(තිහගොඩ උපසේන ලියනගම)
සිය මවගේ මංගල මුද්ද මනාලියට පැළැඳවූ පුතකු පිළිබඳ අපූරු පුවතක් පසුගියදා දකුණු පළාතේ මංගල්‍ය උත්සවයකදී අසන්නට ලැබිණි.

මේ මනාලයාගේ පියා හදිසි හෘද්‍යාබාධයකට ලක්ව රෝහල් ගත කළත් කලින් දින යොදාගත් පරිදි දෙපාර්ශ්වයම එක්ව නියමිත දිනයේම මංගල්‍ය උත්සවය පැවැත්වීය. එහෙත් මනාලයා සිටියේ පියාගේ රෝගී තත්ත්වය පිළිබඳ දැඩි ශෝකයකිනි.
මංගල්‍ය උත්සවයේ සියලු කටයුතු සාර්ථකව සිදුවුවත් මනාලියට මංගල මුදුව පැළඳීමේ අවස්ථාවේ ගෙනෙන ලද පෙට්ටියේ මංගල මුදුව නොවීය.
කලබලය කුමක් දැයි සෙවූ මනාලයාගේ මවට මංගල මුදුව අස්ථාන ගතවී ඇති බව දැන පුතේ දැනට මේක දාපං පස්සෙ බේරගන්න බැරියැ කියමින් තම ඇඟිල්ලේ වූ මංගල මුදුව ගලවා ඔහු අතට දුන්නාය.
මවගේ ස්ථානෝචිත ප්‍රඥාව ගැන පුතා ඇතුළු පිරිස මහත් සතුටට පත්වුණාලු.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අම්මගෙ මංගල මුද්ද පුතා මනාලියට පලඳලා
Ashok Doha Sunday, 23 September 2018 05:46 PM
අම්මලා කියන්නේ ගොඩක් පුතුන්ට ආදරේ. මෙම පුවත හොඳ ආදර්ශයක්.