අලුත ගෙනා විසි පස් හැවිරිදි ලේලියට අපූරු යෝජනාවක් කළ හැත්තෑ හැවිරිදි මාමණ්ඩි කෙනකු අත්අඩංගුවට ගැනීමේ අපූරු සිද්ධියක් ගාල්ල පොලිසියෙන් වාර්තාවේ.
මෙම මාමණ්ඩිගේ බිරිය වසර හතරකට පෙර සමුගැනීම නිසා නිවසේ සිටියේ ඔහුත් විසිනම හැවිරිදි පුතාත් පමණි. වැඩි මහල් දුව විවාහවී පිට පළාතක පදිංචිය. මේ නිසා විවාහයක් කර ගන්නා ලෙස ඔහු පුතාට පැවසූ වාර අනන්තය. අවසානයේ එම ගමට අල්ලපු ගමෙන් ඉදිරිපත් වූ යෝජනාවක් අනුව පුතාගේ විවාහය සිදුවිය. විසිපස් හැවිරිදි ඇය රූමත්ය. මනමාලියක් නිවෙසට කැන්දන් ඒමට හැකිවීම ගැන වඩාත් සතුටු වූයේ පුතාට වඩා තාත්තාය.
පුතා රැකියාවට ගිය පසු නිවසේ සිටියේ ලේලියත් මාමණ්ඩියත් පමණි. ඇයද කිසි වෙනසක් නොමැතිව තම පියාට සලකන ආකාරයෙන් මාමණ්ඩියටද සලකාගෙන ගෙදර දොරේ වැඩ පළ කරමින් සිටියාය. එහෙත් ඔහු නිතරම තම ලේලිය දෙස අමුතු විදියට බලන්නට විය. ඇය නානවිටද ඇඳුම් මාරු කරන විටද දිවා කාලයේ කාමරයේ හාන්සිවී සිටින විටද ඔහු ඇය දෙස බලා හැඟීම් පොදියක් හිතේ තද කර ගත්තේය.
එහෙත් තවදුරටත් හැඟීම් තදකර ගෙන සිටීමට නොහැකිවූ ඔහු සෙමින් සෙමින් ඇය ළඟට ළංවී හැඟීම් පොදිය ලිහිල් කරගන්නට උත්සාහ කළේය. අවසානයේ දිවා කල තමා සමගත් රාත්‍රි කාලයේ පුතා සමගත් සිටින ලෙස ඔහු ඇය ඉදිරියේ බැගෑපත්වන්නට විය. එන්න එන්නම තත්ත්වය නරක අතට හැරෙන්නට වු නිසා ඇය තම සැමියාට පියාගේ ඉල්ලීම ගැන කීවාය. එහෙත් පුතා එක්වරම එය පිළිගත්තේ නැත. මේ නිසා ඇය කළේ දිනක් ඔහුගේ ඉල්ලීම ජංගම දුරකථනයෙන් පටිගත කොට සැමියා පැමිණි විට අසන්නට දීමය.
එය ඇසූ පුතාගේ ඉහමොළ රත්විය. මේ තමාගේ තාත්තා දැයි ඔහු සිතුවේය. තමා ගෙදර නැති විට දියණියක් මෙන් ආදරයෙන් රැකබලා ගත යුතු ලේලියගෙන් මෙවැනි දේ බලාපොරොත්තු වන පියවරු නිවසේ තබාගැනීම මහා විනාසයක් බව කල්පනා කළ පුතා බිරිඳත් සමග නැවතුණේ ගාල්ල පොලිසියේය.
පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් පසු ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ගලප්පත්ති මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා මංගලිකා සූරියආරච්චි, කාන්තා සැරයන් දයා (434), කොස්තාපල් මධුසංක (60658) යන මහත්ම මහත්මීන් විසින් සැකකාර මාමණ්ඩිය අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
(උණවටුන ඩී.ජී. සුගතපාල)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඉස්සර කාලේ වගේ එක ගෙයි කෑමකට තමයි මෙයා සූදානම්වෙලා තියෙන්නේ (නි)
පුතා ජීවත්වෙන්නේ තම පියා විසින් සාදනු ලැබූ නිවසේ නම් ඔහුට තිබුනේ වෙන තැනකට යාමය. මෙතනදී ලිංගික හිංසනයක් සිදුවී නැති නිසා පොලිසියට ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැක. අර වයසක මනුස්සයා තමාගේ අවසන් කාලය හිර ගෙයක ගතකරන්නට සිදුවීම කණගාටුවට කරුණකි. (නි)
නාකි විසේ ගෙටත් උසේ කිවේ නිකන්ද , මොකක් හරි පිනකට මේ තරුණිය මොලේ පාවිච්චි කල නිසා පවුල රැකුන නැත්නම් මහා විනාසයක් වෙන්න තිබුණා (අ)
හැඟීම් හිතේ තියාගෙන තෙරපා තෙරපා ඉඳල සාමකාමිව අහල තියෙනවා. වැරදි තමයි; තමන්ගේ පුතාගේ බිරිඳ නේද? නමුත් බලෙන් දුෂණය කරන එවුන් ඉන්න රටක මේ මනුස්සයගේ යම් හොඳක් තියෙනවා. සමහර විට නැවත විවාහයක් කර ගැනීමට ලජ්ජාවෙන් ඉන්නවා වෙන්නත් පුළුවන්. ගම් වල තියෙන සම්ප්‍රදායන්ට බම්බු ගහ ගන්න කියල මේ මනුස්සය ගැලපෙන කෙනෙක් බලල නැවත විවාහයක් කරගත්තනම් තමයි හොඳ. (අ)
පියාට තව කසාදයක් කරලා දුන්න නම් හරි මොකද මනුස්සයන්ගේ ආශාවන් සහ ඔවුන්ගේ ශරීරය හැඩගැහිලා තියෙන්නේ ක්‍රමවත් පාලනයකට එහෙම නැතුව ආශාවන් තදකරගෙන සිටීමෙන් නොවයි. ආශාවන් තද කරගැනීමෙන් තමයි මෙහෙම දේවල් සිද්ද වෙන්නේ. (අ)
අද කාලයේ මාමන්ඩිලා, අද කාලයේ සීයාවරුන් විසින් තම පවුලේම දුවලා මිණිපිරියන් දුෂණය කිරීමට තරම් සමාජය පිරිහිලා. සමහර තැන් වල තම පියා විසින්ම තම ලේ වලින් ඉපදුන දියණියන් විනාශ කිරීමත් මා පුවත්පතින් කියවා තියෙනවා. අද අපේ රට යන්නේ කොයිබටද (නි)
අනේ ඕවා මේ ලංකාවේ හැමතැනම සිදුවෙනවා. මේ ලේලි මේ රටේ සිදුවෙන දේවල් ගැන එච්චර දැනීමක් නැති ලාමක කෙනෙක්. (නි)
මේ දෙස මහා වරදක් ලෙස බැලිය යුතු නොවේ. වයසක මාමණ්ඩිය ගැන අනුකම්පාසහගතව බැලිය යුතුයි (නි)
ධර්මයේ හැසිරෙන්නේ නැති වුණාම තමන්ගේ සිත් පාලනය කරගන්න බැරි වෙනවා හොඳ නරක තේරුම් ගන්න බැහැ. ඇරත් වයසට යද්දී සිහිය විකල් වෙන තත්ත්වය ද ඇතිවෙනවා . මේ ප්‍රශ්න ඇති නොවෙන්න සතිය සිහිය පිහිටුවන්න අපි සැවොම භාවනා ක්‍රම අනිවාර්යයෙන් ජීවිතයට පරුදු පුහුණු කල යුතු වෙනවා.(අ)
මගේ බුදු මාමණ්ඩිට .... සරණේ සරණයි! අනේ ඉතින් අපි දෙන්නට....? (නි)
මේ පිලිබදව කාන්තාවෝ තමයි අදහස් දක්වන්න ඕන.(අ)
දුවක් සිටින අවුරුදු 60ක පමණ කෙනෙක් පුතාට බඳින්න තිබුනා. ප්‍රශ්නය සම්පූර්ණයෙන් ඉවරයි. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු. පිනක් දහමක් කරගන්න ඕනෑ කාලේ නේද මේ වගේ දේවල් කරලා හිරේ විලංගුවේ වැටෙන්නේ. (නි)
මේ පුතා මොලේ නැති මෝඩයෙක්, නැත්තන් තාත්ත පොලිසියට ගෙනියවිද මේ වගේ දෙකට. (අ)
මේ ගැන අදහස් දක්වන්න ඕනෑ අපේ කාන්තා පක්ෂය තමයි. (නි)
මෙම ලේලිය කලබල නොවී කටයුතු නිසා මේක මෙලෙස විසදුනා. (ර)
කාමය සම්පූර්ණයෙන් නැතිවන්නේ අනාගාමී ඵලය ලැබූ පසුව කියලා මම අහලා තියෙනවා. එතෙක් මේ වගේ සිතුවිලි අඩු වැඩි වශයෙන් කාටත් තියෙනවා. ඒවායේ ප්‍රමාණයත් ඒවා පාලනය කරගැනීමේ හැකියාවත් රඳා පවතින්නේ යමකුගේ කර්ම ශක්තියත්, බුද්ධියත්, තම ඉඳුරන් තුලින් සිතට වද්දගන්නා දේවලුත් මතයි. පිටිගල මිලානෝගේ සහ මැටිපහනගේ අදහස් වලට මම එකඟයි. කෙනෙකුට තව කෙනෙකුගේ හිත කියවන්න පුළුවන්කම තියනවා නම් මීට වඩා බොහෝ දේවල් ඉතා බහුලව දැනගන්න පුළුවන් වේවි. (නි)
අපේ රූපවතී සද්ද නැහැ. මොකද දන්නේ නැහැ. (නි)
තාත්තා පොලිසියට අරන් ගිය එතරම් සුදුසු දෙයක් නොවේ. තේරුම් කරලා පුතාට වෙන ගෙදරකට යන්න තිබ්බා. නැත්තම් තාත්තට ගැළපෙන කෙනෙක් හොයලා තාත්තගේ පාළුව අයින් කරන්න තිබුණා (නි)
මඩු වලිගෙන් තලන්න ඕනෑ නාකි මනමාලයට (නි)
නාකිවිසේ ගෙටත් උසේ! (නි)
මොන දේ සිදුවුණත් තම දෙමව්පියන්ට විරුද්ධව පොලිසියට යන්නේ ගුණමකු දරුවෝ. ඒ ගෙදරින් තමන් ඉවත්වී යාම තමයි කරන්න තිබුනේ! කාමය නිසා බෝධිසත්ව තාපසවරුන්ටත් කරදර සිදුවුණානේ (නි)
කොහොමත් අද රටේ වෙන දේවල් වල හැටියට මඟුල් තුලා වලදී නැන්දලා මාමලා ගැනත් සොයන්න වෙනවා තමයි. (නි)