එය ගාල්ලේ ග‍්‍රාමීය මාර්ගයක ධාවනය වන බසයකි. බසය බස් නැවතුම් පොළට එනවිටම එයට ගොඩවී අසුනක වාඩිවීමට බොහෝ දෙනා තරගයක යෙදෙන අතර තවත් සමහරු තම හිතමිතුරන් සඳහා ආසන වෙන්කර ගනිති. මේ අතර කාන්තාවක් තම දරුවන් සමග බසයට ගොඩවූයේ නිවෙසට යාමටය. ඇය බසයේ ගමනාන්තය තෙක් යන කාන්තාවකි. දරුවන් දෙදෙනා ඉඩ තිබූ දෙතැනක වාඩි කළ ඇය වට පිට බැලූවේ තමාට ද වාඩිවීමට ඉඩ ඇති තැනක් සොයා ගැනීමටය. පිටුපස අසුනේ කෙළවරක තවත් කාන්තාවක් වාඩිවී සිටි අතර එහි තවත් අයකුට වාඩිවීමට ඉඩ තිබිණි. ඇය එතැනට ගොස් වාඩිවීමට සූදානම් වූවාය. එවිට එහි වාඩිවී සිටි කාන්තාව එයට විරෝධය පළ කරමින් ”මෙතැන එක්කෙනෙක් ඉන්නවා” යයි කීවාය. එහෙත් එය ගණනකට නොගත් ඇය ”හරි එයා ආවම සීට් එක දෙන්නම් එතකම් මං වාඩිවෙල ඉන්නම්” කියමින් වාඩිවූවාය. මේ අතර වාඩිවී සිටි කාන්තාව ජංගම දුරකථනයෙන් කිසියම් අයකුට සිද්ධිය පැවැසූ අතර බසයද නියමිත වේලාවට පිටත්විණි. අතරමගදී බසයට ගොඩවූ අයකු කෙළින්ම පිටුපස අසුන වෙත පැමිණ ”නැගිටපන් ගෑහනියේ” කියා පහර දෙන්නට විය. මෙසේ පහර කෑමට ලක් වූයේ පසුව වාඩිවූ කාන්තාවය. බසය තුළ එකම ගාලගෝට්ටියකි. පසුව ඇය නතරවූයේ ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේය. සැකකරු තමාට පහරදී රුපියල් දස දහසක් වටිනා රන්මාලය කොල්ලකෑ බවට ඇය පැමිණිලි කළාය. පරීක්ෂණවලදී අනාවරණය වූයේ අනියම් සම්බන්ධතාවයකට ආසනය වෙන්කර තබාගෙන ඇති බවය. ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොහාන් වික‍්‍රමසේකර මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ටී. එල්. විජේවංශ මහතා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලයි, කහවත්තයි දැන් ජීවත් වෙන්න හොද පළාත් නෙමෙයි. (නි) ඒක විය හැකියි..!(නු)
මධුද දන්නෙ නැහැ පළවෙනියට වාඩි උනේ.. ඒකයි මාලය ගැන දන්නෙ..!(නු)
සංජීව මොකද ඔයාගේ කාට හරි දකුනේ කෙනෙකුගෙන් අතවරයක් උනාද.....?එහෙමයි කියලා දකුනේ හැමෝටම සත්තු කියන එක හරි නෑනේ....(ස)
ඔය පනාගොඩ කියන්නේ එයාගේ ගෙදර විස්තර. (නි)
දකුණේ ඉන්නෙ මෙහෙම කට්ටිය තමයි. (නි)
සත්තුන්ට තමයි මිනිස්සු සත්තු වගේ පේන්නේ (ස)
සංජීව හරියටම හරී (ස)
දකුණෙ කට්ටිය ඔක්කොම මේවට දෙනවද උත්තර? 1. අම්බලන්ගොඩ වතුගෙදරදී පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරියකින් එළ ගවයන් ප්‍රවාහනය 2. මාතර කැකණදුර බණ්ඩාරනායක පුරයේ නෑයන් දෙපිරිසක් අතර කැති පොලු හටන 3. වැලිගම පෞද්ගලික ඉඩම් කිහිපයක් උඩින් අධිබල විදුලි රැහැන් අදින්නට ආ විදුලි සේවකයන් පිරිසක් පහරකෑමට ලක්වීම (නි)
එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණො මරන්නේ... (නි)
මොනව උනත් දරු දෙන්නෙක් එක්ක බසයටක නැගපු අම්මා කෙනෙකුට තවත් ගැහැනියක් කරපු දේ අන්තිමයි... හොද පාඩමක් උගන්වන්න ඕන හොර ජෝඩුවට..!(නු)
මේවා දකුණට හුරු දේවල් නෙමෙයි.. මේ හොර මනමාලි වෙන පලාතකින් දකුණට ආපු කෙනෙක් වෙන්න ඇති..(නු)
දකුණෙද? ආහ්.......... ඒක තමයි. (ස)
දකුණෙ මිනිස්සු නිසා මේ විඳින දුක පේනවනේ. ඇස් ඇරපු නැති පූස් පැටියගේ කතාව දිනපතා රටේ වෙන වැඩ දැක්කම මතක්වෙනවා. (ස)
අනේ අනිච්චං කොලු පැංචනේ, මේ ගැටිත්ති කළ හදිය....? බොලාට තිබ්බනෙ කොල්ලනේ දකුණෙ තරු බේරාගෙන කටවල් පියාගෙන ඉන්න... ඕං! දැන් බොලා දකුණට ම තරු දාගත්තා නෙවෙද! (නි)
දකුණේ විතරක් නොවයි ලංකාවේ ගොඩක් මිනිස්සු දැන් සත්තු වගේ හැසිරෙන්නේ (ස)
අනේ කාලේ වනේ වාසේ
සංජීව සහ බස්නායකට වෑන් එකක් ඕනෑවෙලාද? (නි)
සංජීව සහ සමන්, ඔයාලා ගැනුන්ට හරියට ගහල බැනලා හදාගන්නේ නැති හින්ද තමයි ඔයාලගේ ගැනු කියනදේ නොඅහන්නේ (ස)
සංජීව, වෑන් එකක් එවන්නද පුතා? (නි)
මමත් ගාල්ලේ තමයි සංජීව. සමහර අය සංජීවලාගේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම කරනවා. (නි)
ආයේ සුනාමියක් එද්දිත් වාහන වලට වෙලා වාඩි වෙලා ඉන්න (ස)
සංජීව මොන පළාතෙද? හික් හික්... (නි)
දකුණ ගැන නම් කතාකරලා වැඩක් නැහැ. (නි)
ගහල මදි
පිරිමින්ට ගහන ගෑනු ඉන්නේනම ඉතාලියේ (ස)
දකුණේ අය නැත්නම් ලංකාවම ප්‍රභාකරන් අල්ලාගෙන මෙලහකට. (නි)
හරි හරි ඕකට කියන්නෙ පෙම් මුල්ල කියලා.. ඒත් එතන යන්නෙ තහනම් ගෙඩි කන අය නෙමෙයි.. පුංචි පහේ පෙම්වතුන්...!(නු)
සංජීව බස්නායක උපුල් ඒන ධනුක ඔයවගේ නොහොබිනා කතා කියන්න එපා.. පුළුවං නම් දකුණට ඇවිත් ඔය ටික කියන්න බලන්න... දකුණෙ මිනිස්සු නැත්නම් මේ රටත් ඉවරයි..ඒක මතක තියාගන්න.,!(නු)
සංජීව හා සමන් පොඩ්ඩක් මුණගැහෙන්න පුළුවන්නම් කියලා දෙන්න පුළුවන් දකුණේ අය ගැන (ස)
බුදු බණ නම් අහයි නිරන්තරේ.. ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ..!(නු)
මේ පුංචි රට ඇතුලේ මොකට භේධ කර ගන්නවද ?(ස)
දැන් දෙයියෝ සාක්කි ගාල්ලටම තමයි (ස)
දැන් ඔය දකුණට ගරහන උඩරට මහත්තුරුන්ට අමතක වෙලා ඇති මුලින්ම රට සුද්දන්ට පාවලා දුන්නේ මොන පැත්තෙ අයද කියලා. (නි)
දකුණත් එක්ක ඇති පැහැදිලි ඉරිසියාව මෙම කතාන්තරය මගීන් පෙන්නුම් කෙරේ (ස)
දකුණේ මිනිස්සු නැත්නම් අද රටක් නැහැ. (නි)
රන්ජිත්, දකුණෙ මිනිස්සු නැත්නම් මේ රටත් ඉවරයි. ඔයත් ඔතන නැහැ.ඒක මතක තියාගන්න. (නි)
මම හැම දෙනාටම කියන්නේ එකම දෙයක් ... දකුණු පළාතේ ඉන්නේ සත්තු (ස)
සිල්වා , වෑන් වලින් ඇවිත් හැමදේම කරන්න බෑ . ආයේ සුනාමියක් ආවනම් අනිත් පළාත්වල මිනිස්සු ඕනි වෙයි . (ස)
සන්ජීව වෙත, පුළුවන් නම් බෙන්තර පාලම ළඟට ඇවිල්ලා ඔය ටික කියනවද නිකං බොරු චණ්ඩි පාට් නැතුව. (නි)
සමන් පිරිමි ගහන්නේ නැතිව කවුද ගහන්නෙ..?(නු)
සංජීව දන්නෙ නැහැ දකුණෙ මිනිස්සු නැත්නම් රටකුත් නැති බව. ඉතිහාසය දන්නෙ නැති කෙනෙක් වගෙයි. (නි)
පනාගොඩ නම් ඉතාලියෙන් පන්නපු එකෙක් වෙන්නම ඕනෑ. දකුණ මේ දවස්වල මොකද මේ කැළඹිලා? (නි)
අයියෝ සල්ලි
බණ්ඩාරට තෑග්ගක් එවන්න ලිපිනය දෙන්න..!(නු)
කොහෙත් දැං මේ වගේ දේවල් වෙනවා.. හොද මිනිසුන් වගේම නරක මිනිසුනුත් හැම පලාතකම ඉන්නවා.. එක්කෙනෙක් කාපු වරදට පළාතටම බනින්න එපා..!(නු)
තහනම් ගහේ ඇපල් හරි ගණන් කියලා ආදම් ලොක්කත් කිව්වා (ස)
ගෑනුන්ට ගහන පිරිමිද දකුණේ ඉන්නේ . ලැජ්ජාවේ බෑ (ස)
සන්ජීව ඔයා උඩරට වෙන්න ඇති නේද ?(ස)
මමත් දකුණෙ කෙනෙක්.. නමුත් දකුණෙ හැමෝම ඔහොම නැහැ.. මෙතන කවුරුත් දාන්න එපා දකුණෙ චන්ඩි ඉන්නෙ කියලා.. මෙතන ගැටලුව අර තරුණියගේ... ඔයාලා ඇයි මේ මරාගන්න හදන්නේ.. කොහොවත් යන එකක් නිසා.. දකුණෙ කියන්නත් ලැජ්ජයි..!(නු)
පුදුම රටක්නේ
දැන් දකුණ ඉස්සර දකුණ නෙමෙයි. (නි)
මේක මගේ පෞද්ගලික මතය මම විශ්වාසකරන්නෙ නැහැ දකුණෙ අයව..!(නු)
සේනාධිර සිල්වා සහ සමන් ගේ අදහස්වලින් දකුණෙ ඉන්න මොන වගේ අයද කියලා තහවුරු වෙනවා.!(නු)
දකුණට හිනාවෙන ඔයාලා අද ඔළුව කෙලින් කරගෙන රටේ ඉන්නෙ දකුණෙ අය නිසා තමයි.. දකුණ නැත්නම් අද මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ..!(නු)
බැරි වැඩ නොකර ඉන්න ඕනේ එක්කෝ (දී)
වැස්සකට හරි ඉස්කෝලෙ ගිහින් තියෙනවා නම් පොඩ්ඩක් හිතුවොත් හොඳයි. උතුරෙන්, මැදරටින්, ඌවෙන්, කඳුරටින් විතරක් නෙවෙයි බටහිරිනුත් රටට වින කළ හැම මොහොතකම රට භාරගත්තෙ දකුණේ මිනිහෙක්. අන්න ඒක මතක තියා ගන්න. අද ඔයාලා නිදහසේ හුස්ම ගන්නෙත් දකුණේ මිනිහෙක් නිසා. (නි)
ගෑනුන්ට නොගහන පිරිමි හොයන්න අමාරුයි අයියා (ස)
ගාල්ලයි, කහවත්තයි දැන් ජීවත් වෙන්න හොද පළාත් නෙමෙයි. (නි)
දන්නෙ නැති නිසයි මේ අහන්නේ. දකුණ තියෙන්නේ ලංකාවේ නෙමෙයිද? අපි එකම රටේ මිනිස්සු නෙමෙයිද? (නි)
දකුණ තියෙන්නේ ලංකාවේ නෙමෙයිද (ස)
ඉතාලි වලදී නම් වෙන්නප්පුවේ ගැහැණු අය මිනිස්සුන්ට ගහනවලු. (නි)
මාර වැඩක්නේ
දකුණ විතරක් නෙමෙයි වමත් හොඳයි. හැබැයි බත් කන්නනම් බෑ (ස)
මෙන්න දෙයියෝ සාක්කි
සන්ජීව ඔයාට සහතිකද පරීක්ෂා කර බලන්න වේවි (ස)
සංජීව, ඔයාගේ කතාව හරියටම හරි. පේනවනේ කට්ටියගේ අදහස් (ස)
පොදු බස් රථ වල ආසන වෙන් කර තබා ගන්නට නොහැක. (නි)
සන්ජීව බලාගෙන යනකොට ඔයා ඉන්නේ සත්තු වත්තකනේ (ස)
රට පාවලා දුන්නේ උඩරැටියන්. (නි)
අරුම පුදුම කතා
සංජීව, එහෙම කියන්න එපා. (නි)
හොද වැඩක් ගුටි කාල (දී)
දැන් කාලේ මිනිස්සු හරිම දරුණුයි
මාලය කොල්ලකෑව කියන එකනම් බොරු (ස)
අරුම පුදුම කාලේ.... (නි)
පව් වැඩේ
ඔහොමත් ගෑනුන්ට ගහනවද ??? (ස)
කොයි ගමත් එකයි බලාගෙන යනකොට. (නි)
මොන ප්‍රශ්න ආවත් තහනම් ගහේ ගෙඩි හරිම රහයි නේද ?(ස)
දකුණේ සහෝදරයන් වෙත දකුනෙ අය කරපු දේවල් අපේ රටම දන්නවා..!(නු)