IMG-LOGO

අවතාරය ඌරකුට බය වී බුදු අම්මෝ කියලා

(කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)

මුළු ගමක් බිය වද්දමින් රාත්‍රි කාලයේ සැරිසැරූ හිස සුන් අවතාරයක් ඌරකු විසින් පළවා හැරි පුවතක් සබරගමු පළාතේ ගම්මානයකින් වාර්තා විය.

වාර්තාවන අන්දමට සිද්ධිය සැකවින් මෙසේයි. නිරන්තරයෙන් මත්පැනින් මත්ව චණ්ඩි පහේ පුද්ගලයකු සේ සිටි ඔහු ගමටම එපා වූයේ ඔහුගෙන් සිදුවන අනේකවිධ නොපනත්කම් හේතුවෙනි.

කෙසේ නමුත් ඉකුත් දිනක ඔහු හදිස්සියේ මිය පරලොව ගියේ ගල් තලාවක් මතින් ගමන් කිරීමේදී පය ලිස්සා වැටී බෙල්ල කැඩීමෙන් වූ අනතුරකින් බව ඒ පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ද සනාථ වී තිබුණි.

සතියක් ඉක්ම යාමටත් මත්තෙන් ඔහු අවතාරයක් වී පොරවා ගත් රෙද්දකින් යුතුව රාත්‍රී කාලයේ කැඩුණු බෙල්ල අතැතිව ගමේ සැරිසැරීම නිසා හදිස්සියේ ගම්මුන් දොට්ට පිළට යාමටවත් මැළිවූයේ එම අවතාරය දැක කිහිපදෙනකුම සිහිසුන් වූ බවට පැතිර ගිය ප්‍රචාරයත් සමගිනි. මේ අතර අදාළ අවතාරය ඉකුත් දිනක බුදු අම්මෝ මාව බේරාගනියෝ යන හඬින් ගම දෙවනත් කිරීමට වූ බැවින් හිත් උණු වූ ගම්මුන් හුළු අතු පවා පත්තු කරගනිමින් ඒ අවතාරය දෙසට දිව යද්දී දැක ඇත්තේ තම බිරිඳ මැදපෙරදිග ගිය ගමේ තරුණයෙකු ඌරෙකුගේ ග්‍රහණයට ලක්ව තැඹිලි කෝම්බයක් හා කළු පැහැති රෙද්දක් සමග වැටී සිටි අයුරුය.

පසුව ගම්මුන් තවදුරටත් ඒ පිළිබඳව සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ කැඩුණු බෙල්ල ලෙස තැඹිලි කෝම්බය සමග පොරොවාගත් රෙද්දෙන් මවාගත් අවතාරයක් ලෙසින් ගමේ නිදහසේ සැරිසරා රාත්‍රියේ තම අනියම් බිරිය සොයා යන අතරතුර අදාළ තරුණයා මේ ඌරු ප්‍රහාරයට ගොදුරු වී ඇති බවකි.



අදහස් (0)

අවතාරය ඌරකුට බය වී බුදු අම්මෝ කියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 323 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site