සිංහල අවුරුදු උත්සවය සඳහා ආධාර එකතු කිරීමට ගිය අවස්ථාවේ ආධාර පත‍්‍රයේ කනා මුට්ටි බිඳීමට එන බවට සඳහනක් කළ ගැමියකු පිළිබඳව සියනෑවේ ගම්මානයකින් වාර්තා විය.
උතුරු දුම්රිය මාර්යට සමීප ගම්මානයකි. තරුණ පිරිසක් අවුරුදු උත්සවයක් පැවැත්වීමට තීරණය කොට ගම්වාසීන්ගේ සහාය ලබාගැනීමට තීරණය කෙරිණි. මේ අනුව පිරිසක් ගෙන් ගෙට ගියේ මුදලින් හෝ ද්‍රව්‍යමය ආධාර ලබාගැනීමේ අදහසිනි.
රුපියල් දහස, පන්සීය බැගින් මුදල් ආධාර ලැබිණි. ඒ අතර විවිධ තරග සඳහා ත්‍යාග ලබාදීමට ද සමහරුන් ඉදිරිපත්ව ඒ බව ආධාර පත‍්‍රයේම සටහන් කරනු ලැබීය. තරමක් මසුරකු වූ ව්‍යාපාරිකයකුගේ නිවෙසට මේ පිරිස ගියේ නොගියොත් එය හේතුවක් කරගෙන දොස් ඇසීමට සිදුවනු ඇතැයි යන කාරණාව මතය.
කණ්ඩායමේ නායක, තරුණයා අරමුණ පැහැදිලි කළේය. මුදලින් හෝ වෙනත් ආධාරයක් ලබාදිය හැකි බව කීය. හොඳයි හොඳයි ගැඹුරු හඩින් පැවසූ ව්‍යාපාරිකයා ආධාර පත‍්‍රය රැගෙන ගෙට ගියේය. ටික වේලාවකින් ආ ඔහු එය තරුණයා අතට දුන්නේය. මම එදාට නොවැරදීම එනවා ව්‍යාපාරිකයා කීය.
පාරට ගිය තරුණ පිරිස ආධාර පත‍්‍රයේ සටහන කියවීය. ”කනා මුට්ටි බිඳීමේ තරගයේ තරකරුවකු ලෙස මම සහභාගි වෙමි” ව්‍යාපාරිකයාගේ නමට ඉදිරියෙන් සටහන්ව තිබිණි. මේ සති අන්තයේ අවුරුදු උත්සවයට ඔහු එනතුරු දැන් තරුණ පිරිස බලා සිටින්නේ ඔහුට පාඩමක් ඉගැන්වීමේ අරමුණ ඇතිවය.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අවුරුදු උත්සව ආධාර පතේ කනාමුට්ටි බිඳින්න එනවැයි ලියලා
ඛාන් Tuesday, 16 April 2013 11:45 PM
ව්‍යාපාරිකයෝ ඔහොම්මම තමයි. (නි)
හේරත් Tuesday, 16 April 2013 11:28 AM
ගැටළුවක් නැහැ. "මසුරු කනා" ට පාර සොයාගන්නත් සුදු හැරමිටියක් දෙන්න. (නි)
නන්දලාල් Tuesday, 16 April 2013 06:01 PM
එයා එනකොටම තෑගිත් අරන් එනවලු (නි)
චුටි බේබි Thursday, 18 April 2013 08:30 AM
සමහර සන්විධායකයොත් හොරු (ස)
බමුණූසිංහ Tuesday, 16 April 2013 07:27 PM
ඇස බැඳලා හිඳ මඩ පුවක් හැලිය කිට්ටු කරමු මිනිහට බිඳින්න. (නි)
විහග Tuesday, 16 April 2013 01:46 PM
මාර කුණු ලෝභයෙක්නේ . (නදී)
ගාමිණී Tuesday, 16 April 2013 08:39 PM
සංවිධායක මණ්ඩලයට මම මේ කියන්නේ, ආධාර පත්‍රය හොදින් කියවා බලන්න, ලියා ඇත්තේ මුට්ටිය කනා බිඳීමේ තරගයට මම සහභාගී වෙනවා කියලද කියා. (නි)
ආනන්ද ආර් Tuesday, 16 April 2013 08:08 AM
එහෙම සහභාගීවීමත් අනුග්‍රහයක් ලබා දීමක්නේ. ආවම හොඳ ප්‍රචාරයක් දීල පිළිගන්න. (නි)