වෙනදා වෙලාවට සීනුව නාද නොවීම නිසා මඳපමණක් ඇයට අවදිවීම එදින ප‍්‍රමාද වී තිබුණි.
කෙතරම් ප‍්‍රමාද වුවත් අලංකාරයට මුල් තැන දී කටයුතු කරන ඇය කාමරයේ කණ්ණාඩි මේසය ළඟට ගොස් මුලින්ම පටන් ගත්තේ කොණ්ඩය සඳහා ලබාදෙන සත්කාරයයි. දෙවනුව ඇහි බැමිය. තෙවනුව දෙතොල්ය. විටෙක පාදයේ නියපොතු දෙසද බැලූ ඇය අත්ල එපිට මෙපිට හරවා කී‍්‍රම් වර්ගයක්ද වැලමිට දක්වා ඇතිල්ලූවාය.
කැඩපත ඉදිරියේ එහා මෙහා හැරීබලමින් දෙකම්මුලද හැඩට පිම්බුවාය.
අලූතින්ම වෙළෙඳ දැන්වීමක් මගින් හඳුන්වා දී තිබූ අනගි වර්ගයේ කී‍්‍රම් වර්ගය අත්හදා බලන්නටද සිතා ඉන් ස්වල්පයක් අත්ල මතට දමා ගත්තාය.
ම් ම් සුවඳ තනිවම සතුටක් ලබමින් දෙකොපුල පුරා අලූත්ම වර්ගයේ කී‍්‍රම් වර්ගය අත්ලේ ඉතිරිව ඇති කී‍්‍රම් ස්වල්පය ගෙල ප‍්‍රදේශයේද ඇතිල්ලූවාය.
හරි... දිගු කටයුත්තක් නිමා කළා සේ දිගු සුසුමක් හෙළමින් නවාතැනින් පිටව මාර්ගයට පිවිස බස් නැවතුමට පැමිණියාය. මේකේ සෙනඟ. ඒකේ වාඩි වෙන්න නෑ. ම්... ම්... මේකේ යනවා. බස්රථ තුනක් පමණ යන්නට පිටත් වූ පසු පැමිණි අනෙක් බසයට ගොඩ වූ ඇය ආසනයක් තෝරා වාඩි වූවාය.
ටික දුරක් යද්දි ඇයට වෙනසක් දැනෙන්නට විය. කන් දෙපිටින් සිහින් දැවිල්ලක් දැනුණු අතර මඳ වෙලාවකින් එම වේදනාව කම්මුල් දක්වා පැතිරී ආවේය.
තවත් මොහොතකින් ඇස් දෙක දක්වාද එම අපහසුතාවයදැනුණු අතර කිසිවක් කර කියාගත නොහැකි තැන ඇය ඇස් පියාගත්තාය.
ටවුන්හෝල් බහින්න. ටවුන්හෝල් බහින්න...
එක්වරම කොන්දොස්තරගේ වචනයෙන් ඇය තිගැස්සී අවදි වූවාය.
”බහිනවා... බහිනවා....” දඩිබිඩියේ බසයෙන් බැස වහා දිවගියේ කාර්යාලයේ තම අසුන මතටය. වේදනාව දැවිල්ල ඒ වන විට හිස දක්වාද පැතිරී තිබුණි. ”දඩාස්” යන හඬින් ගමන් මල්ල මේසය මත තැබූ ඇය වහා දිව ගියේ විවේකාගාරය වෙතය. ඒ සබන් කැටයක්ද අතැතිවය.
වහ වහා මුහුණේ සිට ගෙල හා අවට සියල්ල හොඳින් සබන් ගා සෝදා ගත්තාය.
මඳ වේලාවකින් සියල්ල සමනය විය.
කාර්යාලයේ තැන තැන කසුකුසුය. ඇය වහා විවේකාගාරයේ කැඩපත අසලට ගියාය.
ආ... මේ මොකද. වෙනදා කාර්යාලයට පැමිණි විගස ඇය කැඩපතින් බලද්දි දකින මුහුණ එහි නොවීය.
මාසයකට වතාවක් පමණ ගම්බිම් බලා යද්දි යනෙන චාම් පෙනුම එහි පෙනුනේය.
වෙනදා වත්සුනුවලින් ආවරණය වූ මුහුණෙහි ඒ කිසිවක් නොමැති නිසා කාර්යාලයේ අයට පවා ඇයව හඳුනාගත නොහැකි වී තිබූ නිසා දවල් වන තුරුත් කසුකුසුව අඩු නොවී තිබුණි.
නවීන වර්ගයේ කී‍්‍රම් ආලේපනය අත්හදා බැලීමට ගොස් සිදුවූ දෙය අදටත් දන්නේ ඇය පමණක්ම යැයි ඇය සිතා සිටින්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්නේ වෙලා තියෙන්නේ. (නි)
පෙරේරා මහත්මයාගේ කතාවත් නියමයි (නි)
ධනංජය මේවා විහිලුවට ගන්න එපා. ඔයත් ඔයාගේ නෝනට ඕන තරම් ඔය වගේ ජාති අරන් දෙනවා ඇතිනේ.(නදී)
අයියෝ, සමාධි ඕව නොගා ඉන්නතාක් කල් ඔයා ඇත්තටම ලස්සනයි (නදී)
කෝ අද කාන්තා කටයුතු සහ අලකලංචි ගැන විශේෂයෙන් සැලකිලිමත් වන බන්දුල උන්නැහේ සභාවේ නැහැ වගේ. (අ)
උපන් කැත අරින්න බැහැනේ. (නදී)
හොද ඇත්ත කතාවක් මතක් උනා. මම වැඩ කරේ ආරක්ෂක හමුදාවක. මම පුහුණුව අවසන් වී රාජකාරි සදහා එක්තරා කඳවුරකට අනුයුක්ත කලා. අපි හැමෝටම අපේ බඩු දා ගන්න ලොකු කබඩ් එකක් තියනවා. එම කාලෙය් හරි ප්‍රසිද්දි ක්‍රීම් එකක් තිබුනා. හැම කෙනා ලගම ඕක තියනවා. අපිට වැඩිය ඉහල නිලදාරියෙක් හැමදාම රෑට නාලා ඇවිත් මගේ යාලුවෙකුගේ ලොකර් එකෙන් හැමදාම ක්‍රීම් ගා ගන්නවා කට්ටිය නිදියනකන් ඉදලා. අපි කතා වෙලා දවසක් ක්‍රීම් බෝතලේට දැම්මා ගෙවල් වලට ගාන තීන්ත. අර පුද්ගලයා සුපුරුදු ලෙස පැමිණ ලොකර් එක ඇරලා ක්‍රීම් ගා ගත්තා. අපි එදා නිදියාගෙන හිටියේ නැහැ නිදි වගේ බොරුවට හිටියා. ඊට පස්සේ උනේ මහා විනාසයක් (නදී)
මේ වගේ දෙයක් නුවර රජයේ කාර්‍යාලයක සේවය කළ කාන්තාවකට වුනා මුනේ කුරුලෑ වහගන්න ගිහින්. රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන තමන්ගේ අක්ක ලව්වා මේකප් තට්ටු පිටින් දාලා කාර්යාලයට එන්නේ. අලුත් ක්‍රීම් එකක් ගාලා එයාට නම් රෝහලෙන් බෙහෙත් ගන්නත් සිද්ධ වුනා. දැන් කොළඹ කාර්යාලයක වැඩලු. හැබැයි තාමත් පාඩමක් ඉගෙන ගෙන නැහැ වගේ. මුළු කොළඹම තියන ක්‍රීම් ජාති මුනේ ගානවා කියලා ආරංචියි. (නදී)
හොඳ වැඩේ බොරු සෝබන කරන්න යනවට (නි)
මෙච්චර සවිස්තරාත්මකව මේ පුවත කියවුනේ කාගේ හාමිනේටද මෙහෙම වුනේ? (නදී)
මේක ඉතින් අද කාන්තාවන්ට සුලභව වෙන දෙයක්. කවුරු හරි නිලියක් භාවිතා කරනවා කිව්වොත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව පාවිච්චි කරනවා. මේ බොහොමයක් නිෂ්පාදන , වෙනත් රටවල් වලින් ප්‍රමිති ආයතන විසින් භාවිතයට නුසුදුසු යයි තීරණය කර පැත්තකට දැමු ඒවා. (නදී)
හොඳ වෙලාවට අපේ හාමිනේට නම් ඔය රූපලාවන්‍ය උන්මාදය නැහැ. සාමාන්‍ය විදියට පිරිසිදුව පිළිවෙලට ප්‍රියමනාප පෙනුමින් ඉන්නවා. (නදී)
හොඳ වැඩේ අලුතින් එන එන ක්‍රීම් ගාන්න යනවට (නි)
හැබෑටම ලාලනි කියන කතාවේ පොඩි ඇත්තක් තිබෙනවා. (නි)
ආවට ගියාට ක්‍රීම් අතුල්ලන්න ගියාම ඔහොම වෙනවා (නි)
මේක නම් නියම ගොන් ජෝක් එකක් අප්පා. (ස)
හොඳට පින් කරන්න එතකොට ප්‍රියංකර රූපයක් ලැබෙනවා. වෙස් මුණු පාට කරනවා වගේ මුනවල් පාට කරන්න ඕනේ නැහැ.(නදී)
කවුරුත් කැමතියි ලස්සනට ඉන්න. ඒ වුණාට මේ තරම් විකාර අනවශ්‍යයි නේද? (නි)
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල ඒත් අතට මේත් අතට අගර දඟර සරුංගෝල (නදී)