IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


අනුන්ට උදවුවට ගිහින් පරිප්පුවක් කාලා

බස්රථයේ වැටී තිබූ මුදල් පසුම්බිය අහුලාගත් පුද්ගලයාට තම පොකට්ටුවේ තිබූ මුදලත් අහිමි වූ පුවතක් පෑලියගොඩින් පසුගියදා අසනන්ට ලැබුණි. සිද්ධිය මෙසේය. ඉකුත් 18 වෙනිදා දහවල් 11.30 ට පමණ ඇත. 

බියගම සිට කොළඹ දෙසට ගමන් කරන පෞද්ගලික බස්රථයකි. එයට බොල්ලෑගලින් ගොඩවූයේ 70 වියැති රජයේ විශ‍්‍රාමිකයෙකි. ටික දුරක් යන විට බස්රථයේ වැටී තිබූ කාන්තා මුදල් පසුම්බියක් අහුලා එවෙලේම බසයේ කොන්දොස්තර මහතාට ලබාදීමට ඔහු කාරුණික විය.

අනතුරව බස් රථය පෑලියගොඩ 4 කණුව බස් නැවතුමේ නතරවිය. විශ‍්‍රාමිකයා ඇතුළුව තවත් කාන්තාවෝ කීපදෙනෙක් එම නැවතුවේදී බස් රථයෙන් බැස්සාහ. ඒ එක්කම විශ‍්‍රාමිකයා අසලට පැමිණියේ කටකාර සිහින් සිරුරක් ඇති කාන්තාවකි. මගේ මේ පර්ස් එක ඇහුලූවේ ඔයා නේද? යැයි ඇසුවාය. ඔව් මම බිම වැටිලා තිබුණ දැකලා අහුලලා කොන්දොස්තරට දුන්නා. අයිතිකරු හොයලා දෙන්න කියලා විශ‍්‍රාමිකයා පැවසීය.

මේකේ තිබුණු රුපියල් 750 නැහැ. දෙනවා මෙහාට නැත්නම් පොලිසියට යනවා. ගන්නවා පර්ස් එක බලන්න යැයි කටකාර කාන්තාව පැවසුවාය. විශ‍්‍රාමිකයා අන්දුන් කුන්දුන් විය. බස් නැවතුමේ සිටි තවත් කාන්තාවෝ කීපදෙනෙක්ද සිද්ධිය බලා සිටියහ. විශ‍්‍රාමිකයා තම සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය රැගෙන විවෘත කරමින් මේ බලන්න මගේ ළඟ තියෙන්නේ දාහේ කොලයක් සහ සීයේ කොළ කීපයක් විතර යැයි පවසා කාන්තාවට පර්ස් එක පෙන්වීය.

ක්ෂණකින් පර්ස් එක උදුරාගත් කාන්තාව දාහේ කොලය හා සීයේ කොල කීපය රැගෙන පර්ස් එකේ තිබූ අනෙක් ලියකියවිලි විසිකර දුවන්නට වූවාය.

විශ‍්‍රාමිකයා වටපිට බැලීය. බස් නැවතුමේ සිටි අයද මෙය බලා සිටියහ. බිම වැටී තිබූ ලියකියවිලි අහුලාගත් විශ‍්‍රාමිකයා මුදල් පසුම්බියට දා ගත්තේය. ඔහු අසලට පැමිණි කාන්තාවන් කීපදෙනෙක් සිදුවූදේ අපිත් බලාගෙන හිටියේ. අපි මොනවා කරන්නදැයි පැවසුවාය.



අදහස් (0)

අනුන්ට උදවුවට ගිහින් පරිප්පුවක් කාලා

චන්දි Tuesday, 24 November 2015 03:29 AM

විශ්‍රාමිකයෙක් හින්දා ඇත්තටම සල්ලි ගත්තද දන්නේත් නැහැ (ම)

:       0       0

ඉනෝකා-එංගලන්තය Monday, 23 November 2015 08:31 AM

සමස්ත කාන්තා පරපුරටම නින්දාවක්.......අපේ රටේ විශ්‍රාමිකයෙක් කියන්නේ මොනතරම් අසරණ පුද්ගලයෙක්ද...?.......අහල පහළක කව්රුවත් ඉඳලා නැහැනේ අසරණයාට පිහිට වීමට.....මෙවැනි පුවත් දකින විට සිතෙන්නේ අපේ සමාජය ගුණ දහම් අතින් මොනතරම් පිරිහී තිබෙනවාද කියලා. (ම)

:       0       0

ගාමිණී අබේකෝන් Monday, 23 November 2015 02:19 PM

මගේ අවවාදය නම් මේ වගේ කපටි ගැහැනුන්ට නොරැවටෙන්න. මෙවැනි දෙයක් දුටුවහොත් බස් රථයක් තුලදී නම් කොන්දොස්තොරට පවසන්න. (ර)

:       0       0

ප්‍රදීපිකා Thursday, 26 November 2015 11:51 PM

රූපවතී, ඔබ චන්දිගේ පිට කසා ගත්තාට කමක් නැහැ. ඵල ඇති රුක ගැන කතාකරන්න එපා. ඔබ දෙදෙනා ගැන මේ පාඨක සභාවේ හැමකෙනාම හොඳින් දන්නවා. (නි)

:       0       0

සරණපාල Monday, 23 November 2015 09:42 AM

මේ ගැන ගැන ප්‍රවේශම් වුනොත් හොඳයි. ගේම් දෙන කෙනෙක් වගෙයි (බ)

:       0       0

දුල්මි Monday, 23 November 2015 10:00 AM

දැන් දැන් කාන්තාවන් සමාජ ආචාර ධර්ම නොතකා ජිවත් වෙන ක්‍රම උපාය මාර්ග සොයා ගෙන බව පේනවා. භයානක වෙන්නේ මොවුන් ගේ දරුවන්ට ලැබෙන පුර්වාදර්ශයේ නොහොබිනා ප්‍රතිපල . ඔවුන් සොරුන් මං පහරන්නන් මහා පරිමාණ වංචා කාරයන් ලෙස සමාජයට කලඑළි බහින්නේ නැද්ද ? (බ)

:       0       0

රූපවති Monday, 23 November 2015 05:09 PM

අපි ඉන්න රටේ නම් බස් වල කැමරා සවිකරලා තියෙන්නේ. ඒකහින්දා ඔය වගේ වැඩ කරන්න බැහැ මෙහේ. (නි)

:       0       0

තිලංක Monday, 23 November 2015 05:16 PM

අනේ මෙහෙමත් ගැහැණු! (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 23 November 2015 05:05 AM

මෙහෙම අමනුස්සකම් කරන කාන්තාවන්ට මෙලොවදීම නිසි දඩුවම් ලැබෙනවා (ම)

:       0       0

චන්දි Monday, 23 November 2015 05:29 PM

ගාමිණි සොයුරාට මතක නැද්ද මන්දා. දෙයියෝ සාක්කියේ මෑතකදී තිබුනා ඔයවැනි වැඩක් වෙලා කොන්දොස්තර මල්ලිට මුදල් ගෙවන්න වුණා. දැන් බලාගෙන යද්දී ප්‍රවේශම්වෙන්න ඕනෑ (නි)

:       0       0

රූපවති Thursday, 26 November 2015 03:01 AM

චන්දි මෙතන ගොඩක් කලක සිට ලියන මහත්මියක්. එයාගෙ හිත හොඳ වැඩියි. ඒ හොඳකමට ගරහන, එයින් ප්‍රයොජන ගන්න කට්ටියකුත් මෙතන ඉන්නවා. නමුත් චන්දි ඒවායෙන් සැළෙන්නේ නැහැ. ඵල ඇති රුකටනෙ ගල් වදින්නෙත්. (නි)

:       0       0

මාලා Monday, 23 November 2015 05:43 PM

අපරාදේ මුදල් පසුම්බිය දුන්නේ, මේ කපටි අම්මණ්ඩිට. පොලීසියට ගියා නම් ඉවරනේ (නි)

:       0       0

ආලෝකා Wednesday, 25 November 2015 04:42 AM

චන්දී කරුණාකරලා ඔය විගඩම නවත්ත ගන්න. සවුත්තු කමෙන්ට් ලියලා බැනුම් එනකොට මම ලිව්වේ නැහැ කියනවා. එහෙනම් අපේ නම් වලිනුත් හොර කොමෙන්ට් දාන්න එපැයි. මොකක්ද ඔයාට තියෙන විශේෂය, (රේ)

:       0       0

ජෙහාන් Monday, 23 November 2015 10:59 AM

දැන් මේ කාන්තාවගෙන් ඊළඟ පරම්පරාවට ලැබෙන ආදර්ශය නම් බොහොම භයානකයි. අම්මා කෙනෙක් නම් ළමයින්ට යන කල ගැන මට බොහොම කණගාටුයි. (ර)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 23 November 2015 06:26 PM

මෙවැනි අවස්ථා වල නීතියට වැඩකරන්න ගියා නම් එයාලට බේරාදෙන්න තිබුනා මේ අවනඩුව.... (නි)

:       0       0

ඉමේෂ් Monday, 23 November 2015 05:56 AM

මොකට උදව් කරන්න යනවද මන්ද මිනිස්සුන්ට.උදව්වක් කරලාත් හොඳක් නෑනේ (ම)

:       0       0

ශාන් Monday, 23 November 2015 06:01 AM

ඕකට තමයි අවිද්‍යාව කියන්නේ. මෙලොව පොඩි වාසියකට දෙලොවටම අවැඩක් කර ගන්නවා. මොකද ඔය සල්ලිවලින් රජකම ගන්නද? පව් අසරණයා...(ම)

:       0       0

අජිත් Tuesday, 24 November 2015 02:23 PM

මට නම් පෙනෙන්නේ චන්දීගේ වයර් මාරුවෙලා වගෙයි. (නි)

:       0       0

සරත් Monday, 23 November 2015 11:06 PM

මට පෙනෙන විදිහට මේක හිතාමතාම කරන දෙයක්. මීට කලිනුත් කොන්දොස්තර මහත්මයෙකුට වුණා නේද මේ වගේම වැඩක්? ලස්සන කපටි නෝනලට අහුනොවී ඉමු මහත්වරුනේ. (නි)

:       0       0

සමන්ති Tuesday, 24 November 2015 12:59 AM

මේ සෙල්ලම අර බස් කොන්දොස්තර කෙනෙකුටත් පොලිසියකදී වුණාලු නේද? මුදල් පසුම්බිය අනවශ්‍ය තැන්වලදී එළියට ගන්න එපා. අනුන්ගෙන් බිම වැටුණු දේවල් අල්ලන්න යන්නත් එපා. (නි)

:       0       0

පුජා Tuesday, 24 November 2015 03:04 PM

පුදුම වැඩේ කියන්නේ අජිත්ටම මේවා පෙනෙන එකනේ. (නි)

:       0       0

මාලතී Tuesday, 24 November 2015 03:28 PM

පවු අහිංසක මනුස්සයා! (නි)

:       0       0

මනෝජ් Tuesday, 24 November 2015 03:28 PM

අජිත්,චන්දිට ඕවා සුළු දේවල්. පස්සේ ලියයි මම නොවෙයි කියලා. පව්,මේකේ ඇත්ත නැත්ත හොයන්න චන්දි නගෝ. (නි)

:       0       0

අජිත් Wednesday, 25 November 2015 01:38 PM

මනෝජ්, සුපුන් ඔබ දෙපලට මම ඉතාමත්ම ගරු කරමි. මොකද ඔබ දේපල මම ගැන ඇත්ත ඇතිසැටියෙන් ලියා තිබෙනවා. මම එය නිවැරදි කරන්න යනවට වැඩිය පාටක සභාවෙන්ම නිවැරදි වීම චන්දිට හොදම පිළිතුරක් යැයි මා විස්වාස කරමි. ඇත්තටම මා විහිළුවක් කලේ. කෙසේවෙතත් මා ඔබට වෛර නොකරමි. (අ)

:       0       0

රූපවතී Thursday, 26 November 2015 07:15 AM

මම සති ගණනකින් දෙවියෝ සාක්කියට නොලීවෙමි. ඒ වුණත් මගේ නමින් සමහරු ලියලනේ? කමක් නැහැ ලංකාවේ මිනිසුන් ඔහොම තමයි කියලා හිත හදා ගන්නවා (නි)

:       0       0

මනෝජ්. පෙරේරා. Wednesday, 25 November 2015 08:13 AM

චන්දි,ඔයාගේ නමින් වෙන කව්රුහරි ලියනවානම් කනගාටුවෙමි. නමුත් ඔබ හිතන විදිහට අජිත් ගැන ඔබට තියෙන්නේ වැරදි අදහසකි.අජිත් මෙහි බොහෝ කලක සිට ලියන වැදගත් මහත්මයෙකි.ඔහු ඔබට විහිළුවට යමක් ලීවත් ඔබ හිතන විදිහේ කෙනෙක් නොවන බව කියන්නට. කැමැත්තෙමි. (බ)

:       0       0

සරසි Monday, 23 November 2015 07:36 AM

මම බවලතෙක් වුනත් කියන්නේ ලංකාවේ සමහර බවලතුන් දැන් ජිවත් වෙන්නේ අන්තිම කැත විදියට සල්ලි හොයලා. මේවාට සමාජයට දොස් කියලා ඒ අයව සුද්ධ කරන්න බැහැ. ඒ මොකද අතේ සතේ නැති වුනත් පහත් වැඩක් නොකර බඩගින්නේ දවස ගෙවන කාන්තාවන් අපේ රටේ තවමත් ඉන්න නිසා. (බ)

:       0       0

චන්දි Tuesday, 24 November 2015 03:55 PM

මනෝජ් සොයුර ., මම දැන් එක අදහසක් ලියනවා ඒක දැක්ක ගමන් බොරු චන්දි උඩ දාගෙන ලියනවා ඔයාල ටිකක් කල්පනාවෙන් බලන්න හැම තැනම චන්දි ලියපු ගමන් සමන්., අජිත් දෙන්නම විතරයි මට විරුද්දව ලියන්නේ ඒක ටිකක් අවිස්වාසයි මට මනෝජ් ඔයාට මොකද හිතෙන්නේ (බ)

:       0       0

සුපුන් Wednesday, 25 November 2015 08:30 AM

මෙහි බොහෝ කලක සිට ලියන අජිත් මහතා ගැන චන්දි ලියා තිබෙන දෙය ඉල්ලා අස්කර ගන්නේ නම් මැනවි. ඔහු විහිළුවට කැමති බව ඇත්තකි.නමුත් වෙනකාගේ හෝ නමින් ලියන්නට තරම් පහත් කෙනෙක් නොවෙයි. ඔය ගැණු හුටපට වලට වැදගත් මහත්වරුන්ට අපහාස නොකරන මෙන් චන්දිට මතක් කරන්නට කැමතියි. (බ)

:       0       0

අජිත් Monday, 23 November 2015 01:48 PM

වැඩේනම් හරිම කැතයි. පව් අසරණ මනුස්සයා. (ර)

:       0       0

චන්දි Tuesday, 24 November 2015 05:19 PM

මනෝජ් සොයුර, ඇත්තම කිවුවොත් ගාමිණී සොයුර කියලා අමතමින් ලිවුවේ මමයි. අනෙක් දේවල් මම නොදනිමි. අජිත්ම ලියන නිසා වෙන්න ඇති ඒ ඇදකුද එයාම දකින්නේ. එකක් ලියා මා නිහඩව ඉන්නේ හිතේ හැටියට අනෙක චන්දිට ලියන්න ඉඩදීලයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 283 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 592 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 250 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 801 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 887 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 695 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 795 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 206 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1247 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site