(තිහගොඩ උපසේන ලියනගම)
සිය මවගේ මංගල මුද්ද මනාලියට පැළැඳවූ පුතකු පිළිබඳ අපූරු පුවතක් පසුගියදා දකුණු පළාතේ මංගල්‍ය උත්සවයකදී අසන්නට ලැබිණි.

මේ මනාලයාගේ පියා හදිසි හෘද්‍යාබාධයකට ලක්ව රෝහල් ගත කළත් කලින් දින යොදාගත් පරිදි දෙපාර්ශ්වයම එක්ව නියමිත දිනයේම මංගල්‍ය උත්සවය පැවැත්වීය. එහෙත් මනාලයා සිටියේ පියාගේ රෝගී තත්ත්වය පිළිබඳ දැඩි ශෝකයකිනි.
මංගල්‍ය උත්සවයේ සියලු කටයුතු සාර්ථකව සිදුවුවත් මනාලියට මංගල මුදුව පැළඳීමේ අවස්ථාවේ ගෙනෙන ලද පෙට්ටියේ මංගල මුදුව නොවීය.
කලබලය කුමක් දැයි සෙවූ මනාලයාගේ මවට මංගල මුදුව අස්ථාන ගතවී ඇති බව දැන පුතේ දැනට මේක දාපං පස්සෙ බේරගන්න බැරියැ කියමින් තම ඇඟිල්ලේ වූ මංගල මුදුව ගලවා ඔහු අතට දුන්නාය.
මවගේ ස්ථානෝචිත ප්‍රඥාව ගැන පුතා ඇතුළු පිරිස මහත් සතුටට පත්වුණාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මලා කියන්නේ ගොඩක් පුතුන්ට ආදරේ. මෙම පුවත හොඳ ආදර්ශයක්.