පරණ පෙම්වතියගේ නමින් අතේ කොටා තිබූ පච්චයක් අලූත් පෙම්වතියගේ නමට හැරවීම සඳහා අත් බෙහෙතක් කළ තරුණයෙකුගේ පච්චය පැසැවීම නිසා රෝහල් ගතවී ප‍්‍රතිකාර ලබා ගන්නට සිදුවූ බව කියවෙන පුවතක් වියලූවේ ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය. ඔහු වියලූවේ ගම්බද ප‍්‍රදේශයක තරුණ පෙදරේරුවෙකි. තම ගමේම තරුණියක හා පෙමින් බැඳුණු ඔහු ඇයට පණ මෙන් ආදරය කළේය. කොතෙක් ආදරය කළේද යත් ඇගේ නම සඳහන් කර අතේ පච්චයක්ද කොටා ගත්තේය. එය නිතරම පෙම්වතියට පෙන්වූ ඔහු ඇයට ඇති ආදරයේ් තරම කියාපෑවේ ඇය ඉදිරියේ සිහින ලෝකයක් මවා පාමිනි. කල් ගතවේද්දී තරුණ පෙම්වතා වෙනත් හදකට තුරුළු වූයේ පැරණි පෙම්වතියද සහමුලින්ම අමතක කර දමමිනි. පෙම්වතාගේ අතේ පච්චය පිළිබඳ ඉවෙන් මෙන් තතු දැනගත් අලූත් පෙම්වතිය, එය මකා දමන්නැයි පෙම්වතාට නිතර නිතර ඇවිටිලි කළේය. ”මට ආදරේ නම් ඔය පච්චය මකල එතන මගේ නම ගහන්න” ඇය තොඳොල් වෙමින් කියා සිටියාය. පෙම්වතියගේ ඇවිටිල්ල ඔහුටද හිසරදයක් විය. හෙතෙම පච්චය මකා ගන්නා ආකාරය ගැන මිතුරන්ගෙන්ද විමසුවේය. ”ඔතන හුණුයි සබනුයි අඹරල ගාපං” එක මිතුරෙන් අත් බේතක් කීවේය. පච්චය මත හුණු සහ සබන් අඹරා තට්ටුවක්ම තැවරීය. දින දෙකක් තුනක් ගත වෙද්දී පච්චය ඇති තැන රතුවිය. තුවාලයෙන් නරක් වු ලේ ගලන්නට විය. දැඩි සේ වේදනා දුන්නේය. බෙහෙවින් බියටපත් තරුණයා ළඟම රෝහලට ගියේ අතට ප‍්‍රතිකාර ගන්නටය. තුවාලයේ බරපතලකම දුටු වෛද්‍යවරු ඔහුට පිටගැස්මට බෙහෙත් විද තුවාලයට වෙදකම් කරන්නට වාට්ටුවකටද ඇතුළු කළහ. දැන් ඔහු පෙම්වතිය වෙනුවෙන් රෝහලේය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වදින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටුනා සේ....
අතත් එයාගේ නම්. පච්චෙත් එයාගේ නම් ඉස්පිරිතාලෙත් ඉන්නේ එයාමනම් නම් කාටවත් මොකටද වේදනා...........
ඔයාතමයි නියම කොල්ලා...
කොහොම උනත් පරණ කෙල්ල පව්
රොබට් වෙත, එදා වේල හරි කරගන්න දඟලන අපිට මොන ලේසර්ද මහත්තයෝ. මං අඳුරන කෙනෙකුත් එහෙ ක්ලීනින් එකක් කරනවා.
ජානකී අක්කේ, අතන මෙතන කිවුවේ කොතනද හරියටම? අනේ කියන්නකෝ
ජානකී, ඔයා මොකටද අල්ලපු වත්තේ ඒවා බලන්න ගියේ?
නියම මෝඩයෙක්ම තමයි. (නි)
බත් කන හරකුනුත් ඉන්නවනේ
සේනාදී රුවන්, කොටන්න තිබුණේ අතේ නෙමෙයි
අනේ මේ සැරේ අපේ කුඹුරු හාන්න මී ගවයෝ අඩුයි...මෙයාව සෙට් කර ගත්තනම් වැඩේ හරි..
හොඳ වෙලාවට මෙයා පච්චේ අතේ ගහගන් තියෙන්නේ. මේක මට උනානම් වහ කන්න තමා වෙන්නේ.
කුම්බලා මාළු කෑවනම් විදවපන් බලළෝ
අත කපන්න කිව්වනම් තමයි හොඳ..
සිමියොන් ඔයාත් පච්ච කොටලද තියෙන්නෙ?
සිමියොන්ගේ පච්චෙ පේන්නේ නෑ නේ.
පිස්සෙක්ද කොහෙද.පිරිමි කමටත් ලැජ්ජාවක්....
අනේ මෙහෙමත් මිනිස්සු....
ඇයි මේ ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩයෝ වෙලා තියෙන්නෙ? පච්ච මකන්නෙ ලේසර් ප්‍රතිකාර වලින්නේ! පොඩි වේදනාවක් විතරයි, තුවාල මොනවත් වෙන්නෙ නෑ. දවස් කීපයකින් හම ගැලවි ගැලවි යනවා
මාෂී හරි, මෙයා නම් අමුම මැටි තමයි
ඔයාල මොකටද අනුන්ගේ දේකට ඔය තරම් කේන්ති ගන්නේ..එයාට ඕන නිසානේ එහෙම කරේ. අපිට මොකෝ..
මමත් ඔය මෝඩ වැඩේ කරගත්ත කෙනෙක් මීට අවුරුදු 12කට පෙර.තවත් කෙනෙක් මේ වැඩේ නොකර ඉන්නවානම් තමයි මම සතුටු
ආදරේ...... වේදනා..... පරණ පෙමට රිදුම් දිදී...... නොනිම් වේදනා..... කමක් නෑ කොලුවෝ, ආදරේ වේදනාවත් සුන්දරයි නේද?
අනේ මෙහෙමත් මිනිස්සු! සංසාරේ භවේ දුකා
අනේ මෙහෙමත් මිනිස්සු , සංසාරේ බවේ දුකා ...?
සිමියොන්, ඔයා එහෙනම් මිද්දෙණියේ සිමියොන් කරලා තියෙනවා නේද? කමක් නෑ.හොදයි.හොදයි
මෙම ක්‍රියාවෙන්ම ඔහුගේ අධ්‍යාපන තත්ත්වය පෙන්නුම් කරනවා
ඔය දෙන්නම නැතුව වෙන කෙනෙක් බඳින්න වුණොත් තමයි වැඩේ....
අනේ හේමන්තත් එනවා නම් අපේ කුඹුරු වැඩට
මෝඩයෙක්නේ
බොරු බොරු
හොඳ වෙලාවට මෙයා පච්චේ අතේ ගහගෙන තියෙන්නේ. මේක මට උනානම් වහ කන්න තමා වෙන්නේ...
ඉත්තෑවට හාදුවක් දුන් හාවා කිවේ වේදනාවෙන් තොර ආදරයක් නැති බවයි....
දැන් ඕකට කරන්න වෙන්නේ: කහඹිලියා වැලේ පස්පපංගුව අරගෙන මී ගව මුත්‍රා වලින් අඹරා සාදාගත් හිසකුඩිච්චියක් දවස් තුනක් දමලා ජයපාල විරේකය ගැනීමයි.
පොල් බූරුවෙක්ද කොහෙද.
ඒකනේ සිමියොන්ට දරුවො නැත්තේ
බෙහෙත කියපු එකාට තෑග්ගක් දෙන්න වටිනව
ඔබ කොච්චර නුවනක්කාරද කියලා මේකෙන් පැහැදිලියි...
තණකොළ කණ සත්තුන්ගේ වාසනාවට මෙයා තණකොළ නොකෑවේ....
පච්ච කොටන්න තිබ්බේ අතේ නෙමෙයි.මට ඉතිං කියන්න පුලුවන් කොතනද කියලා.
කාටහරි කියන්න පුලුවන්ද සබනුයි, කොකාකෝලායි මිශ්‍ර වීම ඇයි භයානක කියලා
මම දැකල තියෙනවා අපේ රටේ ගෑනු ළමයිනුත් අතන මෙතන පච්ච කොටන් ඉන්නවා..... අනේ මන්ද මේ ළමයගේ දෙම්ව්පියෝ නැද්ද කියලා... පව් අප්පා.......
මොන තරම් අවාසනාවක්ද?
අතේ කෙටුව නිසා හොඳට ගියා.....