IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අයියා මලෝ දෙන්නා අමුතු ක්‍රමයකට කිරි කපලා

(ගලිගමුව විශේෂ - රොහාන් කුමාර දිසානායක)
එක කුස උපන් සහෝදරකමට වඩා මුදලට ගිජුව රබර් ගසේ අයිතිය කියමින් එක ගසේ දෙපැත්තේ කිරි කපමින් සිටින අපූරු සහෝදරයන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙන් වාර්තා විය.


කෑගල්ල රංදෙණිය ප්‍රදේශයේ පියෙකුට පුතුන් දෙදෙනකු හා දියණියක සිටින අතර තමන්ගේ රබර් ඉඩමට ළමයි තුන්දෙනාම කැඳවාගෙන ගිය පියා ඔහුගේ සිතැඟි ලෙස සාධාරණව තම ඉඩම බෙදා දුන්නේය.


ලොකු පුතේ මේ රබර් ගහෙන් මෙහා, උඹට මෙතනින් එහා පොඩිපුතාට, මේ කොස් ගහෙන් එහාට දුවට කියමින් සාධාරණ ලෙස සමානව ඉඩම තම ළමුන් තිදෙනාට බෙදා දී ඇත.


තමා සතුව තිබූ සියලුම දේ තම දරුවන්ට බෙදා දුන්නේ තමන් නැති කාලයක ඉඩමට අයිතිය කියමින් මිනී මරාගනියි කියන දුරදක්නා නුවණ එදා පියාට තිබූ බැවින් විය හැකිය.


කාලයාගේ ඇවෑමෙන් පියා මියගිය අතර රබර් ගස් ටිකෙන් ටික වැඩී විශාල ගස් බවට පත්ව තිබිණි. වැටේ තිබූ රබර් ගසක් මායිමේ විශාල වී මායිම මැද්දේ තිබූ අතර පුතුන් දෙදෙනා ගස තමන් සතුකර ගැනීමට උත්සාහ කළ ද එකෙකුට අනෙකා දෙවැනි වූවේ නැත. දෙදෙනාම උදේට උදේට තරගෙට එකගහ දෙපැත්තේ තරගෙට කිරි කැපුවේ එක බඩවැල කඩාගෙන ආ අයිය මලෝ දෙදෙනාට සහෝදරකම අමතක වී සල්ලි ඉස්මතු වූ නිසාය.


එහෙත් ගස තමන් සතු කරගත යුතුයි කියමින් ඉකුත් දිනක කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ලැබී තිබුණි. 


 පොලිස් නිලධාරීන් ස්ථානීය පරික්ෂණයකට ගොස් සමාදානයෙන් බේරාගැනීමට උපදෙස් දුන්නද ඵලක් නොවූ බැවින් පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දන්වා ඇති බවත් ඒ අනුව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට ද ගැටලුව විසඳීමට නොහැකි වී ඇත. එම නිසා තීරණයක් ගෙන නැවත පොලිසිය වෙත පැමිණෙන ලෙස දන්වා ඇතත් නිවසට ගිය අයියා මල්ලි ගහ දෙපැත්තෙන් කිරි කපනවාලු.


කෑගල්ල පොලිසිය විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බී.එම්.ඩබ්ලිව්. යූ.චන්ද්‍රසේකර මහතා සහ පොලිස් සැරයන් ප්‍රේමලාල් මහත්වරු ගැටලුව විසඳීමට පරීක්‍ෂණ සිදුකරති.



අදහස් (1)

අයියා මලෝ දෙන්නා අමුතු ක්‍රමයකට කිරි කපලා

himal Thursday, 11 April 2019 07:47 AM

ඔය ඉස්සර ගම්මාන වල මායිමට ගස් හිටෙව්ව එකේ ප්‍රතිඵල තමයි මේ. ඕක පොලිසියට විසඳන්න බෑ. මායිමට නඩු කියන්න වෙනවා.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site