IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අම්මාට සාරි තෝරන්න ගිහින් රෙදි ගන්නා ආ කතගේ සාරිය ගලවලා

(මනෝජ් හර්ෂික)

තම මවට සාරියක් තේරීමට ගොස් (කාන්තා අනුරුවක්) යැයි සිතා සැබෑ කාන්තාවකගේ සාරියක් ගැලවීමට ගිය සිද්ධියක් පසුගියදා කඩවතින් වාර්තා විය.

සිද්ධිය සැකවින් මෙසේය.

මෙහි කතා නායකයා පාසල් අධ්‍යාපනය අවසන් කළ තරුණයෙකි. ළඟ ළඟම එන අලූත් අවුරුද්දට ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමට ඔහු තම මව සමග කඩවත ප‍්‍රදේශයේ සුප‍්‍රසිද්ධ නිමිඇඳුම් හලකට ගියේය. බොහෝ කාන්තාවන්ට මෙන්ම මේ තරුණයාගේ මවට ද ඇඳුම් තේරීම පහසු කාර්යයක් නොවීය.

සාප්පු සංකීර්ණයට ඇතුළු වු මව සහ පුතු සාරි තෝරමින් සාප්පුවේ ඉදිරියටම ගියේය. විවිධ වර්ගවල සාරි වර්ග කාන්තා අනුරූවලට අන්දවා හැඩ කරවා තිබිණි.

මෙසේ එකින් එක ගනිමින් තම මවගේ කැමැත්ත අකමැත්ත විමසමින් මවගේ කරට සාරි දමා හැඩ බැලූ පුතා අනෙක් පස ඩමිය වෙත යන්නේ එහි ඇති සාරිය ඉතාම වර්ණවත් වූ නිසාවෙනි.

එක දිගට කාන්තා අනුරූ තුනක් තිබූ අතර පළමුවැනි අනුරුවේ තිබූ සාරියට මව එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. දෙවැනි අනුරුවේ සාරියට ද ඇය එතරම් ඇල්මක් නොදැක් වූ හෙයින් තුන්වන කාන්තා අනුරුව වෙතට ගොස් ”අම්මේ මේක හොඳයි දැයි අසමින් එහි තිබූ සාරියෙන් ඇද්දේය.” එක වරම පිස්සුද මනුස්සයෝ යැයි කියමින් ඩමිය හැරී බැලීය. එවිට තරුණයාට හීන් දාඩිය දැම්මේය. අනුරූ දෙක කෙළවරේ සිටියේ තවත් කාන්තා අනුරුවක් නොව  සාරියක් ඇඳගත් කාන්තාවක් බව ඔහුට තේරුම් යනවිට සියල්ල සිදුවී හමාරය.

විශාල පිරිසක් ඉදිරිපිට අපහසුතාවට පත් වු තරුණයා ”අනේ සොරි” කියමින් සාරි තේරීම නවතා දමා එතනින් පිටවී ගියේය. තව ටිකක් එහෙමෙහෙ වුණා නම් හොඳ හැටි ගුටි කන්නට වෙනවා යැයි සිද්ධිය තම මිතුරන්ට කියමින් තරුණයා සිනාසුණේය.



අදහස් (0)

අම්මාට සාරි තෝරන්න ගිහින් රෙදි ගන්නා ආ කතගේ සාරිය ගලවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site