පසුගිය මැතිවරණයේදී අපේක්ෂකයෙක් පෝස්ටර් ඇලවීම සහ කැන්වසින් යාමේ කටයුතු සඳහා තරුණයින් පිරිසකට ආරාධනා කළේය. මෙම කටයුතු සඳහා අපේක්ෂකගෙන් වාහන පමණක් නොව කෑම බීම සහ මුදල් ද මදි නොකියන්නට ලැබිණි.
ඔහු හිතවත් ඡුන්ද දායකයින්ට පැවසූවේ තම අංකයට පමණක් මනාපය ලබාදෙන ලෙසටය. හෙතෙම අවුරුදු කිහිපයක්ම ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයකු ලෙස උජාරුවෙන් කටයුතු කළ අතර ඒ කාල වකවානුවලදී තමනට ලැබුණු ජොබ් කෝටාවලින් මෙම තරුණයින්ට හෝ ඔවුන්ගේ පවුල්වල අයට රැුකියා අවස්ථා ලබා දී නොතිබිණි.
එයට කළගුණ සැලකීම සඳහා තරුණයින් ඇතුළු පවුලේ උදවිය තීරණය කළේ තම මනාපය වෙනත් අපේක්ෂකයකුට ලබාදීමටය. ඡුන්දය දා උදෙන්ම ගොස් ඡුන්දය දැමූ ඔවුහූ අපේ්ෂකයා මුණ ගැසී ‘‘සර් උදේම ගිහින් සර්ගේ අංකෙට විතරක් ගහලා ආවා’’ යැයි පැවසූහ.
සතුටු වූ අපේක්ෂකයා ඔවුනට මත්පැන් බෝතල් සහ රතිඤ්ඤා ද ලබා දී ‘‘ඡුන්දෙ අහන වෙලාවට පොඞ්ඩක් ගන්න. මම දින්නාට පස්සෙ රතිඤ්ඤා පත්තු කරන්න’’ යැයි පැවසීය.
රාත‍්‍රියේදී මිතුරෝ මත්පැන් බී කතාබහ කරමින් මැදියම් රැුය පසුවන විට සුවසේ නිදන්නට වූහ. පසු දින සවස ඔවුනට දැනගන්නට ලැබුණේ තමන් කැන්වසින් යෑමට උදව් කළ අපේක්ෂකයා පරාජය වී ඇති බවය.
‘‘අපිට හරි සතුටුයි මිනිහා පැරදුණු එක ගැන. ඉන්න කාලේ ගමේ අපිට ජොබ් එකක් නොදුන්න එකට පනිෂ්මන්ට් එක තමයි එයාට හම්බ වුණේ’’ පැවසූ මිතුරෝ අපේක්‍ෂක දුන් රතිඤ්ඤා පත්තු කරන්නට වූහ. ‘‘මගේ අරක්කු මටම ගහනවා කියන්නේ ඕකටයි.’’ පසුව අපේක්ෂකතුමා සිදුවීම ආරංචිවී පවසා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පිටබැද්දර ජයා, රූපවති අයියා නගෝ දෙන්නම ඡන්දේ දුන්නේ නැද්ද? මට නම් හරි දුකයි.මොනවා කරන්නද? (නි)
මට මතකයි අප ගමේ එක්තරා සිදුවීමක්.. ඒ ප්‍රේමදාස ජනපති තුමාගේ සමයේ..? අපේ ගමේ සැවොම එකිනෙකාට යාවෙන පවුල් ඥාති සම්බන්දයෙන් බැඳිලා මුළු ගමේම අය නෑදෑයෝය .පිය පාර්ශ්වයෙන් අපේ මාමා කෙනෙකු වන ඔහු යමක් කමක් ඇති රජයේ සේවකයෙකි, මුළු ගමේම අය රැළ පිටින් ඔහු වටා කොතෙනද රැස්වීමක් වාහන පුරෝගෙන නිල්පාට කොඩි වනාගෙන..අද මෙන් ත්‍රීවිල් නැති මෝටර් බයික් පෙර හැරේ ලොරි ටැට්ටර්ද මුළු ගමේම සෙනඟ පටවාගෙන.. අවසානේ රෑවෙනකොට ඒ මාමගේ ගෙදර 1000 වඩා කෑමට එන අයට මාද කෑම පිළියෙළ කාලා මතකය .මස ගානනකට පසු කෙමෙන් ඡන්දය දිනය ළඟා උනි .... එදිනද පන්දහසක් පමණ රාත්ත්‍රියේ.. නිවසේ බෝජනයෙන් සප්පායන් වී..අලුයම වෙනවිට ... වත්තේ පොල් ගස් යට පවා නිවසට යාමට නොහැකි අඩපනවුන් නිදිය. අලුයම නිකවැරටියේ ආසනෙන් කොබෙයිගනේ ප්‍රතිපලය වුණේ, ඒ මාමට ඡන්ද තිස් ගණනකි, එදත් හරි අයනම් ඒ මාම දේශපාලනේට ගියේ නැත..?දිනුවේ ගමේ හැමගේ හිතවතෙක් වන මුස්ලිම් සහෝදරයෙකි..? (අ)
කෙනෙකුට බොරු කරලා කුසගිනි නිවාගෙන මොකටද මලේ ? කෙලින්ම කිවනම් ඔහේ අපට කෙරුව යමක් නැති නිසා අපි වෙන අතක් බලාගන්නවා කියල මීට වඩා නම්බුයි නේද , (අ)
ලංකාවේ මන්ත්‍රී වරුන්ට වඩා ඡන්ද දායකයෝ බුද්ධිමත් (අ)
අර ගායකයා කියූ දේ මිනිස්සු පිළිපැදලා එහෙනම්. (නි)
මට මේක බලනකොට මතක්වුණේ ප්‍රසිද්ධ ගායකයෙක් ප්‍රසිද්ධියේ කිවුව කතාවක්......."ගන්න,ගන්න හොඳට ගන්න.ඔබලා අසරණයි,හොඳට අරගෙන ඡන්දෙ නම් දෙන්න එපා." (නි)
පව් ගමේ කොල්ලෝ ටික.අන්න එතුමා දැන් පාර්ලිමේන්තුවේ (නි)
මන්ත්‍රීවරුන් හැමදාම මිනිස්සු රවට්ටනවා මන්ත්‍රිවරයෙක් රැවට්ටුවට කමක් නැහැ අපි ඡන්දෙ දෙන්නේ නැහැ කිව්වොත් වෙන අය ව රවට්ටනවා එක නිසා මේ කරපු දේ හොද දෙයක් (අ)
මේක මේ 2000 ට ඉස්සෙල්ල තිබුණ ඡන්දෙකදී වූ හැබෑ සිද්දියක්, එක ස්වාදීන කණ්ඩායමක අපේක්ෂකයෙක් වටා ගොඩ දෙනෙක් හිටිය, එනිසා ඡන්දෙ දා රෑ මෙයා කිහිප දෙනෙකුට අරාදනා කරා ඡන්දෙ අහනා, ඉතින් 8 දෙනෙක් ආවලු ඡන්දෙ අහන්න, ඒ අයට හොඳට සංග්‍රහ කරලා ඡන්දෙ ඇහුවලු, ප්‍රතිපල කියනකොට මිනිහට මනාප 8 එයාගේ මනපෙය් ගෙදර අයගේ මනපය් අඩුකරාම පිටින් මනාප 4 , කමට 8 , (අ)
අන්න බුද්ධිමත් මිනිස්සු! (නි)
අනේ අප්පේ රූපවතී, උඹත් එහෙනම් සත් කෝරළයටද අයිති? (නි)
ඇයි පිටබැද්දර ජයා අයියත් සත්කෝරළේද..? (නි)