකයාට ත්‍යාග ප‍්‍රදානය කිරීම සඳහා ආරාධනා කර සිටිනවා අපගේ සමන්මලී ඇන්ටීට.

නිවේදක තරුණයා එසේ ආමන්ත‍්‍රණය කළේ ඔහුගේ මවට බැව් දන්නා එහි සිටි බොහෝ දෙනකු විමතිය පළකළ අතර ඇතැමෙක් හඬ නඟා සිනාසුණහ. කෙසේ වෙතත් ආරාධිතාව කිසිදු වෙනසක් නොපෙන්වමින් ගොස් ත්‍යාග පිරිනැමීමේ කටයුත්ත සිදු කළාය.



අදහස් (0)

අවුරුදු උත්සවයේදී නිවේදක පුතා මවට ඇන්ටි කියා අමතලා

අකිල Sunday, 27 April 2014 05:00 PM

අපිට මාමේ කියල කතා කරන කොට ඕව මහා දේවල් නෙමෙයි. (දී)

:       0       0

දුලන්ත Saturday, 26 April 2014 01:57 PM

මටත් හිතෙන්නේ සමන්ත හරි. ඔහු මෙතැනදී කටයුතු කරන්නේ මධ්‍යස්ත නිවේදකයෙක් විදිහටනේ. අපේ අම්මටත් ආරාධනා කරනවා කිව්වා නම් එතන නිකන් මධ්‍යස්ථ බව බිදෙනවා වගේ. (අ)

:       0       0

ධම්ම Saturday, 26 April 2014 03:33 PM

මහත්මය මහත්මිය කිවවා නම් තමා හරි. ඒත් මා දන්නා විදේශයක හැදුනු හා අධ්‍යාපනය ලත් දරුවෙක් එයාගේ අම්මට තාත්තට කතා කරන්නේ නම කියලා. ඒ දෙමවුපියනුත් එය ආඩම්බරයෙන් අනුමත කරනවා. (අ)

:       0       0

සමන්ත Friday, 25 April 2014 09:17 PM

මම හිතන්නේ කොල්ලා හරි කියල. නිවේදන කටයුතේදී එයා ස්වාධීනයි (ස)

:       0       0

සාරංග Friday, 25 April 2014 09:19 PM

මේක ප්‍රශ්නයක්ද? (අ)

:       0       0

ආනන්ද Monday, 28 April 2014 05:22 PM

සමහර බිරින්දල ස්වාමිපුරුෂයාට තාත්තේ කියල අමතනවා. ඒ තමන්ගේ දරුවන්ගේ තාත්ත නිසා. ඒ වගේම ස්වාමිපුරුෂයෝ බිරිඳට අම්මේ කියල අමතනවා ඒ තමන්ගේ දරුවන්ගේ අම්මා නිසා. මෙතනත් මේ තරුණයා තමන්ගේ හිතවත් අසල්වැසි සහෝදර සහෝදරියන්ගේ "සමන්මලී ඇන්ටි" ට ආරාධනා කරන්න ඇති. (ස)

:       0       0

මාධවී Tuesday, 29 April 2014 06:30 AM

මම නම් හිතන්නේ එක වරදක් නැහැ කියල.මගේ යහළුවෙක් හිටිය අපිට උගන්නපු ගුරුවරයෙක් එයාගේ බාප්පා.පාසලෙන් පිටතදී අ ය ඔහුට බාප්පා කීවත් පාසැල ඇතුලතදී ඇමතුවේ සර් කියල (දී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 28 April 2014 10:39 AM

නිවේදකයා හරි. එයා කතා කරන්නේ තමන් ගැන නෙවෙයි. එයා සමස්ත සභාවම නියෝජනය කරන නියෝජිතයා. එයා කෙනෙකුට ඇන්ටි කියල කිව්වොත් එයින් ඇඟවෙන්නේ හැමෝගෙම ඇන්ටි කියලා. නැතිව එයාගේ ඇන්ටි කියන එක නෙවෙයි. ඒ හන්ද අම්මට වුණත් කතා කළ යුත්තේ ඇන්ටි කියලා. එයාට අම්ම වුණාට අනෙක් හැම කෙනාටම ඇන්ටි. (ස)

:       0       0

නුවන් සඳරුවන් Saturday, 26 April 2014 05:59 AM

අපට පුතේ කියන රටේ මේක පුදුමයක් නෙමෙයි.(නදී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 26 April 2014 08:14 AM

මෙතැනදී පුතා නිවේදකයෙක්නේ. එයා නිවරදියි කියලයි මට නම් හිතෙන්නේ. වැඩිහිටි හැමෝටම "මහත්මය මහත්මිය කියල" කිව්වා නම් තමයි වැඩිය සුදුසු. (නදී)

:       0       0

නෙඉල් Tuesday, 29 April 2014 04:14 PM

ඔහු ඇන්ටි කීවේ අන් අය වෙනුවෙන් (දී)

:       0       0

තමිත් Sunday, 27 April 2014 10:14 PM

මහත්මිය කියල" කිව්වා නම් තමයි වැඩිය සුදුසු මම හිතන්නේ කොල්ලා ටිකක් හරි කියල. මවට ලජ්ජහිතෙන්න ඇති . (දී)

:       0       0

නුවනි Tuesday, 29 April 2014 09:11 AM

අනේ මෙහෙමත් වැඩක්. (ස)

:       0       0

සුනිල් පෙරේරා Sunday, 27 April 2014 03:02 AM

නිවේදන කලාවේ මහපටගිල්ලෙන් උඩටවත් දකින්ට නොහැකි රටක්. ආසියාවේ ආස්ච්ර්යට හිමිකම් කියන දැවැන්තයන් තම මව සභා ව මැද දීම වැළදගෙන සිප ඇය සමගම පැමිණ ත්‍යාග ලබාදෙන බව මා විස්වාස කරමි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site