IMG-LOGO

අලූත ආ නිලධාරියාට ආයතන ලොක්කාගෙන් දඩමස් පාර්සලයක්

ඔහු රජරට පළාතේ සාමයත් නීතියත් ගැන පළපුරුදු සහකාර නිලයක් දරන්නෙකි. මේ නිලධාරියාට පසුගිය දිනෙක දඩමස් රස බැලීමේ ආසාවක් ඇතිවිය. කදම්බ නදී තෙර කෙළවර පිහිටි බමුණු ග‍්‍රාමයේ ආයතන ප‍්‍රධානියා හමුවූ විට මේ නිලධාරියා තම ආසාව ගැන කරුණු පැහැදිලි කළේය. ආයතන ප‍්‍රධානියා ඔහුගේ අවශ්‍යතාව ඉටු කරදීමට ප‍්‍රතිඥා දුන්නේය. දින කීපයක් ගත වූ තැන දඩමස් පාර්සලය නියමිත නිවෙසට යැවීමට ආයතන ප‍්‍රධානියා කටයුතු යෙදීය. මේ අතරවාරයේ සහකාර නිලධාරියාගේ නිල නිවෙස පිළිබඳ ගැටලූවක් මතුවිය. කොට්ඨාසයටම බල පරාක‍්‍රමය ඇති නිලධාරියෙක් තමන්ට අයිති නිල නිවෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. සහකාර නිලධාරියා කිසිදු පැකිලීමෙන් තොරව තම ඉහළ නිලධාරියාගේ අයිතිය තහවුරු කැර නිල නිවෙස බාර දී ඒ අසල වෙනත් නිල නිවෙසක පදිංචියට ගියේය. කදම්බ නදී තෙර කෙළවර ආයතන ප‍්‍රධානියා දඩමස් පාර්සලය සහකාර නිලධාරියාට යොමු කළේ පහළ රැුකවලකු මගිනි. ඔහු පාර්සලය නිල නිවෙසට බාර දී යන්නට ගියේය. සතියක් හමාරක් ගත වුවද තම අවශ්‍යතා ඉටු නොවූ නිසා සහකාර නිලධාරියා ආයතන ප‍්‍රධානියාගෙන් ඒ ගැන කරුණු විමසුවේය. ආයතන ප‍්‍රධානියා මෙසේ කීය. ‘‘සර්, මං එච්වනෙ... අහවලා අතේ...’’ ‘‘නෑ...නෑ... මට ලැබුණේ නැහැ’’ යි සහකාර නිලධාරියා කීය. ආයතන ප‍්‍රධානියා පහළ රැකවලා කැඳවා ඔහුගෙන් ‘පාර්සලය’ ගැන විමසීය. ‘සර්... මං ඒක නියමිත නිවසට ගිහින් දුන්නා’’ කාරණය ඇත්තය. ඔහු පාර්සලය දී තිබුණේ සහකාර නිලධාරියා කලින් සිටි නිල නිවෙසටය. එතැනට අලූතින් ආ කොට්ඨාසයේ ප‍්‍රධානියා පාර්සලය ලබා ගෙන එය භුක්ති විඳ ඇති බව පහළ රැකවලාගෙන් පැහැදිලිව තොරතුරු හෙළිවිය.



අදහස් (0)

අලූත ආ නිලධාරියාට ආයතන ලොක්කාගෙන් දඩමස් පාර්සලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site