IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


අලූතින් දැමූ සුපිරි හෝටලයෙන් කා තරු පෙනිලා

පරිප්පු හොදි ටිකක් සමඟ ඉඳිආප්ප පහක් උදේ ආහාරයට ගත් පුද්ගලයකුට රුපියල් එකසිය පනහක මිලක් ගෙවන්නට සිදුවූ පුවතක් ගම්පහ දිසාවේ ප‍්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.

සිංහල අවුරුදු දිනට පසු දිනයයි. මේ අය නිවෙසින් පිටව ගියේ සිරිත් පරිදි හෝටලයකින් උදේ ආහාරය ගන්නා අදහසිනි. පෙර පුරුදු හෝටලය වසා තිබිණි. ටික දුරක් යද්දී හෝටලයක් විවෘත කර තිබෙනු දක්නට ලැබිණි. උදේ ආහාරය තිබේදැයි ඔහු ඇසීය ඇති බව දැන ගත් ඔහු මේසයක වාඩිවී සිටියේ වේටර්වරයකු එනතුරුය.

වේටර් ආවේ නැත. ටික වේලාවකින් ආ කළමනාකරු යැයි සිතිය හැකි අයකු මහත්තයා ඇති තරම් බෙදාගෙන කන්නැයි ඔහුට දැන්වීය. ඒ අනුව කෑම මේසයට ගිය ඔහුට විවිධ ආහාර වර්ග ඇති බව දක්නට ලැබුණත් අතේ එතරම් මුදලක් නැති නිසා ඉඳිආප්ප පහක් හා ඊට අවශ්‍ය තරමට පරිප්පු හොදි බෙදාගෙන ආහාරය ගත්තේය.

මුදල් ගෙවීමට ගියේය. රුපියල් එකසිය පනහක බිලක් ඔහුට ලැබිණි. මේ ඇයි ඔහු විමසීය. මහත්තයා දෙකක් කෑවත් සියයක් කෑවත් අපේ ගාන ඒක තමයි කළමනාකරු කීවේය. ඒ බව සඳහන් මෙනු පතක්ද අතට ලැබිණි. එය ”බුෆේ” මෙනුපතකි. කළමනාකරු හරිය.

අතේ තිබුණේ රුපියල් සියයක් පමණි. මිතුරකුට ඇමතුමක්දී ගෙන්වාගෙන බිල ගෙවා ඔහු පිටව ගියේ ආයේ මේ වගේ ගොන්කම් නොකරන බව කියමිනි.
 



අදහස් (0)

අලූතින් දැමූ සුපිරි හෝටලයෙන් කා තරු පෙනිලා

කුමාරි Wednesday, 23 April 2014 04:01 PM

එතකොට ඉදි ආප්පයක් රුපියල් 20යි. හොද්දට 50යි, දෙයියන්ට පෙනීයන් මේ අවනඩුව. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 23 April 2014 04:09 PM

පුදුම ගානක්නේ අරන් තියෙන්නේ.ඒක තමා රොෂාන්, එකසිය පනහට තුන්සීයක විතර නැවත කන්න තිබුණේ, නේද.ඒත් වරද මනුස්සයා කෑම කන්න කලින් මෙනු එක නොබැලීමයි.එකසිය පනහෙන් බේරුනා ඇති. (නි)

:       0       0

ශාන්ති Thursday, 24 April 2014 12:25 AM

අවුරුදු දිනට පසු දින කියන්නේ ගෙදර කොහොමත් කෑම තිබෙන දිනයක් නේද?ඉතින් ඇයි මේ කඩෙන් කන්න ගියේ? අපරාදෙ නේද? (නි)

:       0       0

සෙලනිකස් Wednesday, 23 April 2014 05:07 PM

හොඳට කන්න පුළුවන් දහ දෙනෙක් විතර එක්කගෙන ගිහිල්ලා හෝටලේ කෑම ටික අවසන් වෙනතුරු කෑවා නම් හරි (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 23 April 2014 06:56 PM

කුමාරි,යන්නද ලංකාවට ගිය දවසක කට්ටිය සෙට් වෙලා හෝටලේ හිස් කරලා එන්න.රොහාන්,සෙලනිකස්,මොකද කියන්නේ.?(දී)

:       0       0

ගුණරත්න/ඩුබායි Wednesday, 23 April 2014 06:42 PM

බුෆේ එකකින් කෑම කනකොට එක පුද්ගලයෙක් ගෙවන්ට ඕනේ ගානක් තියෙනවා. කෑවා නොකෑවා කියල වෙනසක් නැහැ කීප සැරයක් කෑවත් ප්‍රස්නයක් නැහැ. ඒකට හේතුව ඕනෙම පුද්ගලයෙකුට කන්ට පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එයිට වඩා කන්ට බැහැ. බුෆේ එකකදී හෝටලේ හිමිකරුට අධික ලාබයක් ලැබෙන කොට කන පුද්ගලයට අදික පාඩුවක් සිද්ද වෙනවා. (නදී)

:       0       0

කුමාරි Wednesday, 23 April 2014 07:30 PM

නිලූ, අදහස නම් හොඳයි. යමු ඔයත් ලංකාවට යන දිනයක් කියන්නකෝ මමත් එන්නම්.(දී)

:       0       0

රොහාන් Wednesday, 23 April 2014 01:28 PM

මම නම් බුෆේද කියල අහල ආයිත් වාඩිවෙලා බඩ පැලෙන්න කනවා(දිල්)

:       0       0

සමන්ත Thursday, 24 April 2014 01:40 PM

ආයෙ ඉතින් සුපිරි හෝටල් ඕන නෑ, කොහෙත් ඔච්චර තමයි..!(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1209 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 442 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site