IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අරක්කු මුදලාලිට කඩ්ඩ දාල අම්බානක කන්න ගිිහින්

 

(කලවාන - උපේන්ද්‍ර ප‍්‍රියංකර ජාතුංගම)

හොර අරක්කු මුදලාලි සමඟ ඉංග‍්‍රිසියෙන් කතා කිරීමට ගොස් ගුටි නොකා අනූනමයෙන් බේරුණූ තරුණයෙකු පිළිබඳව මුහුදු බඩ ප‍්‍රදේශයකින් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.

මෙම තරුණයා බීමත්කමට ඇබ්බැහි වූවෙකි. හොඳ අධ්‍යාපනයක් ලබා තිබුණ ද රැකියාවක් සඳහා උනන්දු නොවී ඇත්තේ මතට තිබූ අධික ආශාව නිසාය. විවිධ උපක‍්‍රම යොදමින් ඔහු හවසට මත්වතුර ලබා ගැනීමට කෙසේ හෝ මුදල් සොයා ගනී.

සිද්ධිය වූ දිනයේදී මත්පැන්හල් වසා තිබූ අතර ඔහු මිල වැඩියෙන්දී හෝ මත්වතුර ලබාගැනීම ගැන සිතුවේ නියමිත මිලට මත්වතුර තිබූ දිනවලදීත් ඔහු එම මුදල සොයා ගත්තේ ඉතා අමාරුවෙන් බැවිනි. කෙසේ වෙතත් ඔහු දන්නා වයසක පුද්ගලයකුට ලාබාල තරුණියක කෙසේ හෝ යාළුකර දෙන බවට දෙවන වතාවටත් පොරොන්දු වී එම පුද්ගලයාගෙන් මුදලක් කඩා ගැනීමට හැකිවිය.

එහෙත් තවත් මුදල් අඩුපාඩු වූ බැවින් එම මුදල සොයා ගැනීමට දිනය පුරා වෙහෙසුනද ඔහුට එය සොයාගැනීමට නොහැකිව ඇත. ඔහුගේ මිතුරකු පැවසුවේ හොර අරක්කු මුදලාලි වැස්සකටවත් පාසල් ගිහින් නැති බවත් ඉංග‍්‍රිසිවලින් ටෝක් කර අතේ තියෙන මුදලට ඔහු රවටා අරක්කු ලබා ගැනීමට හැකි බවත්ය.

ඒ අනුව එහි ගිය තරුණයා මුදලාලි අමතා ‘හවු මච්’ යැයි මුදලාලිගෙන් අසා ඇත. අන්දුන් කුන්දුන් වූ මුදලාලි ‘‘අපි ගාව ‘හවු මච්’ වලටනම් අරක්කු නැහැ. සල්ලිවලට නම් තියෙනවා’’ යැයි පවසා ඇත. එවිට තරුණයා තම මිතුරා දෙස බලා ‘හූ දිස් මෑන්...’ යැයි අසා ඇත.

නැවතත් අන්දුන් කුන්දුන් වූ මුදලාලි මේ පැමිණ සිටින්නේ ඔත්තුකරුවන් යැයි සිතා අසල තම ආරක්ෂාවට තිබූ දෙකේ දෙකේ පොල්ලක් අතට ගෙන තිබේ. එන පොට හරි නැති බව වැටහුණු තරුණයන් දෙදෙනා ආපසු නොබලමින් එම ස්ථානයෙන් දිව ගොස් තිබේ.



අදහස් (0)

අරක්කු මුදලාලිට කඩ්ඩ දාල අම්බානක කන්න ගිිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site