IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


අනුන්ගේ අඹ ගොඩෙන් කතකට ස්වීප් එකක් ඇදිලා

වැල්ලවාය - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ බලන්ගොඩ නගරාසන්න ස්ථානයකි. මහ මග අසල විශාල අඹගොඩක් තිබුණේ අලෙවිය පිණිසය. සුඛෝපභෝගී වාහනයක් ඒ අසල නැවැත්වීය.

අඹ වෙළෙන්දා පුටුවක වාඩි වී හොඳටම නිදිය. වාහනයේ වූ පිරිසෙන් කෙනෙක් අඹ ගැනීමට පැමිණ උස් හඬින් ඔහු ඇමතුවත් අවදි වූයේ නැත.
වට පිට බලන විට අසල නිවෙසක කාන්තාවක් කඩිනමින් එහි ආවේ ”ඇයි?” කියාගෙනය.

”අඹ ගෙඩි දහයක් විතර ගන්න” වාහනයෙන් ආ තැනැත්තා කීය.

”මහත්තය ඔය අඹ ගොඩම තොග ගානට විකුණලා. මේකා හොඳටම බීලා නිදි. ඉක්මනට අඹ ගෙඩි දහයක් තෝරගෙන මට රුපියල් සීයක් දෙන්න” ඇය කීවේ වටපිට බලමිනි.

ගනුදෙනුව සිදුවිය. ඇය රුපියල් සියය ගෙන කඩිනමින් ගෙදර ගිය අතර වාහනයද අඹ ටිකත් රැුගෙන ඉගිල්ලූණේය.



අදහස් (0)

අනුන්ගේ අඹ ගොඩෙන් කතකට ස්වීප් එකක් ඇදිලා

අජන්ත Tuesday, 07 January 2014 07:09 AM

සොරකම නම් හොද නැහැ, මේ කට්ටියවත් අල්ලා ගස් බදින්න ඕනේ (දී)

:       0       0

ආරියසේන Tuesday, 07 January 2014 07:09 AM

මෙතන දාල තියෙන කොමන්ට් වලින් පේනවා අද ලංකාවේ මිනිස්සු හිතන හැටි, (දී)

:       0       0

ඉන්දු මෙල්බන් Monday, 06 January 2014 05:59 PM

බොන මිනිස්සුන්ට ඔහොම වෙලා මදි.(නදී)

:       0       0

අරුණ Monday, 06 January 2014 10:41 AM

ඇයි එකක් ගන්නකෝ දෙකක්.(නදී)

:       0       0

සංජීව Wednesday, 08 January 2014 10:47 AM

මොන ස්වීප් එකක්ද අරගෙන තියෙන්නේ වසනේ. කාබයිට් ගහපුවා.(නදී)

:       0       0

සත්‍යයා Monday, 06 January 2014 06:15 PM

වැඩේ කැතයි.(නදී)

:       0       0

නඳුන් Saturday, 18 January 2014 06:41 PM

ගෑනි නම් මාර කපටියි. මොනව වුණත් වැරදි වැඩක්නෙ.(නදී)

:       0       0

අලෝකා Monday, 06 January 2014 11:59 AM

මට අර කොළඹ සන්නිය කියන චිත්‍රපටිය මතක් උනා (දී)

:       0       0

උපුල් Tuesday, 07 January 2014 10:53 AM

අයිතිකාරයා බීල හිටියත් නැතත් කරලා තියෙන්නේ කැත වැඩක්.(නදී)

:       0       0

පවන් Monday, 06 January 2014 08:34 PM

ඕකට තමා කියන්නේ ගැනුන්ගේ පින කුණු මුල්ලේ කියලා .(දී)

:       0       0

තිලකසිරි Tuesday, 07 January 2014 10:52 PM

අර කෙසෙල් මල හොරකම් කල මනුස්සයාව අල්ලලා ගස් බැන්දා, ඔන්න බදිනවානම් මිනිස්සු. අඹ හොරු (දී)

:       0       0

ගජබා Tuesday, 07 January 2014 12:31 PM

මනුෂත්වයට වඩා අඹ ගෙඩිය ලොකුවූ බැව් පෙන්වන කතාවක් (දී)

:       0       0

පෙරේරා Wednesday, 08 January 2014 03:14 AM

අනුන්ගේ දෙයින් බඩ වඩා ගැනීම අද ලංකාව පුරාම පෙනෙන දෙයක්. මම ඉන්න රටේ ඔය වගේ පලතුරු මල් වර්ග විකුණන තැන් දකින්න තිබෙනවා පාරවල් අයිනේ. හැබැයි ඒවායේ කවුරුවත් නැහැ බඩු විකුනන්නයි, සල්ලි ගන්නයි. මිල සඳහන් කරලා තියෙනවා පුවරුවක මුදල් පෙට්ටියක් තියෙනවා ගන්න ගානට සල්ලි දාල බඩු අරන් යන්න. අවංකකම ඉහලින් අගයන සමාජයක එහෙම කල හැකි වුනත් ලංකාව වගේ අවංකකම අන්තෙටම පිරිහුණ රටකට සිහින විතරයි.(නදී)

:       0       0

පහන් මඩුගල්ල Wednesday, 08 January 2014 04:07 AM

ඉලංගරත්නගේ අඹ යහළුවෝ කතාවේ සුනිල් සහ නිමල් දෙන්නා අඹ ගෙඩියකට පොර බදලා හොඳ පාඩමක් ඉගෙන ගත්තා.(නදී)

:       0       0

පතිරණ Tuesday, 07 January 2014 01:13 AM

ගත්ත මිනිස්සු හිතන්න ඕනේ අසාධාරණ විදිහට ගන්න හොද නැහැ කියලා (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 07 January 2014 01:13 AM

ජීවිතය ගැන කිසිම වගකීමක් නැති මිනිස්සු.උදෙන්ම බිගත්තාම ඔක්කොම හරි කියලා හිතන්නේ.අනේ මෙයාගෙන් යැපෙන්න ඉන්න අයට දෙවියන්ගේ පිහිට තමා.බිස්නස් එකෙන් යැපෙන්නේ වෙනත් අය නිසා. (දී)

:       0       0

සත්‍යයා Tuesday, 07 January 2014 03:29 AM

පවන්! කුණු මුල්ලේ තිබිල හොයා ගත්ත පිනේ පිරිසිඳු කමක් තියෙන්න පුලුවන්ද? (නදී)

:       0       0

හාමිඩ් හසන් Saturday, 11 January 2014 10:24 AM

අනේ මෙහෙමත් ගහැනු.(නදී)

:       0       0

ගජබා Monday, 06 January 2014 04:15 PM

අනුන්ගේ ජීවිකාව කරන අඹ ගොඩක් වෙනුවෙන් දෙන්නම ආත්මයම පාවා දීලා. අයිති කාරය බීල උනත් වැඩේ අහු උනානම් බිස්නස් එක ඉවරයි. එතකොට සමහර විට ගෙදර ඉන්න පොඩි එවුන්ට වෙනදට වඩා දෙයක් හම්බ වෙන්න තිබ්බ චාන්ස් එකත් ඉවරයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site