(රාජාංගණය නුවන් කුමාර)
වෙනත් අයකුගේ දරුවකුට උප්පැන්නය දී ඇය විවාහ කරගත් අයකුට වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමේ සිද්ධියක් තඹුත්තේගම පොලිසියෙන් වාර්තා වේ.
ආරක්ෂක අංශයේ සිවිල් රැුකියාවක යෙදී සිටින තරුණයකුට දැනට වසර ගණනාවකට පෙර ගැබිනියක් බස් රථයකදී හමුවී ඇති අතර දෙදෙනා කතා කරමින් පැමිණෙමින් සිටියදී දෙදෙනාගේ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කරගෙන තිබේ.
තම පෙම්වතා තමා ගැබිනියක් වූ පසු හැර ගිය බවත්, තමන්ට ජීවිතය පවා එපාවී ඇති බවත් තරුණයාට ඇය පවසා ඇත. ඉන්පසු තරුණිය ගැන අනුකම්පාවක් ඇතිවී ඔහු මෙම ගැබිනි කාන්තාව විවාහ කරගෙන ඇත.
දරුවා ලද පසු එම දරුවාටද උප්පැන්නයද ලබාදී වසර හතක් පමණ සතුටින් කාලය ගතකර ඇති අතර මෙම පුද්ගලයාට දාව දරුවන් දෙදෙනකුද එම කාලයේදී මෙම කාන්තාව බිහිකර ඇති අතර දරුවන් තිදෙනාටම හා තමන්ට එකසේ යුතුකම් ඉටුකළ තම ස්වාමියාට පිටුපාමින් මෙම කාන්තාව වෙනත් පුරුෂයින් සමඟ අනියම් ඇසුරු කිහිපයක් පවත්වාගෙන ගොස් ඇති බව දැනගත් ස්වාමියා ඒවා නතර කරන ලෙස කිහිප විටක්ම අවවාද කළද පළක් නොවූ නිසා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
වැරැුදි හදාගෙන තමන් සමඟම ජීවත්වන ලෙස කාන්තාවගෙන් ස්වාමි පුරුෂයා පොලිසියේදී ඉල්ලා සිටියද ඇය ඒ කෙරෙහි අවධානය යොමු නොකළ අතර ඇයට තහනම් ගහේ ගෙඩි කෑමට අවශ්‍ය විය.
තරුණියන් රවටා පැන යන වංචාකාර තරුණයින් සිටින යුගයක මෙම තරුණයා සිදුකළ උතුම් සේවාව අමතක කළ තමන්ට යම් දවසක විඳවීමට සිදුවන බව පැමිණිල්ල විභාග කළ පොලිසිය පවසා තිබේ. නමුත් ඇය ඒ කෙරෙහි ඇහුන්කන් නොදී තමාට මෙම ස්වාමියා අවශ්‍ය නොවන බව පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාපයටම යටවුනු සෙනගක් ඉන්නා රටක් වෙලා දැන් ලංකාව.
මේ වගේ මිනිස්සුත් ඉන්නවනේ... අපි කොයිතරම් කැපකිරීම් කරත් අපිටමයි මෙහෙම දේවල් වෙන්නේ.. මමත් අවුරුදු ගාණක් කෙල්ලෙකුට ආදරේ කරා. නමුත් එයාට මාව එපා වුණා. මගේ හම්බ කරපු හැමදෙයක්ම එයා වෙනුවෙන් වියදම් කළා. එ්ත් එයාට මාව එපා වුණා. එයා හොඳින් ඉන්න ඕනෑ.. මගේ එකම ප්‍රාර්ථනාව එ්කයි. ජීවිතේ කවදා හරි මගෙන් එයාට තවත් උදව් කරන්න පුලුවන්නම් මම කරනවා. ඔයා හැමදාමත් හොඳින් ඉන්න. ජේසු පිහිටයි අපි කොයිතරම් අවංක වුණත් එ්ක එයාලට ඒක වැඩක් නැහැ. අනිත් අයවගේ අපිට කාටවත් හිරිහැරකරන ජීවිතේට වද දෙන අය නෙමෙයි. එ්කයි අපේ අවංකකම එයාලට නොතේරෙන්නේ...