”හලාවත බලා ගමන් ගන්නා දුම්රිය නියමිත වේලාවට වඩා විනාඩි දහයක් පමණ ප‍්‍රමාදවී ධාවනය වෙනවා ඇත.” කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මෙලෙස ප‍්‍රචාරය වූයේ පසුගිය දිනෙක රාති‍්‍රයේය.
දුම්රිය පළමුවන වේදිකාවට පැමිණි පසු මගීහු බලවේග දුම්රියට ගොඩවූහ. එම දුම්රියේ රියැදුරු මහතා සේවය නිමාවී යෑමට පෙර දුම්රිය නියාමක මහතා වේදිකාවේදී හමුවිය.
”හරි වැඬේනේ දෙමටගොඩදී මිනිස්සු කට්ටියක් පොලූ අරන් මට ගහන්න ආවානේ. රාගම දුම්රිය නැවතුම්පොළේ එනවුස් කළාලූ රාගම ඉඳන් කොටුව වෙනකන් හැම ස්ටේෂන් එකකම නවත්වනවා කියලා. අපි මේක රාගමින් පස්සේ නවත්වන්නේ දෙමටගොඩයි, මරදානයි, කොටුවයිනේ. අතරමගින් බහින්න බලන් හිටපු කට්ටියට දෙමටගොඩට එන්න වෙලා. ඔයාට ඇහුනද ඒ විදියට එනවුස් කරනවා” රියැදුරු මහතා විමසීය.
”මට හරියට මතක නැහැ.” නියාමක මහතාගේ පිළිතුර විය.
”මම ඒ අයට කිව්වා මේක හැමදාම නවත්වන්නේ දෙමටගොඩයි, මරදානයි, කොටුවයි කියලා” රියැදුරු මහතා පැවැසීය.
එවිට නියාමක මහතා ”හිටපු ගමන් එක එක විදිහට රේල්වේ ස්ටේෂන්වල එනවුන්ස් කරනවා. මම පත්තරේක දැක්කා රේල්වේ ස්ටේෂන් එකක එනවුස් කළාලූ දෙවෙනි වේදිකාවට දැන් පැමිණෙන දුම්රිය කෑල්ලක් තියන්න කියලා. බලද්දී වෙලා තියෙන්නේ එනවුස් කරන කොට ඇතුළේ කට්ටිය අන්නාසි කනවලූ” යැයි පැවසූ විට හඬ නගා සිනාසුණු රියදුරු මහතාගේ කෝපය පහවිය.
ක‍්‍රිස්ටෝපර් සීපියන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න ඔක්කොම ප්‍රේතයෝ කුම්බාන්ඩයෝ ටික එලවල දැම්මනම් ඕක ගොඩ දාගන්න පුළුවන් , ඔක්කොටම ඉස්සර සේවක සංගම් ටික පන්නල දාන්න ඕනා (බ)
නියම කතාව! (නි)
මම දවසක් වේයන්ගොඩ යන්න කොටුවේ ස්ටේෂන් එකේ නිලධාරියෙකුගෙන් ඇහුවා තියෙන වෙලාවයි, වේදිකාවයි. තව පැයකින් 3 වේදිකාවට එනවා කිව්වා. නමුත් පැය කාලකින් ශබ්ද වාහිනියෙන් කිව්වා 1 වේදිකාවේ දුම්රිය වේයන්ගොඩ යනවා කියලා. අපි ඒ දිහාවට දුවනකොට කෝච්චිය ඇදිලා යනවා. අපි ඒ ගැන ඇහුවම එයා අපෙන් අහනවා. තමුසෙලාට උත්තර දෙන්න අපි බැදිලා නැහැ.තමුසෙලාද අපිට පඩි දෙන්නේ? ආදි වශයෙන්. ඔවුන්ට පඩි ලැබෙන හැටි වටහා දෙන්න ගිහින් ලොකු ආරවුලක් වුණා.එදා ඇමතිතුමෙකුත් එතනට ආවත් ඔවුන් අපිට ඒක කියන්න දුන්නේ නැහැ. දැනට රටේ තියෙන වැඩිම හා වටිනාම ඉඩම් සංචිතය තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. ඒක සුදු අලියෙක් කරලා අහෝසි කරන්න උත්සාහ කරන්නේ ඇයි කියන එක ජනතාවට රහසක් නොවෙයි. තමන් යැපෙන්නේ ජනතාවගෙන්ය කියන එක නොදන්නා අය නඩත්තු කරන්න සිදුවීම නම් ජනතාවට ශාපයක්. (නි)
මේක නම් කොහොමත් ලොකු ප්‍රශ්නයක්. කොටුවෙන් එකක් කියනා. මරදානෙන් තව එකක් කියනවා. දෙමටගොඩදී, කැලණියේදී එක එක විදියට එනවුන්ස් කරනවා. සමහර වෙලාවට දුම්රිය අදිනකන් එනවුන්ස් කරගන්න බැහැ. දුම්රියෙන් අහල දෙමටගොඩදී එනවුන්ස් කරන්නේ..මගියාට අතරමග. (අ)
පුද්ගලික කරණයේදී සිදුවන්නේ මනා පාලනයක් යටතේ කාර්යක්ෂම සේවයක් ලබාදීමයි. රජයේ සේවය කාර්යක්ෂම කළ යුතුයි. වැඩ අඩුයි කියල වැඩ නොකර ඉන්න එක තම අවුල. කොටුව ස්ථානාධිපති කාර්යාලයේ කකුල් හොලව හොලව 4 දෙනෙක් සිටියත් දුම්රිය එන්නේ කීයටද කියල එකෙක් වත් දන්නේ නැහැ (බ)
ලංකාවේ දුම්රිය සේවයත් එහි සේවකයෝ ගැනත් කතාකරලා වැඩක් නැහැ. (නි)
අල්ලලා විසි කරන්න කුණු බාල්දියට කොච්චි, තමිල්නාදුවට ගිහින් ඉගෙනගෙන එන්න කොච්චි පාලනය කොරන හැටි, (අ)
ඔව්. සහතික ඇත්ත. දුම්රිය දෙපාර්තුමේන්තුවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ එයාල අපිටත් පඩි ගෙවනවා කියලයි. තොරතුරක් දැන ගන්න ගියොත් ඇගෙන් ඇටයක් යනවා වගේ තම කතාව. ඇත්තටම, එයාල පොත් පෙරලගෙන කරන වැඩ ටික පරිගණක ගත කළානම් ලෙහෙසියෙන්ම කාර්යක්ෂම වෙනවා. ඒවගේ දෙයකට එයාල කැමති වේවිද දන්නේ නැහැ. මගේ ප්‍රොජෙක්ට් එකට තොරතුරු ගන්න ගියාම තේරුනේ එයාල ඒවගේ දේවල් වලට සහයෝගයක් නොදක්ක්වන බව සහ ඒවගේ දෙයකට කැමති නැති බවයි. මේ තත්වෙන් හරි දුම්රිය ටික ධාවනය වෙන එකනම් ලොකු දෙයක්. මීට වඩා සේවයක් සහ ලාබයක් ලැබිය හැකි සේවයක් මේක. සීටීබියට වගේ විශ්‍රාම යවන්න විදියක් හදල කාර්යක්ෂම සේවකයින් ගත්තානම් හොදක් වේවිද ? වැඩ වර්ජන කරාවී හැබැයි මුලින්ම. (බ)
ඉස්සර මේ කතාව කිව්වේ 'පලවෙනි වේදිකාවේ දුම්රිය මේසේ උඩින් තියන්න.. (අ)
අපෝ දුමරිය සේවය ගෙන කතාකරන්නම දෙයක් නෑ මේක පොඩි දෙයක් මීට වඩා දේවල් කරනවා (අ)
සත්‍ය සිදුවීමකි. කොටුවේ සිට මහව දක්වා පස්වරු 5:30ට ගමන් ගන්නා කාර්යාල දුම්රියයි. එය දෙමටගොඩ සිට අඹේපුස්ස දක්වාම නවත්වන්නේ නැත. මෑත දිනෙක සිග්නල් නැතුව දුම්රිය රාගම දුම්රිය ස්ථානයේ නතර කෙරින. දුම්රිය ස්ථානයේ ශබ්ද විකාශ යන්ත්‍රය මඟින් එය පොල්ගහවෙල දක්වා යන මන්දගාමී දුම්රිය බව ප්‍රකාශ කෙරින. දුම්රියේ මඟීහු "මේක මහව කෝච්චිය" යැයි කෑ ගැසූහ. ශබ්ද විකාශ යන්ත්‍රය මගින් එය පොල්ගහවෙල දක්වා යන මන්දගාමී දුම්රිය බව නැවතත් ප්‍රකාශ කෙරින. එදින ගනේමුල්ල, ගම්පහ, වේයන්ගොඩ වැනි තදාසන්න දුම්රිය ස්ථාන වලට ගමන් ගන්නා මඟීන්ද අඹේපුස්සට ගොස් ආපහු හැරී මහා රෑ සිය නිවෙස් වලට ආවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මහත්වරුන්ගේ දෙමවුපියන්ට ශාප කරමින්ය. (නි)
පුද්ගලිකරණය කළා නම් වැඩේ ගොඩ (අ)
ඉස්සර කිවුවේ මෙහෙමයි.කොටුව දුම්රිය ස්ථානයේ 5 වෙනි වේදිකාවට පැමිණෙන දුම්රිය ගාල්ල දක්වා ධාවනය වේ. එය නවත්වන්නේ "මහලේකම් කාර්යාලය " කොම්පඤ්ඤවිදිය, කොල්ලුපිටිය යනාදී වශයෙනි. පැමිණි දුම්රිය බඩු දුම්රියකි. එවිට කිවුවේ කොටුව දුම්රිය ස්ථානයට පැමිණි දුම්රිය දුම්රියක් නොවේ යනුවෙනි.(60 දශකයේදී ඉරිදා පුවත්පතකට දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩකළ චන්ද්‍ර අනගිරත්න මහත්මයා ලියා තිබුනා "කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන් - පවුලක් බහිනවා ඕපනායකින්" කියලා ) (නි)
මේ වසරේ මුලදී මා සහ මගේ බිරිඳ නිවාඩුවකට මව්බිමට ගිය අවස්ථාවේ යාපනයට යෑම සඳහා මමත්, බිරිඳත්, මාගේ මිතුරෙකුත් උදේ පාන්දර 4.00 සිට කොටුවේ දුම්රිය පොළේ වේදිකාවේ බලාසිටියා. දුම්රියක් වේදිකාවට පැමිණුනත් එය කොහේ සිට කොහේ දක්වා ගමන් කරන්නේද කියා යකඩ කටින් කියු දෙය අප තිදෙනාගෙන් කාටවත් තේරුනේ නැත්තේ එහි ගැබ්ව තිබුනේ අර්ථයක් නොව ශබ්දයක් පමණක් වූ නිසයි. එතන සිටි අනික් අයටද එය තේරුණ බවක් නොපෙනුණි. දුම්රිය ප්‍රමාද ඇයි කියා මම ඒ වෙලාවේ සේවයේ යෙදී සිටි ස්ථානාධිපතිගෙන් විමසු විට ඔහු මගෙන් ඇහැව්වේ කණ ඇහෙන්නේ නැද්ද කියායි. අද ගමන මඟහැරුන නිසා අපේ ප්‍රවේශ පත්‍ර වෙන දිනයකට මාරුකර දෙන්න යැයි මා කළ ඉල්ලීමට ඔහු ප්‍රතිචාර දැක්වුයේ ඇඟට කඩා පනිමිනි. අපගේ සහයට ආ සහකාර ස්ථානාධිපතිවරයෙකුටත් ඔහු දොස්කියා ඔහුවත් එතනින් පන්නා ගත්තේය. අපට සිදුවූ අලාභය වූ රුපි 4500 ආපසු ලබාදෙන ලෙසත් මතුවට මෙවන් ප්‍රශ්න ඇති නොවන්න ශබ්ද විකාශන පද්ධතිය නවීකරණය කරන ලෙසත් ඉල්ලා මම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට පෙත්සමක් 2015 මාර්තු මස බාර දුන්නත් අද වනතුරුත් මාගේ පෙත්සම ලැබුනාද කියා ලියා එවන්න තරම් මිනිස්කමක් මුළු දෙපාර්තමේන්තුවටම තිබුනේ නැහැ. (නි)
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න බොහෝ ස්ථානාධිපතිවරු හා අනිත් සේවකයන් හිතාගෙන ඉන්නේ ඒ අය අපිට පඩි ගෙවනවා වගෙයි. මේ වගේ අය ඉවත්කර පුද්ගලිකකරණය කරන්න ගියොත් රටම ස්ට්‍රයික් කරවනවා සමහර දේශපාලකයෝ. (නි)
දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන තේක්ක මේස විකුණා දැම්මොත් එක කාර්යාලයක ඉඩකඩ ඕනෑවටත් වඩා තියෙනවා . ගලවන පිලි පාර මැද්දේ තියෙනවා .ඉඩමක් බදු ගන්න 13 පලකින් අවසර ගන්න ඕනා . සමිතියකින්, සිග්නල් නැති ස්ථානයක වුණත් සිග්නල් අංශයෙන් . මේ ලිපි යවන්නේ දුම්රියේ. ඒවාට පිළිතුරු එවන්නෙත් නැහැ. තවමත් ලිපි සකසන්නේ යතුරු ලියනයෙන්.ගමනාන්තයට යන දුම්රියේ සේවකයින්ට නැවත එනතුරු යැපීම් දීමනා, අතිකාල දීමනා ලැබෙනවා. මාර්ග නඩත්තු කට්ටිය (උදා. කොළඹ කට්ටිය මොරටුවේ, මොරටුවේ කට්ටිය කොළඹ } යැපීම් දීමනා සඳහා දුර ස්ථානවල වැඩ කරන්නේ. තව වැඩ බොහොමයි . ලිපිගොනු නියම පිළිවෙලකට නැහැ. (අ)
ලංකාවේ දුම්රිය සේවය විතරක් නෙමෙයි, බොහෝ රජයේ ආයතන නිලධාරීන් සිතාගෙන සිටින්නේ එයාලා අපිට පඩි ගෙවනවා කියලයි. (නි)
දවසක් මරදානේ ස්ටේෂන් එකේ ඉද්දි වේදිකාවට බඩු කෝච්චියක් ආවා. මගේ යාලුවෙක් විහිලුවට වගේ කිව්වා බඩු කෝච්චිය ආවා. බඩු ඉක්මනට නගින්න කියලා. එතකොට එතන හිටපු කාන්තාවක් මගේ යාලුවට ගහන්නම හැදුවා. බොහොම අමාරුවෙන් බේර ගත්තේ, මොකද මන්දා. (බ)
60 % මි හරක් ජිවත් වන රටේ සංවර්දනයක් බලාපොරොත්තු විය හැකිද ?. (අ)
නැවතිල්ලේ කල්පනාකර බැලුවහම පුද්ගලීකරණය කරන්නම වෙනවා. නැත්නම් මේවා කවදාවත් හදන්න බැහැ. ලංකාවේ නිදහස වැඩියි. වැඩ අඩුයි (නි)
දුම්රිය සේවය පුද්ගලිකරණය කළා නම් නියම සේවයක් ලැබෙන එක ඉර හඳ මෙන් විශ්වාසයි. දැන් සේවකයෝ නිකම් ඉඳන් පඩි ගන්නේ. දුම්රිය සේවය අකාර්යක්ෂමයි. වර්ක්ෂොප් වල සේවකයෝ උදේ ඉඳන් මොනවද කරන්නේ කියලා කව්රුවත් දන්නේ නැහැ. පොඩ්ඩ බැරි වුනාම ස්ට්‍රයික් කරනවා, ඊළඟට ඉන්න ඔක්කොම චන්ඩි. කතා කළොත් ගහන්න එනවා. වැරද්දක් පෙන්නා දෙන්න බැහැ.ස්ටේෂන් මාස්ටර්ලා හිතාගෙන ඉන්නේ ඒගොල්ල ඔක්කොටම වැඩිය උසස් ජාතියක් කියලා. මහජන මුදලින් නඩත්තු වෙන බව ඒගොල්ල දන්නේ නැහැ.පුද්ගලික කරණය කරන්න එපා කියන්නේ අන්න ඒ අයයි සත පහක වැඩක් නොකර ඕවර් ටයිම් 5000 කට වැඩිය ගන්නේ කාගේ සල්ලිද? ඕව ඇමතිවරු දන්නේ නැද්ද? ඇමතිය ගේ ඉඳලා කම්කරුවා දක්වා ඔක්කොම දුම්රිය දෙපාර්තමේන්තුව කනවා. විතරයි, සේවය බල්ලට ගිහින්. (බ)