IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අනුන්ගේ දරුවකුට උප්පැන්නය දී ඉල්ලාගෙන කාලා

(රාජාංගණය නුවන් කුමාර)

වෙනත් අයකුගේ දරුවකුට උප්පැන්නය දී ඇය විවාහ කරගත් අයකුට වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමේ සිද්ධියක් තඹුත්තේගම පොලිසියෙන් වාර්තා වේ.

ආරක්ෂක අංශයේ සිවිල් රැුකියාවක යෙදී සිටින තරුණයකුට දැනට වසර ගණනාවකට පෙර ගැබිනියක් බස් රථයකදී හමුවී ඇති අතර දෙදෙනා කතා කරමින් පැමිණෙමින් සිටියදී දෙදෙනාගේ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කරගෙන තිබේ.

තම පෙම්වතා තමා ගැබිනියක් වූ පසු හැර ගිය බවත්, තමන්ට ජීවිතය පවා එපාවී ඇති බවත් තරුණයාට ඇය පවසා ඇත. ඉන්පසු තරුණිය ගැන අනුකම්පාවක් ඇතිවී ඔහු මෙම ගැබිනි කාන්තාව විවාහ කරගෙන ඇත.

දරුවා ලද පසු එම දරුවාටද උප්පැන්නයද ලබාදී වසර හතක් පමණ සතුටින් කාලය ගතකර ඇති අතර මෙම පුද්ගලයාට දාව දරුවන් දෙදෙනකුද එම කාලයේදී මෙම කාන්තාව බිහිකර ඇති අතර දරුවන් තිදෙනාටම හා තමන්ට එකසේ යුතුකම් ඉටුකළ තම ස්වාමියාට පිටුපාමින් මෙම කාන්තාව වෙනත් පුරුෂයින් සමඟ අනියම් ඇසුරු කිහිපයක් පවත්වාගෙන ගොස් ඇති බව දැනගත් ස්වාමියා ඒවා නතර කරන ලෙස කිහිප විටක්ම අවවාද කළද පළක් නොවූ නිසා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

වැරැුදි හදාගෙන තමන් සමඟම ජීවත්වන ලෙස කාන්තාවගෙන් ස්වාමි පුරුෂයා පොලිසියේදී ඉල්ලා සිටියද ඇය ඒ කෙරෙහි අවධානය යොමු නොකළ අතර ඇයට තහනම් ගහේ ගෙඩි කෑමට අවශ්‍ය විය.

තරුණියන් රවටා පැන යන වංචාකාර තරුණයින් සිටින යුගයක මෙම තරුණයා සිදුකළ උතුම් සේවාව අමතක කළ තමන්ට යම් දවසක විඳවීමට සිදුවන බව පැමිණිල්ල විභාග කළ පොලිසිය පවසා තිබේ. නමුත් ඇය ඒ කෙරෙහි ඇහුන්කන් නොදී තමාට මෙම ස්වාමියා අවශ්‍ය නොවන බව පවසා ඇත. 



අදහස් (2)

අනුන්ගේ දරුවකුට උප්පැන්නය දී ඉල්ලාගෙන කාලා

කුමාර් (ගල්ෆ්) Tuesday, 14 November 2017 12:10 PM

පාපයටම යටවුනු සෙනගක් ඉන්නා රටක් වෙලා දැන් ලංකාව.

:       19       11

dish Wednesday, 15 November 2017 10:50 AM

මේ වගේ මිනිස්සුත් ඉන්නවනේ... අපි කොයිතරම් කැපකිරීම් කරත් අපිටමයි මෙහෙම දේවල් වෙන්නේ.. මමත් අවුරුදු ගාණක් කෙල්ලෙකුට ආදරේ කරා. නමුත් එයාට මාව එපා වුණා. මගේ හම්බ කරපු හැමදෙයක්ම එයා වෙනුවෙන් වියදම් කළා. එ්ත් එයාට මාව එපා වුණා. එයා හොඳින් ඉන්න ඕනෑ.. මගේ එකම ප්‍රාර්ථනාව එ්කයි. ජීවිතේ කවදා හරි මගෙන් එයාට තවත් උදව් කරන්න පුලුවන්නම් මම කරනවා. ඔයා හැමදාමත් හොඳින් ඉන්න. ජේසු පිහිටයි අපි කොයිතරම් අවංක වුණත් එ්ක එයාලට ඒක වැඩක් නැහැ. අනිත් අයවගේ අපිට කාටවත් හිරිහැරකරන ජීවිතේට වද දෙන අය නෙමෙයි. එ්කයි අපේ අවංකකම එයාලට නොතේරෙන්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site