(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
සුරතලයට ඇති කරන සුනඛයෙකු නිසා හාම්පුතා අනියම් පෙමක ඇසුරක් ලබන්නට ගොස් අසුවීමේ පුවතක් ඇතුල්පුරවරයට අයත් ගොවිජනපද ව්‍යාපාරයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
අසල නිවසක පදිංචිකරුවන් හදිසියේ එම නිවසින් නික්ම ගියේ එම පවුලේ තවත් අයෙකුගේ මළගෙදරකට සහභාගි වීම සඳහාය. එලෙස යන බව දත් යාබද නිවසක සිටින විවාහක ගෙයි හිමියා වසා ඇති නිවසේ යතුර කල්වේලා ඇතිව යම් අවශ්‍යතාවකට ඉල්ලා ගෙන ඇත.
ඒ අනුව නිවැසියන් නික්ම ගිය පසුව ඔහු සැලසුම් කළ පරිදි ඔහුගේ අනියම් පෙම්වතිය එම නිවසට කැඳවාගෙන එන්නට ඔහු සැලසුම් කර තිබුණි.
සුපුරුදු පරිදි ඇඳිරි වැටීමත් සමඟම නිවසේ දොර විවෘත කරගත් අසල්වැසියා තම පෙම්වතිය කැටුව නිවස ඇතුළට ගොස් දොර වසා ගත්තේය.
ඔහු එම නිවස ඇතුළට යනවා දුටු සුනඛයා ගේ වටා දිව යමින් තොරතෝංචියක් නොමැතිව බුර බුරා දිව ගියේ තම හම්පුතා නොපෙනෙන ලෙසට එහි දොරවල් වසා ගත් නිසාය.
කවදාවත් නොසිතු අයුරින් සුනඛයා කෑ ගසන අයුරු දත් යාබද නිවසේ පිරිස් හා අවට පිරිස් පවා ඒකරාශීව ඒ ගැන විපරම් කළේ වසා ඇති නිවසට සොරු කණ්ඩායමක් ඇතුළු වී හෝ යම් සිදුවීමක් ඇතුළත සිදුවන බවට සැක පහළ කරමින්ය.
සියල්ල විපරම් කරන අතරවාරයේ ඒ අසල පිටත රැඳී සිටි තැනැත්තෙකුගේ ජංගම දුරකතනයක් නාද විය.
වසා ඇති නිවසේ ඇතුළත සිටින්නේ තමා බැවින් වහා තම බිරිය හා දරුවන් එතැනින් ඉවත් කරවන ලෙසත්, රැස්ව සිටින පිරිස ඉවත් කරවන ලෙසත් හෙතෙම කාරුණික ඉල්ලීමක් කළේය.
සිද්ධිය වටහා ගත් ඔහු වහා සංවාදය නවතා පිටත සිටි සියලු දෙනා එතැනින් ඉවත් කර ගිය පසුව ඇතුළත සිටි තැනැත්තා පෙම් සුව විඳීම පසෙක තබා වහ වහා එතැනින් නික්ම ගියාලු.
සුනඛයා නිසා පෙම් සුවය විඳින්නට නොහැකි වුවත් එහි ඇතුළු වූ යුවළගේ නිවෙස්වලට පමණක් රහසක් වූ එය දැන් ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේලු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අනියම් ප්‍රේමයට බල්ලා හරහට
ravi Tuesday, 23 June 2020 05:29 AM
මේ බල්ලට පොලිසියේ ජොබ් එකක් දෙන්න බැරිද?