ඉරිදා දිනයේ කොළඹ මහ රෝහලේ බාහිර රෝගි අංශයට පැමිණි රෝගීන් සතියේ දිනවලට වඩා අඩුවිය. බොහෝ අය වායෝවෘද්ධ කාන්තාවන් සහ පිරිමින්ය. වාඩිවීමට අසුන් නොමැති සමහරුන් දොරටුව අසල බිත්තියට හේත්තු වී සිටියේ තම වාරය පැමිණෙන තුරුය.
එතැනට කඩා වැදුණු පෞද්ගලික ආරක්‍ෂක අංශයේ තරුණ ආරක්‍ෂක නිලධාරීයෙක්, “ඔතන කව්රුවත් ඉන්න එපා. වාඩිවෙන්න. වාඩිවෙන්න” යැයි ගෝරනාඩු කළේය. බිත්තියට හේත්තු වී සිටි රෝගීහු ඉවත් වූහ. වයෝවෘද්ධ කාන්තාවක් බිත්තියට හේත්තු වී නින්දේ පසුවූවාය.
ආරක්‍ෂක නිලධාරියා, “අම්මේ ඔයාටත් එක්ක තමයි කිව්වේ මෙතන ඉන්න එපා. මෙතැනින් ට්‍රොලි අරන් යනවා” යැයි කේන්තියෙන් පැවසීය. තිගැස්සී අවදි වූ කාන්තාව “පුතේ මේ ඉන්ජෙක්සන් එක දොස්තර මහත්තයාට දීලා විදගන්න ඕනේ” අහිංසකව පැවසුවාය. “ඒ වුණාට මෙතන ඉන්න එපා” ඔහු කීය. ඇය එතනින් ඉවත්වී ඈතට ගොස් බිත්තියකට හේත්තු වූයේ අසනීප ගතිය නිසා විය යුතුය. ආරක්‍ෂක නිලධාරියා ඇය අසලට පැමිණ “ඔතනත් ඉන්න එපා. ඔතන හිටියොත් නම් ඇතුළට යවන්නේ නැහැයි” පැවසුවේ ආවේගයෙනි.
“එයාට අම්මා කෙනෙක් නැතුව ඇති සල්ලි නැති අය තමයි ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට එන්නේ. ලෙඩෙකුටවත් අනුකම්පාවක් නැති මිනිහෙක්” ළඟ සිටි අයෙකුට පැවසූ රෝගියෙක් ඔහුගේ අසුන ඇයට පිරි නැමීය. කඳුළු පිරි දෙනෙතින් යුතු කාන්තාව වාඩි වූවාය.
ආරක්‍ෂක නිලධාරියා හිතවත් තරුණියක් පිටවෙන දොරෙන් ඇතුළු කරගත්තේ රෝගීන් ද බලා සිටියදීය.
ක්‍රිස්ටෝපර් සීපියන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙක් හැදෙන්නේ ආගම දහම තුළින් (ම)
රජයේ රෝහල්වල සාත්තු සේවකයොයි, අාරක්ෂක නිලධාරී තනතුර දරන අයයි රෝගීන්ට සළකන විදිය දැක්කහම හරිම කළකිරෙනවා (නි)
මම හිටියා නම් කණ රත්වෙන්න දෙනවා (නි)
අරවින්ද,මේ ලෝකේ ආගම් බිහිවෙන්නට කලින් මනුෂ්‍ය ශිෂ්ටාචාරයක් තිබුනා ලෝකයේ විවිධ රටවල්වල. ආගම් වලින් සිදු වුන දෙයක් තමයි මිනිසුන් තවත් බෙදීමකට ලක් වුණු එක. මිනිසාගේ සිතුම් පැතුම් සත්වයින්ට වඩා දියුණු නිසා මනුස්ස ගුණ ධර්ම සොබාවයෙන්ම ඔවුන්ට ලැබුනා. (බ)
සමහරවිට ඊට කලින් මෙහෙම ඉඩදීලා ඒ නිලධාරියාට ප්‍රශ්නයක් වෙන්න ඇති. (නි)
කතාවෙන් නම් සමහර අය සිංහල බෞධ නමුත් කරන්නේ නම් මහ නරක වැඩ. (අ)
ඔන්න මඩු වලිගයක්වත් තිබුණා නම් වැඩක් ගන්න තිබුනා. (නි)
තම පන්තියේ එකාම තමයි හැම වෙලාවේම තමන්ගේ කරුමෙට එන්නේ. නැතිබැරිකමට හැමතිස්සෙම ගොරවන්නේ ඔරවන්නේ නැති බැරි එකාම තමයි. (නි)
නීතිය ක්‍රියාත්මක කළයුතු වුණත් මොහු කරලා තියෙන්නේ තමන්ගේම අම්මාටත් නිගරුවෙන වැඩක් (නි)
උස් තැන් දැක හැකිළෙන්නේ.... මිටි තැන් දැක පුප්පන්නේ... අහිංසක මනුස්සයෙක්ට පාට් එක දාලා තමන් හරි පොරක්, ලොක්කෙක් කියලා සමාජෙට පෙන්නන්න හදන්නේ දුර්වල පෞරුෂයක් තියෙන අය. මේ බොරු චණ්ඩියත් ඒ වගේ. ඔතනට ඇමතියෙක් හරි ලොක්කෙක් හරි ආවා නම් බලාගන්න තිබුනා වැඩේ. දෙකට තුනට නැමිලා අාචාර කරයි. පව් අහිංසක අම්මා. මනුස්සයෙක්ගේ වටිනාකමක් නොදන්නා මෙහෙමත් දුර්ජනයෝ! (නි)
අඩු ගානේ කාට හරි කරුණාවක් දක්වපු එක ඇති. (ම)
අරවින්ද, ඔතන ප්‍රශ්නය තියෙන්නේ ආගමේ නොවෙයි එක එක්කෙනාගේ හැදියාවේ. (නි)
මහේෂ් කියලා තියනවා වගේ ඔය වර්ගයේ නිලධාරීන් තමයි ලංකාවේ වැඩිපුරම ඉන්නේ. රටේ අවාසනාවටද, අපේ කරුමෙටද ඔවැනි අමනයින් බහුලව සිටින්නේ කියලා තමයි හිතාගන්න බැරි? (නි)
කළගුණ නොදත් එකෙක් (අ)