(හේවාහැට එම්. දසනායක)
වසර දොළහක පමණ කාලයක් අඳේට බලාගත් මී දෙන අයිතිකරුට හොරෙන් මසට විකුණා සර්පයකු දෂ්ඨ කිරීමෙන් එම සතා මිය ගිය බවත්, ඉන්පසු වළ දැමූ බවත් පැවසූ පුද්ගලයකුට වළ දැමූ ස්ථානය පෙන්වන්න යැයි කී විට එම ස්ථානය අමතක යැයි කී සිදුවීමක් පිළිබඳව උඩරට ගොවි ගම්මානයකින් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
මී දෙනගේ අයිතිකරු විශ‍්‍රාමිකයෙකි. ඔහු මිට වසර දොළහකට පමණ පෙර තමාට අයිති මී දෙන අඳේට සතුන් රැක බලා ගන්නා පුද්ගලයකුට ලබාදී ඇත.
කාලය මෙසේ ගෙවී යද්දී මී දෙන බලාගත් පුද්ගලයා හදිසියේම අයිතිකරු හමුවට පැමිණ සර්පයකු දෂ්ඨ කිරීමෙන් මී දෙන මියගිය බවත්, ඉන්පසු වළ දැමූ බවත් පවසා ඇත.
ගවයා බලා ගත් පුද්ගලයාගේ හැසිරීම පිළිබඳව සැක සිතූ අයිතිකරු තොරතුරු සොයා බලා මී දෙන බලාගත් පුද්ගලයාගේ නිවසට ගොස් මියගිය සතා වළ දැමූ ස්ථානය බැලීමට අවශ්‍ය බව පවසා ඇත. මේ අවස්ථාවේ තමා නැගිට ගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවන බවත්, මියගිය සතා වළ දැමූ ස්ථානය දැන් තමන්ට අමතක බවත් මේ වන විට මී දෙන බලාගත් පුද්ගලයා පවසා ඇත.
පසුව දෙදෙනා අතර බහිස්බස්වීමක් ද සිදුවී ඇති අතර, සිදුවී ඇති සියලූ දේ තමන් දන්නා බවත් සත්‍ය පවසන ලෙසත් මී දෙනගේ අයිතිකරු මෙවිට පවසා ඇත.
මී දෙන රුපියල් හතළිස් දහසක මුදලකට මසට විකිණූ බවට මෙම අවස්ථාවේ පිළිගෙන ඇති අඳේට සතා බලා ගත් පුද්ගලයා මී දෙන මිලදීගත් ව්‍යාපාරිකයා තමන්ට හරිහැටි මතක නැතැයි ද පවසා ඇත.
අමතක වෙන රෝගය උඹටත් වැළඳිලා පොලිසියේදී හොඳට මතක් වෙයි’’ යනුවෙන් පවසා මී දෙනගේ හිමිකරු මේ පිළිබඳව පැමිණිලි කොට ඇත.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අඳේට බලාගත් මීදෙන මස්කඩයට විකුණා වගකීම සර්පයකුට පටවලා