 අම්මා ගෙවූ විදුලි බිල දැක නිවසට අලුත පැමිණි ලේලියට තරු පෙනුණ පුවතක් මහව පොලිස් වසමේ පිටිසර ගමකින් අසන්නට ලැබුණි.
අම්මා ගෙවූ විදුලි බිල දැක නිවසට අලුත පැමිණි ලේලියට තරු පෙනුණ පුවතක් මහව පොලිස් වසමේ පිටිසර ගමකින් අසන්නට ලැබුණි.
නිවසේ එකම පුතු පසුගියදා විවාහ විය. මංගල්‍යය ජයටම සමරා මනාලිය නිවසේ තබා මනාල පුත්‍රයා නිවසින් බැහැරව ගියේ සුපුරුදු රාජ්‍ය සේවා ස්ථානයට වාර්තා කිරීමටය. තමා සති අන්තයේ එන තෙක් අම්මා සමඟ වාසය කරන්නට බිරිඳට උපදෙස් දී තිබුණි.
නවක ලේළිය ගෙයි සිටියදී නැන්දම්මා නගරයට යැව්වේ ඇයට අවැසි දේ ගෙන ඒමටය. ඒ අතරේ නැන්දම්මාට ලයිට් බිලත් ගෙවා ගන එන ලෙස පැවසූ ලේළිය පසුගිය මාසයේ ලයිට් බිලත් ඇය අත තැබුවා ය.
නගරයට ගිය ඇය පළමුව ලයිට් බිල බැඳීමට තැපැල් කාර්යාලයට ගියා ය. එසේ ගොස් පෝලිමේ සිටි ඇය රුපියල් පන් දහස් ගණනක ලයිට් බිලකට අදාළ මුදල ගෙව්වාය. ලේළිය ගෙනෙන්නට කී බඩු ගෙන ඒමට මුදල් මදි ය.
ඒ නිසා ලයිට් බිල ගෙවූ ඇය අනිකුත් කිසිවක් නොගෙන හිස් අතින් ආපසු නිවසට පැමිණියා ය.
“දුවේ ලයිට් බිල ගෙව්වා. දුවට ගෙනෙන්න කී කිසිවක් ගන්න සල්ලි මදි වුණා” මොනවා, අපේ ලයිට් බිලට එච්චර මුදලක් නැහැනේ. “ඇය නැන්දම්මා ගෙවූ ලයිට් බිල ඉල්ලාගෙන පරීක්ෂා කළා ය.
“යකෝ ගෙදර ලයිට් බිල කියලා අම්මාට දීලා තියෙන්නේ මහත්තයා වැඩ කරන ආයතනයේ ලයිට් බිලක්නේ” ඇය වහා සිද්ධිය මහත්තයාට පවසා සිටියාය. “වියපත් අම්මා ඊට වගකිව යුතු නෑ. වරද කර ඇත්තේ ඔයයි”  පවසා එම මුදල ආයතනයෙන් ඉල්ලා සිටියත් එය ආපසු ගැනීම ලෙහෙසි පහසු නැත. එම මුදල ගැනීමට ඔහුට ඊට අදාල ලියකියවිලි සකසාගෙන කොළඹ ප්‍රධාන කාර්යාලයට යාමට සිදුවෙලාලු.
මොරගොල්ලාගම - සිසිර කැලේගම
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අලුත ගෙනා මනමාලි නැන්දම්මා ලයිට් බිලට පටලවාගෙන