IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අපේ‍්‍රල් පළමු වැනිදා කී බොරුවට කාර්යාලයේ පිරිස රැවටිලා

කාර්යාලයේ වැඩකරන අයකුගේ නැන්දා හදිසියේ මියගොස් ඇතිබව දැන්වීම නිසා ඔහුගේ හිතවතුන් ශෝක ප‍්‍රකාශ හා බැනර් රැගෙන සවස අවමඟුල් උත්සවය තිබෙන තැනට ගියවිට එය හිතවතා අපේ‍්‍රල් පළමුවනදා ඔවුනට කළ විහිළුවක් බව දැනගෙන ගිය පිරිස ආපසු හැරී කාර්යාලයට පැමිණි සිද්ධියක් කොළඹට ආසන්න රජයේ කාර්යාලයකින් අසන්නට ලැබුණි. සිද්ධිය සැකෙවින් මෙසේය.
සේවකයා තම නැන්දා ලෙඩින් පසුවෙන බව ඔහුගේ කාර්යාලයේ අයට කියා තිබී ඇත. මේ අතරේ ඔහු අපේ‍්‍රල් පළමුවැනිදා සේවයට නොපැමිණි නිසා මිතුරෙක් ඒ ගැන විමසූවිට මචං අද මට එන්න වෙන්නේ නෑ. අපේ නැන්දා මියගියා අනෙක් අයටත් කියපන් පුළුවන්නම් වරෙල්ලා කියා ඇත.
මෙය ඇසූ මිතුරා ඒ බව කාර්යාලයේ අනෙක් අයට ද කීය. ඔහුගේ පණිවිඩය විශ්වාස කළ සෙසු මිතුරන් දුකට පත්ව අවමඟුල් නිවෙසට යාමට කතිකා කරගෙන අවශ්‍ය බැනර් ශෝක ප‍්‍රකාශ හා කවිකොළ ආදිය ද සකසාගෙන අවමඟුල් උත්සවය තිබෙන තැනට ගිය විට සුදු කොඩියක්වත් පේන මානයක දක්නට නැති නිසා ඒ ගැන විපරම් කර බලද්දී එය මිතුරු සේවකයා අපේ‍්‍රල් පළමුවැනිදා කළ විහිළුවක් බව වටහාගෙන ගිය පිරිස ආපසු හැරී කාර්යාලයට පැමිණ ඇත්තේ ගමන රහසක් ලෙස තබාගන්නා මෙන් ගිය අයට පවසමින්ලූ.



අදහස් (0)

අපේ‍්‍රල් පළමු වැනිදා කී බොරුවට කාර්යාලයේ පිරිස රැවටිලා

චින්තක Thursday, 04 April 2013 12:08 PM

අප්‍රියෙල් 1 වැනිදා විතරක් නෙමෙයි, රැවටීම කොහොමත් හොද දෙයක් නෙමෙයි. මම දන්නා කෙනෙක් අප්‍රියෙල් 1 වැනිදා අනතුරකට ලක්වුණා. නමුත් රෝහල් ගත කෙරුවා කියලා කිව්වට කවුරුවත් පිළිගත්තේ නැහැ. අප්‍රියෙල් 1 වැනිදාට යෙදෙන මේ බොරු කීම නවත්තනවා නම් තමයි හොඳ (නි)

:       0       0

සෙන්තිල් Thursday, 04 April 2013 12:56 PM

අනිත් රටවල් වලට සහ අනිත් මිනිස්සුන්ට කොහොම වුණත්,ලංකාවේ අයට නම් හැමදාමත් අප්‍රියෙල් 1 තමයි. (නි)

:       0       0

අජිත් Friday, 05 April 2013 03:21 PM

අප්‍රේල් 01 දා දැන් කවුරුත් ගණන් ගන්නේ නැති එකේ මොන වටද තවත් රැවටෙන්නේ.(නදී)

:       0       0

වරුණ Thursday, 04 April 2013 07:12 AM

අයියෝ මිනිස්සු හිතන හැටි? අන්තිමට අර කොටි ආවෝ කිව්ව ගොපල්ලට වෙච්ච වැඩේ තමා වෙන්නේ? (නි)

:       0       0

ප්‍රවීන් Thursday, 04 April 2013 08:24 AM

අනේ ඇත්තටම ද ආ (ස)

:       0       0

උපාලි Thursday, 04 April 2013 08:39 AM

මේකත් විහිලුවක්ද? එයාගේ විහිලුවට රැවටුන අය ඇත්තටම එහෙම දෙයක් වුන දවසට මොකද කරන්නේ? ඉල්ලා ගත්තේ නැද්ද ගමන් ගාස්තුවවත් අඩු ගණනේ? (ස)

:       0       0

කුසිත Friday, 05 April 2013 04:39 PM

මාර විහිළුව.(නදී)

:       0       0

ශ්‍රීනාත් Friday, 05 April 2013 04:50 PM

මුසාවාදා වේරමණී සිඛ්කාපදං සමාධියාමී කිව්වළු....!(නදී)

:       0       0

අකිල Thursday, 04 April 2013 06:48 PM

චින්තක ඔය හරි . අප්රිඅල් 1 පළවෙනිදට නොව ජීවීත කාලයටම මිනිස්සුන්ව රවට්ටනේ නැතුව ඉන්න එක හොදයි .මිනිස්සු නැති කරගන්නේ නැතිව . (අ)

:       0       0

මාලක Thursday, 04 April 2013 10:41 AM

අන්නුන්ව රවට්ටන්ඩ හැදුවට රැවටෙන්නේ තමන්ම විතරයි කියල මතක තිය ගත්තොත් හොඳයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site