ගැණුම්කරුවෙක් තම බැංකු කාඞ්පත යොදා ඒටීඑම් යන්ත්‍රයෙන් රුපියල් දහසක් ලබා ගත්විට ලදුපත ද ලැබිණි. නිවෙසට පැමිණ ලදුපත පරීක්ෂා කිරීමේදී ශේෂය රුපියල් 11203 ශත 27 ක් බව සඳහන් විය.
ඔහු බියට පත්විය. ගිණුමේ ශේෂය රුපියල් පනස් දහසක් පමණ තිබිය යුතු බව ඔහුට විශ්වාසය. විදේශිකයන් තිදෙනකු හොර කාඞ්පත් යොදා ලක්ෂ ගණනින් සොරාගත් අයුරු ඔහුට සිහිවිය. වහාම අදාළ බැංකුව වෙත පිවිසි හෙතෙම, නිලධාරියෙකුට තම හැඳුනුම්පත ඉදිරිපත් කර කාරණය පැවසීය. පරිගණකයෙන් දත්ත ලබාගත් නිලධාරියා, සර්ගේ බැලන්ස් එක රුපියල් 50741 ශත පනස් තුනයි යනුවෙන් පැවසීය. ඒටීඑම් යන්ත්‍රයෙන් ලැබුණු ලදුපත පෙන්වූ ගැණුම්කරු, මේකේ තියෙන්නේ බැලන්ස් එක 11203 ශත 27 ක් කියලනේ යැයි කීවිට ලදුපත පරීක්ෂා කළ බැංකු නිලධාරියා මේ රිසිට් එක සර්ගෙ නෙමෙයි යැයි පවසා එහි ගිණුම් අංකය පරිගණකයට ඇතුළුකර මේක සර්ට කලින් ඒටීඑම් එකෙන් සල්ලි ගත්ත කස්ටර්මගේ. සර් සල්ලි ගන්න විනාඩි පහකට කලින් තමා එයා සල්ලි අරන් තියෙන්නේ. රිසිට් එක එයා අරගෙන නැහැ. සර්ගේ රිසිට් එක එළියට එද්දී උඩින් තිබුණේ එයාගේ රිසිට් එක. ඒක තමයි සර් ගෙනත් තියෙන්නේ. නිලධාරියා කරුණු පැහැදිලි කළේය. දැන් තමයි ඇඟට පනක් ආවේ. ගැණුම්කරු පැවසීය.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත නේන්නම් , අද කාලේ වෙන දේවල් ඇහුවම කතාව හරියට කියවන්න කලින් මටත් හීන් දාඩිය දැම්ම , කවුරු වුනත් දහදිය මහන්සියෙන් උපයා ගන්න දේ හොරා කන්නේ බලන් ඉන්නේ (බ)
අන්න ඒක නම් දෙයියෝ සාක්කිම තමයි. (ර)
ප්‍රායෝගික අවබෝධයක් ඇති සියලු දෙනාම යන්ත්‍රයෙන් මුදල් ගැනීමේදී එහි දත්ත නිවැරදිදැයි පරීක්ෂා කර බලා පමණක් තමන්ට අදාළ ලදුපත ලබාගත යුතු වේ. අහෝ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ සිහිකල්පනාවක තරම! (නි)
මටත් ඔය වැඩේම වුණා මේ ළඟදි. ගොඩක් කලබල වුණා. පස්සෙ බිරිඳ තමයි පෙන්නුවෙ වෙන කෙනෙක්ගෙ එකක් කියලා. එතකොටයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. මෑතකදී සවිකළ ඇතැම් ඒටීඑම් යන්ත්‍රවල ඔය ප්‍රශ්නෙ තියෙනවා. කලින් මුදල් ගත් කෙනාගෙ රිසිට් එක තමයි අපිට එන්නෙ (නි)