අන් අයගේ බිරින්දෑවරුන්ට දුරකථනයෙන් කතා කොට බලෙන් ආදරය දිනා ගැනීමට හා අයුතු යෝජනා කරමින් කාන්තාවන්ට හිරිහැර කරන අනංගයෙක් පෙරේදා (8) මඩගල්ල ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොල්පිතිගම පොලිසියට බාරදීමට පියවර ගනු ලැබීය.
මෙම අනංගයා විවාහක කාන්තාවකට දුරකථනයෙන් කතා කොට ඇත. එය වැරැදි අංකයක් බව ඇය පවසා ඇත. ඔහු යළි යළිත් විවිධ අංකවලින් ඇයට කතා කරන්නට විය.
ඇය විවාහක බවත් තම දරුවා බිහි කොට තවමත් දින 45 ක්වත් ගතවී නොමැති නිසා එලෙස කරදර කිරීමෙන් වළකින ලෙසත් කොතෙක් කීවත් ඒවාට අවනත නොවී මොහුගෙන් වෙන හිරිහැරවල නිමාවක්ද නොමැති වුණි.
අවසානයේ ඇය එම සංවාද සියල්ල රහසිගතව පටිගත කළාය. ඒ බව තම සැමියාට අසන්නට සැලැස්සුවාය. ඔහු ජංගම වෙළෙඳාමේ නියැලෙන අයෙකි. ඇයගේ සැමියා තම මිතුරන්ටද එම අංකයදී මෙම අනංගයා සෙවීමට උත්සාහ කළේය.
ඒ අනුව ඔහු පොල්පිතිගම පොලිස් බලප්‍රදේශයේ අයකු බවට හඳුනා ගැනීමට හැකිවිය. සැමියා තවත් මිතුරන්ගේ සහාය ඇතිව ඔහු හා සමීපවීමට වෙර දැරීය. ඒ අනුව ගොඩනගා ගත් මිතුරුදමක් අතරින් ඔහු ඉකුත් සෙනසුරාදා (08) සවස් යාමයේදී මඩගල්ල ප්‍රදේශයට ගෙන්වා ගත්තේය. සමීපතාව තව තවත් ගොඩනැගීමට ඔවුහු මධුවිත පානය කිරීමටද එතැනදී කටයුතු කළහ. ඔහුට පදමට වෙරි වූ පසුව තම බිරියට දුරකථනවලින් කතා කොට කළ සංවාදයන් අන් අය ඉදිරියේ ඔහුට එකින් එක අසන්නට සලසන ලදී.
ඔහු ඉන් පලායෑමට උත්සාහ කළේය. රැස්ව සිටි පිරිසක් ඔහු අල්ලා ගත්තේය.
තමන් අමතන දුරකථන අංකවලට කාන්තාවන් කතා කිරීමෙන් අනතුරුව එම අංකවලට යළි යළිත් කතා කොට ඉන් සතුටට පත්වන නමුත් විවාහක එක් දරු පියෙකු බැවින් එම වැරැදි නැවත නොකරන බව පවසා සමාව දෙන ලෙසට හා දඬුවම් නොකරන ලෙසට ඔහු පිරිස ඉදිරියේ හඬා වැටුණේය. කෙසේ වෙතත් රැස්ව සිටි පිරිස ඒ බව පොලිසියට දැනුම් දුන්නේය. පොලිසිය වහා එතැනට පැමිණියේය. එලෙස දුරකථනයෙන් ආතල් ගත් තැනැත්තාද, එම සිද්ධිය හෙළි කළ නිකවැරටියේ පදිංචි කාන්තාවගේ සැමියාද දෙදෙනාම පොලිසියට රැගෙන ගියේය.
දුරකථනයෙන් ආතල් ගත් තැනැත්තාට මෙවැනි වැරැදිවල යළි නොයෙදෙන ලෙසටත් හිරිහැරවලට ලක්වූ බිරියගේ සැමියාට මෙකී තැනැත්තාට එය පදනම් කොට නැවත කරදර නොකරන ලෙසටත් දෙදෙනාටම අවවාද කොට ඔවුන් මුදා හැරීමට පොලිසිය කටයුතු කළ බව එහි නිලධාරියෙක් පැවසීය.
(මොරගොල්ලාගම සිසිර කැලේගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ ඇති කාන්තාවක්? ඒ වගේම අගේ සැමියත්. ඔබ දෙදෙනාට මගේ ප්‍රණාමය. මොකද සමහර කාන්තාවන්ට මෙහෙම දුරකථන ඇමතුම් ලැබුනත් සමහර සැමියන් තම බිරිද ගැනත් සැක පහළ කරනවා. මම දන්නා කිහිප දෙනෙකුට එහෙම වුනා. ඒ ඇති ඔබලා දෙදෙනා හරි. තීරණයක් අරගත්තා.(හේ)
හරි වැඩේ තමයි . (හේ)
හරි නම් අර අනංගයාගේ බිරියත් පොලිසියට ගෙන්වලා සැමියාගේ ගැන දැනුවත් කරන්න ඕන . මේ වගේ මිනිස්සු හින්දා තමයි සැකය මුල් වෙලා පවුල් කැඩෙන්නේ. (හේ)
පුදුමයි, පොල්පිතිගමෙන් පොල්පිති පාරක් නොකාපු එක ගැන (නි)
ලංකාව වගේ රටවලට මේ ජංගම දුරකථන වදයක්. එ්කේ වැදගත්කම නැතිවෙන විදිහට තමයි අපේ අය කටයුතු කරන්නේ. උවමනාදේට මිස නැතිදේට එය පාවිච්චි කළාම වෙන්නේ කරදරයක් දා ගැනීමයි. හොඳම දේ නොදන්නා දුරකථන වලට ඇමතුම් නොදී සිටීමයි. (නි)
ලංකාවේ පිරිමි බහුතරයක් ජීවත්වෙන්නේ මානසික අසහනයෙන් (නි)