ඉමදුවට නුදුරු නියම් ගමකි. එහි වෙසෙන පවුලක සැමියා විසින් තම බිරිය සහ දරුවන් තිදෙනා ඉතාමත් හො`දින් රැුකබලා ගත්තේ පෞද්ගලික ආයතනයක රැුකියාව කරමිනි. පාසල් යන දරුවන්ගේ පෞද්ගලික පන්ති ගෙනයාම බිරි`දට පහසු කිරීමට සැමියා විසින් නවතම මෝටර් සයිකලයක් ඇයට මිලයට ගෙන දුන්නේ හැකිකමකට නොවේ.
දිනක් මෙම කාන්තාව තම මෝටර් සයිකලයේ වූ කාර්මික දෝෂයක් නිවැරදි කර ගැනීම සදහා නගරයේ මෝටර් සයිකල් වැඩපලකට ගියාය. මෙහිදී මෙකී කාන්තාව මෝටර් සයිකලය අලූත් වැඩියා කළ කාර්මිකයා සමග අලූත් මිත‍්‍රත්වයක් ඇතිකර ගැනීමටද අමතක නොකළාය. කාලය දින මාස අනුව ගත විය. කාන්තාව අලූතින් හදුනාගත් මෝටර් සයිකල් කාර්මිකයා සමග විවිධ නවාතැන් පොළවලට ගොස් තම සිතැ`ගි ඉටුකර ගත්තේ තම ආදරණීය සැමියාට ද්‍රෝහි වෙමිනි. මෙම පුරුෂයාද දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
මෙසේ පෙම්සුව විදි යුවළ දිනක් කතිකාකර ගත්තේ දෙදෙනා එක්ව වෙනම පවුල් ජීවිතයක් ගතකිරීමට වෙනත් ප‍්‍රදේශයකට වාසය සදහා යෑමටය. පසුව කාටත් හොරා මෙම යුවළ අලූත් ජීවිතයක් ගත කිරීම ආරම්භ කරණු ලැබුවේ තමන්ගේ සිතැගි ඉටුකර ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රීති වීමෙනි.
තම බිරි`ද නිවෙසින් පිටත්ව ගොස් ඇති බව දැනගත් කාන්තාවගේ විවාහක පුරුෂයා මෙකී කාන්තාව ගැන සියලූම තැන්වලින් සොයා බලා තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූයෙන් පසුව පොලීසියේ පැමිණිල්ලක් කරණු ලැබුවේ වෙනත් දෙයක් කිරීමට නොහැකි වූ හෙයිනි. තම මව තමන් හැරදමා ගෙදරින් ගොස් ඇති බව දැනගත් කාන්තාවගේ දරුවන් තිදෙනා ඉතාමත් ශෝකයෙන් පසුවූ අතර පියාට දරුවන් තිදෙනා අස්වසාලීමට මහත් වෑයමක් ගන්නට සිදුවිය.
සිද්ධියෙන් පසු මාස තුනක් පමණ ගතවිය. දිනක් මෙම දරුවන්ගේ පියාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබිණි. නුපුරුදු අංකයක් තම දුරකතනයේ සටහන්ව තිබෙනු දුටු දරුවන්ගේ පියා එයට පිළිතුරු දෙනවාද නොදෙනවාද යන්න සිතා දුරකතන ඇමතුමට පිළිතුරුදීමට එක්විය. පුදුමයකි අනෙක් පසෙන් තමන්ගේ විවාහක බිරිද ඇමතුමේ රැදී සිටින බව හෙතෙම දැනගත්තේ ඇය තම කටහඩ අවදිකර සිටීම හේතුවෙනි. එම ඇමතුමෙන් කියැවී තිබුණේ තමන් විශාල වැරුද්දක් කළ බවත් තම සැමියාට සහ දරුවන්ට ද්‍රෝහිවී පැමිණි මෙම අලූත් පුරුෂයා සමග එකට ජීවත්වීම එපාවී ඇති හෙයින් නැවතත් තමන් භාරගන්නා ලෙසත්ය.
පසුව මේ ගැන තම අදහස ප‍්‍රකාශ කිරීමට විනාඩි කීපයක් දෙන ලෙස ඉල්ලා සිටි මෙම කාන්තාවගේ විවාහක පුරුෂයා ටික වේලාවක් කල්පනා කර මෙකී කාන්තාවට හොද පාඩමක් උගන්වමියැයි සිතා ඇමතුමක් ගෙන පැවසුවේ හෙට දින නිවසට පැමිණෙන ලෙසත් ඇය බාරගැනීමට තමන් කැමැති බවත්ය.
පසුදින පහන් විය. ඇය අනුරාධපුරයෙන් බසයේ නැගගත් බව තම විවාහක සැමියාට දුරකතන ඇමතුමක් දුන්නාය. එව්ට ඔහු පැවසුවේ ගාල්ලට පැමිණ දුරකතන ඇමතුමක් දෙන ලෙසය. පසුව මේ බව තම මිතුරන් කීපදෙනකුට පැවසූ කාන්තාවගේ සැමියා ඇය පැමිණෙන වේලාවට ඇය කැ`දවා ගෙන ඒමට පෙරමගට යාමට ඔවුන්ට ආරාධනා කළේය.
එදින පස්වරුව නිමාවෙමින් පැවතිණි. ඇය ගාල්ලට පැමිණි බවත් අකුරැුස්ස බසයෙන් ඉමදුවට පැමිණෙන බවත් මෙම කාන්තාවගෙන් දුරකතන ඇමතුම ලැබිණි. වහාම ක‍්‍රියාත්මක වූ මෙම විවාහක සැමියා සමග ඔහුගේ යහළුවන් කීපදෙනා ඉමදුව නගරයට කිලෝ මීටර් භාගයක් පමණ ගාල්ල දෙසට වන්නට ඇති බස් නැවතුමකදී මෙම කාන්තාව බසයෙන් බස්සවා ගත්තේ ඇයට වදමල් සහිත මල්මාලාවක් දැමීමෙනි. එතැන් සිට විවාහක සැමියා විසින් මේ කාන්තාව පාරදිගේ කැදවාගෙන පැමිණියේ පොලීසිය වෙතය. මෙම ගමනේ දී මීටර් කීපයක් ගමන් කරණ විට විවාහක සැමියා විසින් පෙරකී කාන්තාවට හො`දවැයින් කම්මුල් පහරක් දුන්නේය. පුරුෂයාගේ යහළුවන් කෑකෝ ගසමින් මෙකී කාන්තාවට උසුළුවිසුළු කිරීමට පටන් ගත්හ. මේ අවස්ථාව දැකබලා ගැනීමට නගරයේ සෑහෙන පිරිසක්ද එක්රොක් වූහ.
කිසිවක් කර කියා ගැනීමට නොහැකි වූ පෙරකී කාන්තාව පොලිසිය වෙත රැුගෙන ආ එම කාන්තාවගේ විවාහක පුරුෂයා තමන් දරුවන් තිදෙනා තනිවම රැකබලා ගනිමින් ජීවත්වන බවත් මෙම ද්‍රෝහි කාන්තාව තමන්ට තවත් අවශ්‍ය නොමැති බවත් කියා පොලිිසියෙන් පිටතට යන්නට ගියේය.
මෙම ස්ථානයේ රැස්ව සිටි පිරිස පැවසුවේ තමන්ගේ පුරුෂයාට සහ දරුවන්ට ද්‍රෝහි වන මෙවැනි කාන්තාවන්ට මෙම සිද්ධිය හොද පාඩමක් බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සරල දේවල් මේවා අද කාලේ (නි)
බිරිඳට වාහන ෆෝන් අරන් දෙන්නේ නැතුව මෙහෙම දේවල් වළක්වන්න බැහැනේ. ගෙදර කෙනෙකුට හදිසි අසනීපයක් ළමයෙකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් ඒ බවලතිය වෙන උදවියගෙන් දුරකථන පහසුකම් සොයන්න යනකොට පෙරහර ගිහින් ඉවරයි. හොඳම පිළියම කසාදයට කෙනෙක් තෝරාගන්නා විට පොත්තේ පාටට, දෑවැද්දට, හුරතලේට, පෙනුමට රැවටෙන්නේ නැතුව ජිවිත කාලයටම තමන් එක්ක ඉන්න බවලතෙක් තෝරාගැනීම. ඕකට කාලා බලන්න අවශ්‍ය නැහැ. වැදගත් විදියට මාස තුනක් ආශ්‍රය කළා නම් මොළයක් තිබේ නම් තමන්ට වැටහෙනවා. (නි)
මෙතන අනියම් පුරුෂයා බේරලා කාන්තාවට විතරක් දඬුවම් කරන්න ඕනෑ කියනවා. එක පිරිමියෙක් මෙතන නැහැ අර හොර පුරුෂයාත් වැරදියි කියන. පිරිමියාට වරදෙහි බැඳීමට උත්පත්තියෙන් බලපත්‍ර තිබෙනවා සහ වරදක් සිදුවුණොත් ගැහැණිය තනි අතින් අත්පුඩි ගැසීම නිසා එය සිදුවී ඇති බව තමයි මේ " නියම පිරිමි " ටික කියන්නේ එතකොට. (නි)
දිලීප කියන හැටියට ගෙදර හිරකරලා තියලා මේවා සිදුවෙන එක නවත්වන්න පුලුවන්ද? අනෙක ඔය බිරිඳට දුරකථන පහසුකමක්වත් නොදුන්නේ කවුරුන් හෝ සැමියාගේ හොරයක් නෝනාට දැනුම්දීම වළක්වන්න කියලාත් හිතන්න පුළුවන් නේද? නෝනා ඉන්නේ බත් තම්බන්නයි ළමයි හදන්නයි ගෙදර වැඩකරන්නයි විතරයි කියලා හිතෙන පිරිමි තමයි ඔය වගේ මෝඩ විසඳුම් ගන්නේ. (නි)
මට පුදුම අර හොර මනමාලයාව සමහරුන්ට බබා වගේ පෙනෙන එකටනේ. (ර)
අනේ මෙහෙමත් ලැජ්ජාවක් නැති ගැහැණු? (නි)
අතුල මහත්තයෝ, ඔබ සමඟ මම එකඟයි. (නි)
ඇයි තමන්ගේ බිරිදට වරදක් කරලා තිබේනම් කම්මුල් පහරක් ගහන්න බැරිද? මම නම් කියන්නේ නියම කොන්ද පන තියෙන පිරිමියෙක් ඔහු. (බ)
කමල්, ඔබ වැනි අය අප රටට වාසනාවක්! (නි)
සරත්, තනි අතින් අත්පුඩි ගහන්න පුලුවන්ද? අර අනියම් පුරුෂයා පිළිකුල් භාවනාව වඩන සුපින්වතෙක් කියලාද සරත් කියන්නේ? වැදගත් වෙන්නේ මේ වරද මිසක් ස්ත්‍රී පුරුෂ භාවය අනුව වරදක බරපතලකම අඩු වැඩිවීම නෙමෙයි. (නි)
පෘථග්ජන දිවිය ඔහොම තමයි. ගැහැණු පිරිමි භේදයක් නැතුව වරදේ බැඳෙනවා. කළ වරද වටහාගත් නිසා සිය සැමියාගේ අනුකම්පාව බලාපොරොත්තුවෙනුයි ඇය එසේ පාපොච්චාරණය කළේ. තවද ඇයගේ මෝඩ ක්‍රියාව නිසා සිය දරුවන්ද විඳින දුක ඇයට මතක්වන්න ඇති (නි)
බිරිඳට අයාලේ යන්න වාහන ෆෝන් අරන්දෙන්න ඕනෑ නැහැ. (නි)
තමන්ට ගැහැණු දරුවන් ඉන්නවා නම් ආයෙත් අයාලේ ගිය බිරිඳ ගෙට වැද්දාගන්න එක ලොකු මෝඩකමක්. අන්තිමේ අර ගැහැණු දරුවන්ව වැදගත් තැනකට දෙන්නත් බැරිවෙනවා. (නි)
දැන් අර අනියම් පුරුෂයාට දඬුවමක් නැද්ද? (නි)
හැම දෙයක්ම ගැලපෙන විදියට තියෙන්න ඕනේ. නැති නම් වෙන්නේ ඕක තමයි කොච්චර ළමයි හිටියත්. (අ)
අහමඩ් ඇතුළු බහුතරයක් අර අනියම් පුරුෂයා ගැන "හ්ම් " කියන්නෙත් නැතිව වැරැද්ද කළ බවලති ගැන විතරක් කතාව. (ම)
බාර නොගැනීම සියට සියක් අනුමත කරන්න පුළුවන්, නමුත් දරුවන්ගේ පැත්තෙන් හිතනකොට ප්‍රසිද්ධියේ අපහාස කිරීම ගැන ටිකක් හිතන්න ඕන කාරණයක් මොකද සමාජයේ දී මේ ළමයින්ට අපහසුතා ඇතිවෙන්න පුළුවන්, අනික ලමයි මේවා දැනගතහොත් අනිවාර්යයෙන් මානසික බලපෑමක් ඇතිවෙන්න පුළුවන්, මටනම් හිතෙන්නේ හොඳ කොන්දක් තියන පිරිමියෙක්, හැබයි මේ දෙය නිසා ඔහුටත් යම්කිසි අපහාසයක් සිද්දවුනා කියලයි මට හිතෙන්නේ (බ)
සමාවදීම දේව ගතියක් නේද? සමාව දෙන්න සහ යළි බාරගන්න බැරි නම් වරද තේරුම්ගත් ඇයට අපහාස නොකර යන අතක යන්න නිදහස් කරන්න තිබුනා නේද? වැරදි පිළිගත් කෙනෙකුට අපහාස කිරීම ඊටත් වඩා වැරදියි. (නි)
හැකිනම් ඇයව රවටාගෙන ගිය පුරුෂයා සොයා මේ වගේ දඬුවමක් දෙන්න. (නි)
අහමඩ් එතකොට දැන් මේ වැරදි කළල අනියම් පුරුෂයාට ඕනවට වැඩිය දුන්නාට කමක් නැහැ . එහෙමද? (බ)
මම මෙම ක්‍රියාවට එකග නැත මෙම සිදුවීම මට වුණානම් මම එයාගෙන් ඈත් වෙමි. මෙය මානුෂිය වශයෙන් හැසිරීමක් නොවේ. එම කාන්තාවට මෙම පුරුෂයාට විරුද්ධව වන්දියක් ලබාගත හැක. එය වරදක් කළ බව සත්‍ය නමුත් අපි ගෝත්‍රික යුගයෙන් දුරස් විය යුතුය. මම දකින ආකාරයට මොහු නියම පිරිමියෙක් නොවේ (බ)
දැන් අජිත්ට දොස් කියන බවලතියන්ගේ සැමියන්ගේ හොර අඹුව මෙයාලාට අහු වුනොත් " උම්මා දීලා කිරි ටිකක් පොවයි ,අනේ නිකම් ඉන්නවලා. (බ)
එහෙනම් ඉතින් දෙන්නවම ගැලපුනේ නැත්නම් තුන් වැන්නෙකුට කියලාවත් ගලපා ගන්න වෙයි, මන් හිතන්නේ ඇසළ....(බ)
බිරිඳට ස්කූටරයක්, දුරකතනයක් අරන් දෙන්න කලින් දෙවරක් හිතන්න. බිරිඳ ඕනනම් අරන් දෙන්න එපා. එපානම් අරන් දෙන්න. (බ)
රෝහණට මගේ ආචාරය .....! (නි)
ඒ දෙදෙනාම වැරදි නැහැනේ.සියල්ල සිදුවන්නේ කාගේදෝ කැමැත්තටනේ. අනෙක මිනිසුන්ට ආසාවන් දුන්නෙත් එයාමනේ.ඉතින් වැරදිකරු එයානේ. (බ)
සරත්, සිංහල සාහිත්‍යයේ තිබ්බ පමණින් අදහසක් පලකරන්න කලින් තමන්ගේ අම්මා සහ සහොදරියෝ ගැනත් හිතලම පල කළොත් නේද හොද. (බ)
කමල් ගෝත්‍රිකවාදියෙක් නොවීම ගැන සතුටුයි. එහෙත් වරද වරදක් ලෙස තේරුම්කරදීමට ඔහු ගත් උත්සාහයට සතුටු විය යුතුයි.මෙය දකින කෙනෙක් හෝ නැවත මෙවැනි තීරණ වලට නොඑතියි සිතමි. (නි)
සරත් තනි අතින් අත්පුඩි ගහන එකකෙනෙක්ද කොහෙද? (නි)
මමත් දන්නා කෙනෙකුත් ඔහොම කරන්න ගිහින් අහු උනා. (ර)
සරත්, අනේ අදවත් මේ බවලත් අපි ඔය ටික දැනගත්ත එක ලොකු දෙයක්. (නි)
දැන් සමාජයේ ඔය වගේ සිද්ධි ගොඩක් සිද්ධ වෙනවා. කාන්තාවන් ගොඩක් මේ දේවල් වලට වග කිය යුතුයි.(හේ)
හොද පාඩමක් හැමෝටම.(හේ)
මේ කාන්තාවට ඔය වගේ දඩුවමක් දීලා මදී.(හේ)
නියම පිරිමියෙක්... (නි)
අනේ මේ ලාල් , හොර වැඩ කරලා අහුවුණාම බවලතිගේ පැත්තට වැරැද්ද දමලා බේරෙන පිරිමි ගොඩට ඔයාවත් දමන්න අපිට ඉඩතියන්න එපා. (නි)
කමල්, ඔබ නියම පිරිමියෙක් හැටියට ඇයව හොඳින් නහවා පිරුවට අන්ඳවා බාරගන්න. දරුවන් අතරමංකළ පාපයට ඇය වෙනුවෙන් වන්දි ගෙවීමට ඔබට හැකිවේවි. ඔබටත් පිනක්. (නි)
පිටබැද්දර ජයා,හැම දේකටමට බෞද්ධකම ගාවගන්න එපා.දඬුවම් දීපු විදිහ අනුමත කරන්න බැරිවුනත්,ඒ මනුස්සයාගේ හිතේ ඇතිවෙච්ච,වේදනාව,ආවේගය මිනිමැරීමකින් තොරව මෙහෙමවත් අවසාන වීම ගැන සතුටු විය යුතුයි.මෙතන නිකම් කයිවාරු ගැහුවාට තමන්ට මෙහෙම දෙයක් උනොත් බලාගන්න තිබුනා උපාසක අප්පුලාගේ තරම....? (බ)
ජොහාන්ගේ අදහසට මමත් එකඟයි. (නි)
එතකොට අජිත් නියම පිරිමියා වරදට නෝනාගේ කම්මුලට ගහන්නේ අර අනියම් පිරිමියාගේ ඔලුව ආදරයෙන් අතගාලා වෙන්න ඇති. (නි)
බොහොම කණගාටුයි අර අනියම් පුරුෂයාට දඬුවමක් දීම ගැන කතාවක් නැති එක. තමන්ට ද්‍රෝහීවීම වගේ වරදක් කළා නම් නීතියෙන් කටයුතු කිරීම තමයි විසඳුම (නි)
එතකොට ඔය බිරිඳව ,ළමයිව දාලා යන පිරිමින්ටත් මේ දඩුවම් ක්‍රමය අත්හදා බලමුද ? (බ)
ඔය යතුරුපැදි නිසා ගොඩක් පවුල් දික්කසාද වෙනවා (බ)
මේකත් එක්තරා විදියක කාන්තා හිංසනයක් නෙවෙයිද ? මේ මනුස්සයට කරන්න තිබුනේ ගිය දවසෙම පොලිසියේ පැමිණිලි කොරන්න , එහෙනම් නීතියට අනුව මේක බෙරනවනේ , අමතක කරන්න එපා මේක බහුතරයක් බෞද්ධයෝ ඉන්න රටක් කියලා , බෞද්ධයෝ ප්‍රශ්න විසඳගන්නේ මේ විදියටනම් නෙවෙයි නේද ? (බ)
සෑම දෙයක්ම සමබරව තිබුනොත් එහෙම වෙන්නේ කලාතුරකින් තමා ඇසළ. අපි හැමෝම පණ්ඩිතකම් කියෙව්වාට ප්‍රශ්නයට මුල කොහෙද කියලා දන්නේ නැහැනේ. (නි)
දඬුවම අනුමත කළ නොහැක (බ)
මේ වැඩ වලින් තාවකාලික චුන් ලැබුනත් සදාකාලික කැළලක් ඉතිරි වෙලා ළමයින්ට. වැරදි වලට සමාව දීල ප්‍රශ්නයක් වැදගත් ආකාරයට විසදීමට හැකිනම් කාටත් ආදර්ශමත් වෙනවා නේද. මේ වැඩෙන් ස්වාමියාගේ පහත් ගති ප්‍රසිද්ධ වුනා. මෙවැනි දේවලින් කටුක වේදනාවල් ලැබෙන්නේ දරුවන්ට එයාල ලොකු වුණාම (බ)
වුන දේ වුනා තමයි, නඩු හබ පලක් නෑ ඉතින්. මම ගැන හිතන්න එපා, දරුවන් ගැන සිතා වරෙන් කියල දරු තුන් දෙනා, ගැන හිතන්න තිබුනා..ලමයි කවදාවත් අම්මා එපා කියන්නේ නෑ (බ)
අජිත්ලා පිරිමිකම පෙන්වන්නේ ශරීර ශක්තිය අඩු කාන්තාවන්ට. පුළුවන් නම් මේ අනියම් පුරුෂයාට තඩිබාලා වීරකම පෙන්වන්නකෝ.මම කියන්නේ නැහැ මේ බවලතිය හරි කියලා. එහෙත් ඊට සමාන වැරැද්දක් මේ අනිත් පුරුෂයාගෙන් වෙලා. දැන් එයාගේ නෝනාටත් අයිතියක් තියනවා එහෙනම් අජිත් කියපු විදියේ කම්මුල් පාරක් පුරුෂයාට දෙන්න. නැද්ද අජිත්? (නි)
නිකන් නෙවෙයි ඔය බයිසිකල් වලට "පවුල් අවුල්" කියල කියන්නේ. (ස)
සරත් තනි අතින් අත්පුඩි ගසන්න පුලුවන්ද ? මොකද අර අනියම් පුරැෂයා පිළිකුල් භාවනාව කරමින් නෙවෙයිනේ ඉන්න ඇත්තේ. (බ)
අජිත්, ඔය ටික කියලා දුන්නේ කවුද? (නි)
මේ ක්‍රියාව මානුෂිය වශයෙන් කොතරම් උචිතද? කියන ප්‍රශ්නය අසා ගත හැකි. නමුත් නීතියකින් මේ සැමියාට වුන ලැජ්ජාව, අවමානය වන්දි ගෙවිය නොහැක. නීතිය තමන්ගේ අතට නොගෙන සැමියා කල ක්‍රියාවනම් වටී. ඇයට මින් මත්තටවත් මෙවැනි දේවල් නොකරන්න.දරුවන්ට එයින් අගතියක් උනේ ඒ මව ගිය දවසේ මය (බ)
කවුරුහරි අපේ අම්මාට එයාගේ වරදක් නිසා හෝ අත ඉස්සුවොත් අපි බලාගෙන ඉන්නවාද? නියම පිරිමියාට තමන්ගේ පිරිමිකම දමලා දුවන්න හිතන්නේ තමන්ගේ මවට පියාගෙන් පහරක් වැදුනදාට හෝ දුවට බෑණාගෙන් පහරක් වැදුනදාට. (නි)
හොඳ වැඩේ ..! ගැහැණියක් දැනගන්න ඕනෑ තමන්ගෙන් තම දරු පවුලට වියයුතු සේවාව. ඒ අතින් අපේ දෙමාපියෝ ජාති ජාතිත් වාසනාවන්. ඔහු බුද්ධිමත් මිනිසෙක්. දරුපැටවුන්ගේ ජීවිත ගොඩගන්න ඔබට දිරිය ශක්තිය ලැබේවා..! (නි)
කමල්ගේ කතාව මමත් අනුමත කරනවා මේ මනුලොව තුල අපි මනුෂ්‍යයන් හැටි යට වැරදි කරනවා ,වරදෙහි බැඳෙනවා පසුවට මේවා අවබෝධ කරගන්නවා නැවත ජිවිතය සකස් කර ගන්නට උත්සහ ගන්නවා , මෙවැනි අය කොච්චර ඉන්න වද ඉතින් මේවගේ අවස්තාවක මේ පියා නිතිය අතට අරගෙන මවට හිරිහැර කිරම දරුවන්ට හොඳ නැහැ මෙය මානුෂිය හැසිරීමක් නොවේ නිතිය පමණක් ක්‍රියාත්මක විය යුතුයි (බ)
අජිත්, ලැජ්ජා නැද්ද කාන්තාවන්ට අතින් පයින් වැඩ පෙන්වන්න? (නි)
නියම පිරිමියෙක්! (නි)
කමල් කියන විදියට දැන් අලුත් කාලයක්,, නමුත් මොහු කරපු දේ තමා හරි ,,,, මොකද දැන් කාලේ ගැනු මේවා දැකල වත් හැදේවී...දරුවොයි තම ස්වාමියි ,,දාල ගිය මෙයට නියම පාඩම,,,කොන්ද පන තිබුන පිරිමියාට මගේ හද පිරි ප්‍රණාමය,,,,!!! (බ)
ඕකම තමයි කියන්නේ ගෑනුන්ට ඕනවට වඩා දෙන්න එපා කියල. (ස)
සරත් මහත්මයා, "අවසර කල් රහස් තැන, ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන" නොවෙයි "අවසර කල් රහස් තැන, පිරිමි /ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන" (බ)
තමන්ගේ පුතාට පිරිමිකම කියන්නේ ගැහැණුන්ට ශරීර ශක්තිය පෙන්වන එක කියලා හිතන්න ඉඩ තියන අම්මලා තමයි මුලික වැරදිකාරියෝ. (නි)
බුදු අම්මෝ මෙන්න මට එලව එලව ගහනවෝ. අනේ ලාල් මහත්තයෝ උඹ මාව බේරගත්තට උඹට බොහොම පින්. (බ)
නවතම යතුරුපැදියක් ඇයට අරන් දුන්නේ හැකිකමකට නොවේ නම් ඔහු කෙතරම් ශ්‍රේෂ්ඨ ස්වාමි පුරුෂයෙක් වෙන්නට ඇද්ද...? අල්ලපු අත්තත් නොමැතිව, පයගහපු අත්තත් නොමැතිව පාරට වැටුණු පවුකාර ගැහැණියක්. තමන්ගේ කුසින් වැදු දරුවන්ට වඩා ලොකුවුණේ කොහොමද තුන්වැන්නෙක්? ගැහැණු මායම් වලට නොරැවටී එම කාන්තාව නැවත බාරනොගත් ඔහු නියම පිරිමියෙකි. දැන් ඉතින් කවුරුහරි ආලය අන්ධයි කියා කිවුවත් මම පුදුම නොවෙමි....... (නි)
මම නම් ගැහැණුන්ට අත උස්සන එක අනුමත කරන්නේ නැහැ. ඒක පිරිමිකමට ආදේශ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමාව දියනොහැකි තරම් බරපතල වරදක් තිබෙනවා නම් නීතියෙන් කටයුතු කර දරුවන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරදීම තමයි නියම පිරිමිකම (නි)
ගුණවර්ධන මේ ස්වාමිපුරුෂය නීතිය අතට ගත්තු බවක්නම් පෙනෙන්න නැහැ . ගැමියන් සතු යස පාඩමක් තමා උගන්වලා තියෙන්නේ .නීතිය පොලිසියට ඉටු කරන්න හැර , ප්‍රකාශය දී පිටව ගියා. (බ)
අජානිය ස්කූටර් තුරගා පිට වදිනා ගීතයට ඇතුලත්ව ඇති උදුම්බරා කතාව නව අර්ථ කථනය .(බ)
හොර අඹුවන් ඉන්න සමහර සැමියනුත් ඔය අජිත් කියනවා වගේ තමන්ගේ පිරිමිකම පෙන්වන්න ගෙදර නෝනාගේ නැති වැරදි සොයමින් ඇයට කම්මුලට ගහන අවස්ථා අපිට ආරංචියි. (නි)
ඔහොම යන ගැණු පිරිමි ලැජ්ජාව බය නොමැති නිසා මෙය අත් නොහරියි (බ)
සමාවෙන්න , පිරිමි අපි තමයි ගැනුන්ව බොරු සියක් කියල රවට්ට ගන්නේ අන්තිමට අපිම තමයි ගෑනුන්ට වරදේ බැඳෙනවා කියල කෑ ගහන්නේ.ගැහැණු 40% වැරදි පිරිමියාත් 60% එකයි මගේ අදහස.මොකද ගැහැණු කවදාවත් අනේ මේ මාව අරන් යන්නකෝ කියල කියන්නේ නැහැ. මම කියන දේ ඇත්තද? නැද්ද? (බ)
කමල් හරි ,මගේ අදහසනම් රණ්ඩුවේවි හරි ඉන්න පුලුවන්නම් ඉන්න.(එකට ඉන්නවනම් රණ්ඩු වුනාට මොකද වෙන්නේ ) හරියන්නේ නැත්නම් රණ්ඩුවෙලා වැඩක් නැහැ සාමදානෙන් අයින් වෙන්න. (බ)
"අවසර කල් රහස් තැන, ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන" (නි)
ගොඩාක් කල්පනා කරනකොට මට හිතෙනවා කමල් හරියි කියලා; මා ඔබ සමඟයි (බ)
අනේ මෙහෙමත් ගැහැණු! (නි)
මෙවන් කාන්තාවන් නිසා අපිටත් ලැජ්ජයි (නි)
පාප කාමයේ ආදීනව. (ර)
මෙහෙමත් අම්මලා. ළමයි ගැනවත් නොහිතා කරන වැඩ. (ර)
තමන්ට උවමනා විදිහට මෙතන නීතිය අතට අරගෙන නේද කටයුතු කර ඇත්තේ? නීතිය පොලිසියට බාරදෙන්න පෙර කාන්තාවට හිංසා කර ඇති බව ඔබට පෙනෙන්නේ නැද්ද? (නි)
නිහාල්, ඔබ හරි.මෙතන අදහස් දමන සමහරුන්ගේත් කිල්ලෝට වල ටික,ටික හුණු තිබෙන බව පෙනෙන්නට තිබේ. මේ කතාවේ එන අනියම් පුරුෂයාටත් ළමයි තුන්දෙනෙක් සිටී. අප දුරින් දන්නා ඉතාමත් වැදගත් මහත්මයෙකුට මීට සමාන සිදුවීමක් වෙලා දරුවෝ ගැන හිතලා නෝනා බාරගත්තා. ටික කලයි ගියේ. ආයෙත් පටන් ගත්තා සෙල්ලම. වරක් අත පුච්චාගත් කෙනා ආයෙත් අත පිච්චිලා, සමාජයට මුහුණ දෙන්න බැරුව දැන් පිටරටකට වෙලා ඉන්නවා. අර දෙන්නට දැන් රජ මඟුල්......! (නි)