IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


අලුත බැන්ද මනාලියට මරණ සහතිකයක්

අලුත විවාහ වූ කාන්තාවකට තම විවාහ සහතිකය වෙනුවට මරණ සහතිකයක් ලබා දීමේ පුවතක් පසුගියදා වාර්තා විය.

විදේශ රටක සේවය කරමින් සිටි තරුණියක් මෙරටට පැමිණ විවාහ වීමෙන් අනතුරුව නැවත සේවය කරන රටට යාමට අවශ්‍ය නිසා තම විවාහ සහතිකය එරටට ගෙන යාමට තිබූ අවශ්‍යතාව හේතුවෙන් තමන්ගේ විවාහ සහතිකය ලබාදෙන ලෙස අදාළ රාජ්‍ය ආයතනයට ගොස් ඉල්ලීමක් කර තිබේ.

ඉතා යුහුසුළුව එම සහතිකය ලබාදීමට රජයේ ආයතනයේ නිලධාරීන් කටයුතු කිරීම නිසා සතුටට පත් කාන්තාව නිවෙසට පැමිණ ඇති අතර සතියකින් පසු විදේශගත වීමට අවශ්‍ය ලියකියවිලි හා ගුවන් ටිකට්පත් පරීක්‍ෂා කිරිමේ දී අහම්බෙන් ඇස ගැටුණු තම විවාහ සහතිකය පරීක්‍ෂා කිරීමේ දී එය විවාහ සහතිකයක් නොව තමන් වෙනුවෙන් නිකුත් කළ මරණ සහතිකයක් බව දැක දැඩි කලබලයට පත්ව තිබේ. තමන් ජීවත්ව සිටියදීම තමන්ගේ මරණ සහතිකය තමන්ගේ අතට පත්වීම පිළිබඳව අදාළ රජයේ ආයතනයට දැන්වීමෙන් පසු එය වහා නිවැරදි කරදීමට ඔවුන් කටයුතු කළත් ජීවත්ව සිටිය දී මරණ සහිතකයක් ලැබූ එකම තැනැත්තා ද වීම පිළිබඳව එම කාන්තාව සතුටකින් පසුවන බවයි වාර්තා වුණේ.

(නයිනමඩම චන්දන ප්‍රනාන්දු) 



අදහස් (0)

අලුත බැන්ද මනාලියට මරණ සහතිකයක්

රුවන් Tuesday, 06 September 2016 10:20 AM

විෂය බාර ලිපිකරු හීනයක් දැක දැක ඉන්න ඇති. (ර)

:       0       0

සරසි Tuesday, 06 September 2016 10:51 AM

බැඳපු ගමන් මරණය සිහි කර ගැනීම ඉතාම හොඳයි. (ර)

:       0       0

ඉන්ද්‍රා Sunday, 11 September 2016 08:24 PM

අපි කාටත් උරුම නියම සහතිකය තමා මේ දීලා තියන්නේ. මේක හැමදාම කියවනවා නම් ජීවිතේ හරි සැහැල්ලුයි (නි)

:       0       0

අසෝකා Tuesday, 06 September 2016 01:13 PM

ඔච්චරම මරණය ගැන දැන දැනත් කසාද බදින එකනේ පුදුමේ! (අ)

:       0       0

සුජීව Tuesday, 06 September 2016 05:53 AM

මෙලහකට විෂය බාර ලිපිකරු එෆ්බී එකේ ඉන්න ඇත්තේ (බ)

:       0       0

රාධා Tuesday, 06 September 2016 02:31 PM

මේක සිදුවුයේ කෙසේද? දැන් දෙන්නේ සහතිකයේ චායා පිටපක් නේද? එක අත්සන් කරන්නේ ප්‍රාදේශීය ලේකම්නේද? එහෙමනම් උප්පැන්න විවාහ රෙජිස්ට්‍රාර් කසාද වෙනුවට මරණ සහතිකය ලියන්න ඇති. (අ)

:       0       0

ජනහිත Wednesday, 07 September 2016 03:42 AM

හරියට බැලුවද කාගේ නමද තියෙන්නේ කියල. සමහරවිට ආච්චිගේ නම වෙන්න ඇති. (බ)

:       0       0

මහේෂ් ඩුබායි Tuesday, 06 September 2016 06:48 AM

මෙම සිදුවීමට හේතුව හිතා ගන්න අමාරුයි. එ්ත් මොහුගේ ස්වාමිපුරුෂයාට මෙම මරණ සහතිකේ දුන්නනම් ටිකක් හරි සාධාරනයි. මොකද අද කාලේ ගැහැනුන් සමග ජීවිතේ එච්චරටම අමාරුයි.(බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 06 September 2016 07:41 AM

කසාද බැන්දා කියන්නේ මැරුනා වගේ තමයි එ්කනේ මරණ සහතිකයක් දීලා තියෙන්නේ. එ්ත් සහතිකය නිකුත් කරපු කෙනානම් විවහා වී හොදට බැටකාපු කෙනෙක් වගෙයි මටනම් හිතෙන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1302 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site