(මල්වාන ඩබ්ලිව්.ඞී.එම්. විතානගේ)
දහසය හැවිරිදි පාසල් සිසුවියක් පාසල ඇරී නිවෙස වෙත එනවිට යතුරුපැදියකින් පැමිණ ඇයගේ ලැම ප‍්‍රදේශය අතගා පළා ගිය ලියුම් බෙදන්නෙක් බියගම පොලිසිය මගින් පසුගිය සිකුරාදා (26) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
අතවරයට ලක්වූ එම පාසල් සිසුවිය පාසල ඇරීමෙන් පසුව නිවෙසට පයින් එනවිට මෙම සැකකාර ලියුම් බෙදන්නා යතුරුපැදියකින් දින දෙකක්ම පැමිණ පාළු තැනකදී ඇයගේ ලැම අත ගා පළාගොස් ඇතැයි කියති.
මේ සිද්ධිය සැලවූ වහාම පොලිසිය එම පාර දෙපස සිටින නිවැසියන් දැනුම්වත් කොට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
තිස් හැවිරිදි එක්දරු පියකු වන ලියුම් බෙදන්නා මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ සිද්ධිය සම්බන්ධව බියගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඞී. ගරුසිංහ හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා නදීරා කලූගම්මන යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමදරා අක්කේ මේකටත් ටොප් කොමෙන්ට් පාරක් දාන්න. ඔයාට හරියනම විෂය (බ)
හොද වැඩේ.(හේ)
ගමේ මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරුණ එක ලොකු දෙයක්.(හේ)
තාත්තා කෙනෙක් නේද ලැජ්ජ නැද්ද ඔය වගේ වැඩ කරන්න.(හේ)
මේ වගේ අයට ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි.(හේ)
දැන් මේ පියුන් කියාවිද දන්නේ නැහැ එයාගෙත් කුඩ මිටක් තමයි දැරියගේ ශරීරයේ වැදුනේ කියලා. (හේ)
මට ලංකාවේදී පාසල් අවදියේදී බසයේ යද්දී මෙහෙම නාකි මනුස්සයෙක් කරපු කැත වැඩක් තාම මතක් වන විට මාව පිච්චෙනවා , එකල මේවා කියන්නට, විරුද්ධ වන්නට විදියක් නැහැ ලැජ්ජාවට , මුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ (බ)
සමදරා 2015-06-30 13:43:25 අදහස මගේ නෙමෙයි. කවුද මගේ නමින් දාලා (නි)
මේ වගේ පුද්ගලයන්ට ඊළඟට ඉතින් ලැබෙන්නෙත් ඉතාම සුළු දඬුවමක් . මට මතකයි අපි කුඩා කාලේ අංක 176 බස් මාර්ගයේ ගැහැණු දරුවන්ගේ අත කොනිත්තා ඉතිරි සල්ලි සහ ටිකට් දෙන කොන්දොස්තරයෙක් හිටියා. ඒ කාලයේ නාවල සංගීත පන්ති යන්න ඒ බස් එකට නැගපු මටත් ඔය ටික වුණා. ලජ්ජාවට ගෙදර ගිහින් නොගියපු මම කලේ ඉන් පසු පන්ති යන එන දවසට ඒ බස් රථය මග හැර ඊළඟ බස් රථයට ගොඩ වීම.(ම)
චතුරි, ඔයාගේ ‘‘ඒ අය මේ වගේ නෙවෙයි" කියන කතාවෙන්ම ඔප්පු වෙනවා මම ගැහැනියක් බව මීට නියම සමදරා (සෑම් ආරි)
මේ සමදරා නමින් පෙනී සිටින තැනැත්තා හෝ තැනැත්තිය මෙතනටත් දේශපාලනය ගාවගෙන ඉන්න බවයි පෙනෙන්නේ. පිවිතුරු යහපාලගේ කව්දෝ වෙන්න ඇති මන් හිතන විදිහට. (නදී)
පාසල් යන ගැහැණු ළමයි කොල්ලාගෙන් ලියුමක් ලැබුනහම හංගන තැන ගැන දන්නා නිසා සමහරවිට මිනිහා ලියුමක් දාන්න උත්සාහ කළාද දන්නේ නැහැ. (නි)
රණ්ඩු වෙන්න එපා.ලංකාවේ ගැහැණු නම් පාවිච්චි කරනා පිරිමි ඉන්නවා වාගේම , පිරිමි නම් පාවිච්චි කරන ගැහැණුත් ඉන්නවා. සමහරු ඔය දෙක අතරේ නම් දෙකින්ම පෙනීසිටිනවා. සමදරා කොහොම කෙනෙක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නය , දමන ප්‍රතිචාරය පමණක් සිතන්න (නි)
මේ සුබෝධි මගෙන් අහ ගන්න එපා, ඕගොල්ලෝ රට අත් හැරලා දාලා ගිය අය. අප බෝම්බ මැදින් ජීවත් වුණා. දවසක් මිනිහෙක් පිටිපස්සේ ඉඳන් මගේ උරහිසට නොසෑහෙන්න ඇන්නා, මම හැරිලා රවලා බලපුවම තේරුනේ මිනිහගේ කුඩේ විත්තිය. අනිත් අතේ තව බැග් එකක්. පවු අහිංසකයා, වනචරයෙක් නෙවෙයි (බ)
මේ මිනිහාට තියෙන්නේ මනෝ ලිංගික බොළඳ තාවක්. මනෝ වෛද්‍ය වරයෙකුගෙන් දිගුකලක් නොකඩවා ප්‍රතිකාර කළ යුතුයි. (බ)
සමදරා ලංකාවේ ලංකාවේ හැම බස් මාර්ගයේම හැතක්මෙන් හතක්ම වංගු තියනවද ? ඔයා නම් ගමන් බිමන් යන්නේ ප්‍රයිවට් ජෙට් එකකින් වගේ. (ම)
මේ ලඟදි මගේ යාලුවෙක් සෙනග පිරුන පිටකොටුව කොට්ටාව බස් එකේදී සිටගෙන යද්දී සීට් එකක සිටි කාන්තාවකගේ ඇඟේ ගෑවුනා කියල විජේරාම හන්දියේදී රවලා බලලා. යාලුවාට එම සිට් එකේ වීදුරුව අයිනේ මහරගමදී ඉඳගන්ට ලැබිලා. අර කාන්තාව ටිකදුරක් යනකොට ඔහුගේ උරහිස මත ඔලුව තියාගෙන බුදීලු. යාලුවා උරහිස සොලවා ඇය දෙස බලපුවාම කාන්තාවට ලැජ්ජා හිතුනලු. (ර)
මෙහෙමයි, බස්වල යන කෙනෙක් නිසා කියන්නේ - සමහර ගෑනු බොරුවටත් මිනිස්සුන්ට බනිනවා - වංගුවකදී හැප්පුනාම වගේ වෙලාවලදී (බ)
අම්මෝ සමදරාට තරහ යන විදියට හරියට බෝම්බයක් පිපිරුණා වගේම තමයි. අමුතුවෙන් පිපිරෙන්න දෙයක් නැහැ. (ම)
මම ලංකාවේ ඉන්න දවස්වල රැකියාවට යන්න බොරැල්ල ළමා වාට්ටුව ඉදිරිපස තිබෙන බස් හෝල්ට් එකේ තනියම හිටගෙන සිටින විට මට අත් දැකීමට සිද්ධ වුනේ මෙහි ලිවීමට බැරි තරම් පිළිකුල් සහගත ක්‍රියාවලියක්.මම මෙය කාටවත් කීවේ නැහැ ලැජ්ජාව නිසා.දැන් නම් මට හිතෙන්නේ එම වනචර මිනිසාගේ ඔලුව පලන්න තිබුනේ අතට අහුවෙන දෙයක් අහුලාගෙන. (බ)
මේ තැපැල් පියුන් සමදරා මහත්මියගේ කවුරුවත් නෙවෙයිනේ ? (ම)
සමදරාව යවන්න ඕන මැණික් සංගීත පන්ති ගිය බස් එකේ .(ම)
කොටියා කැලේ මාරු කලාට පුල්ලි මාරු වෙන්නේ නැහැ.(හේ)
සමහරුන්ට ඉස්සර තිබුන කුලප්පුව ආයෙමත් හැදීගෙන එනවා වගේ. දෙයියනේ කියලා හරි ආශාවෙන් එසැණට ගොඩවෙලා විස්තර ටික කියවලා අදහස් ටිකත් බැලුවා. (නි)
සමදරා,මෙතන මාතෘකාව පිරිමියෙකුගෙන් දැරිවියකට වුන හිංසනයක්. ඔයා නිකම් පිරිමින්ට සුදු හුණු ගාන්න එපා.අපිත් ලංකාවේ ඉන්න කාලයේ බස් වල ගිය කට්ටිය තමයි.අපේ අම්මා මට කියලා දීලා තිබුනේ අල්පෙනෙත්තක් අතේ තියාගෙන බස් එකේ ගමන් කරන්න කියලයි. (බ)
තරුණ ගැහැණු ළමයකුටවත් තනියෙන් මඟ තොටේ යන්න බැරි කාලයක් දැන් උදාවෙලා තියෙන්නේ. අනේ මන් දන්නේ නැහැ මේ මිනිසුන්ට මොන යකෙක් වැහිලද කියලා.(ම)
මේ පුද්ගලයාට අන්ත මානසික තත්වයක් තිබෙන කෙනෙක් පාඨක සභාවේ ඉන්නවා. කාන්තා පාඨකයන්ගේ නම මතුරමින් දේශපාලන පුවත්වලදී අන්දරේගේ භූමිකාව රඟපාන කෙනෙක්. (බ)
ශාන්ති, ඔයාගේ යාලුවාට බසයේදී හේත්තුවුණ බවලත් කෙනා නම් නිදාගන්න ඇති. ඒ වුණාට මේ පුවතේ සඳහන් දැරිවියට පියුන්ගේ බයිසිකලයේ යන ගමන් නින්ද ගිහින් නැහැනේ. (නි)
මොහුටත් දියණියන් ඉන්නවාද දන්නේ නැහැ. විලි ලජ්ජා නැතිව තාත්තා කෙනෙකුත් වෙලා නේ. (අ)
මම දවසක් සේවා ස්ථානයේ අමතර රාජකාරි සඳහා උදේ පාන්දරින් යනවිට ඩාලිපාරේ මහවැලි අමාත්‍යංශය අසළදී එක්තරා පුද්ගලයෙක් මා ළඟින් ගමන් කරන ගමන් කළ දේ මෙතන ලියන්න බැහැ. උදේ පාන්දර නිසා පාරේ සෙනඟත් නැහැ. මොහු මේ වැඩේට හොඳට පළපුරුද්දක් ඇති බව පෙනුනා. බියට සහ ලැජ්ජාවට පත් වූ මම කාර්යාලයට දිවගොස් මේ බව පසුව එහි හිතවතියකට කිව්වාම එයා කිව්වේ අසළ කාර්යාලයක සේවයේ නියුතු බවලතෙකුටද වේලාසන වැඩට පැමිණෙමින් ඇති දිනයක මෙවැනිම දෙයක් ඒ අහළ පහළදී සිදුව ඇති බවයි. (නි)
සමදරාට කුඩ මිට වැදුන නිසා හොඳට ගියා , වෙන එකක් අැනුනානම් හොම්බෙන් යන්න වෙන්නේ (බ)
මේ මිනිහා අම්මා කෙනෙක්ගෙන් කිරි බීපු කෙනෙක් නම් වෙන්න බැහැ.මට නම් මේ පුවත අහනකොටත් තරහයි . (අ)
තමන්ගේ මව සමඟ බස් එකේ ගිය 9 හැවිරිදි දැරියක අතපත ගාපු කෙනෙක් බස් එකේ උදවිය අල්ලාගෙන පොලිසියට රැගෙනගිය පුවතක් පසුගිය දිනවල පුවත්පත් වල තිබුනේ. පුදුමයට කාරණාව නම් "පිරිමින්ගේ මෙවැනි පහත් වැඩ නැහැ, එහෙම දෙයක් පිරිමින් අතින් සිද්ධවෙන්නේ නැහැ" යනුවෙන් ඔවුන්ට සුදුහුණු ගාන බවලතුන් කොට්ඨාශයක්ද සමාජයේ මතුවීමයි. (නි)
ලංකාවේ බහුතරයක් අද විකෘති කාමයෙන් පෙලෙන , මන්ද මනසිකයන් වෙලා , කුඩු ගසන මතපැන් බොන , නිල සිනමා නරඹන විට සිදුවන ප්‍රතිපල (ම)
සමදරා කියලා මේ පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක් විදියට ලියනවා වගෙයි. මොකද ගැහැණු වන අපිටත් පිරිමි ඉන්නවා. ඒ අය මේ වගේ නෙමෙයි. (නි)