IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අඹ යාළුවා පරිස්සමට දුන් ගෑනි ඈලියාවට ගිහින්

(ගලහ ඩබ්ලිව්. අසේල)
කුඩා කල සිට ඇසුරු කළ අඹ යහලුවාගේ බිරිඳ සමග හොරෙන් පෙම් සුව විඳ තම දරුවන්ද අමතක කොට ඇය සමග වෙනම පවුල් ජීවිතයක් ගත කිරීමට ගිය මිතුරකු පිළිබඳ හේවාහැට කොළඹිස්ස ප්‍රදේශයෙන් වාර්තා වේ.


එකම ගමේ අසල්වැසියන් වූ මෙම දෙදෙනා වැලි කෙළියේ පටන් මිතුරන් වූ අතර පාසලේද එකම පන්තියේ අකුරු කළහ.


පාසල් අධ්‍යාපනය නිමා වී කල වයස පැමිණීමත් සමග දෙදෙනාම විවාහ වූ අතර, දෙදෙනාගේ මිතුරුකම නිසා බිරින්දෑවරු ද හොඳම මිතුරියෝ වූහ.


කාලයත් සමග ඒ මිතුරෙකුට දරුවන් දෙදෙනෙකු ද, අනෙක් මිතුරාට එක් දරුවකු ද සිටින අතර, විනෝද ගමනක් ගියත් මේ නිවෙස්වල හෝ ඥාතීන්ගේ නිවසක තිබුණු කුමන හෝ දෙයකට හතර දෙනාම එකටම සහභාගි වීම කැපී පෙනන දෙයක් විය.


හදිසියේම එක් මිතුරෙකුට කොළඹ ප්‍රදේශයේ රැකියාවකට යාමට සිදුවූයෙන් අනෙක් මිතුරාට පැවසුවේ “මචං මං කොළඹ රස්සාවක් කරන්න යනවා. හදිසියක් වුණොත් දරුවන්ටයි ගෑනිටයි උදව් කරපන්.”


“ඕක කියන්න දෙයක්ද? උඹ බයනැතුව කොළඹ පලයන් මම ඕන උදව්වක් කරන්නම්” මිතුරා පැවසීය. පොරොන්දු වූ පරිදි මිතුරා ද කොළඹ ගිය මිතුරාගේ නිවසේ සියලු දේට උදව් කරමින් කල් ගෙවූ අතර, කාටත් හොරා දෙදෙනා අතර ප්‍රේමයක් හටගත්තේය.


දෙදෙනාට දෙදෙනා නැතුවම බැරි මට්ටමකට පැමිණි නිසා කොළඹ ගිය මිතුරාගේ බිරිඳ ඇගේ ස්වාමියාට ලිපියක් ලියා තබා දෙදෙනාගේම දරුවන්ද අමතකකොට ගමේ මිතුරාත් සමග වෙනම පවුල් ජීවිතයක් ගත කිරීමට යන බව පවසා දරුවන්ද නිවසේ දමා හොර රහසේම ගොස් ඇත.


සිද්ධිය ආරංචි වූ කොළඹ සිටි මිතුරා වහාම ගමට පැමිණ ගමේ තනිවූ මිතුරාගේ බිරිඳ සමග එකම ත්‍රිරෝද රථයේ නැගී ගලහ පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කොට ගමට පැමිණ ඇත.


එය තවත් ප්‍රේමයක ආරම්භයක්ද යන්න දැන් ගමේ අහුමුළුවල කවුරුත් කසු කුසු ගාමින් සිටී.

 



අදහස් (1)

අඹ යාළුවා පරිස්සමට දුන් ගෑනි ඈලියාවට ගිහින්

Sapumal. Saturday, 16 February 2019 03:03 AM

මේ වගේ දේවල් නොවෙන්න වෙන්න ඇති කොළඹ සමහර රාත්‍රී සමාජ ශාලාවල වාහනවල යතුරු ටික කලවම් කර බිරියන් මාරුකර ගන්නේ... බලාගෙන යනකොට ඒකත් පුදුම අත්දැකීමක්නේ. පවුල් ජීවිතත් රැකෙන ගමන්ම වෙනත් තාලයේ අත්දැකීම් දෙදෙනාටම ලැබෙනවා. බලාගෙන යනකොට ඒකත් මහපුදුම දෙයක්...

:       46       232

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site