වැල්ලවාය - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ බලන්ගොඩ නගරාසන්න ස්ථානයකි. මහ මග අසල විශාල අඹගොඩක් තිබුණේ අලෙවිය පිණිසය. සුඛෝපභෝගී වාහනයක් ඒ අසල නැවැත්වීය.
අඹ වෙළෙන්දා පුටුවක වාඩි වී හොඳටම නිදිය. වාහනයේ වූ පිරිසෙන් කෙනෙක් අඹ ගැනීමට පැමිණ උස් හඬින් ඔහු ඇමතුවත් අවදි වූයේ නැත.
වට පිට බලන විට අසල නිවෙසක කාන්තාවක් කඩිනමින් එහි ආවේ ”ඇයි?” කියාගෙනය.
”අඹ ගෙඩි දහයක් විතර ගන්න” වාහනයෙන් ආ තැනැත්තා කීය.
”මහත්තය ඔය අඹ ගොඩම තොග ගානට විකුණලා. මේකා හොඳටම බීලා නිදි. ඉක්මනට අඹ ගෙඩි දහයක් තෝරගෙන මට රුපියල් සීයක් දෙන්න” ඇය කීවේ වටපිට බලමිනි.
ගනුදෙනුව සිදුවිය. ඇය රුපියල් සියය ගෙන කඩිනමින් ගෙදර ගිය අතර වාහනයද අඹ ටිකත් රැුගෙන ඉගිල්ලූණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොරකම නම් හොද නැහැ, මේ කට්ටියවත් අල්ලා ගස් බදින්න ඕනේ (දී)
මෙතන දාල තියෙන කොමන්ට් වලින් පේනවා අද ලංකාවේ මිනිස්සු හිතන හැටි, (දී)
බොන මිනිස්සුන්ට ඔහොම වෙලා මදි.(නදී)
ඇයි එකක් ගන්නකෝ දෙකක්.(නදී)
මොන ස්වීප් එකක්ද අරගෙන තියෙන්නේ වසනේ. කාබයිට් ගහපුවා.(නදී)
වැඩේ කැතයි.(නදී)
ගෑනි නම් මාර කපටියි. මොනව වුණත් වැරදි වැඩක්නෙ.(නදී)
මට අර කොළඹ සන්නිය කියන චිත්‍රපටිය මතක් උනා (දී)
අයිතිකාරයා බීල හිටියත් නැතත් කරලා තියෙන්නේ කැත වැඩක්.(නදී)
ඕකට තමා කියන්නේ ගැනුන්ගේ පින කුණු මුල්ලේ කියලා .(දී)
අර කෙසෙල් මල හොරකම් කල මනුස්සයාව අල්ලලා ගස් බැන්දා, ඔන්න බදිනවානම් මිනිස්සු. අඹ හොරු (දී)
මනුෂත්වයට වඩා අඹ ගෙඩිය ලොකුවූ බැව් පෙන්වන කතාවක් (දී)
අනුන්ගේ දෙයින් බඩ වඩා ගැනීම අද ලංකාව පුරාම පෙනෙන දෙයක්. මම ඉන්න රටේ ඔය වගේ පලතුරු මල් වර්ග විකුණන තැන් දකින්න තිබෙනවා පාරවල් අයිනේ. හැබැයි ඒවායේ කවුරුවත් නැහැ බඩු විකුනන්නයි, සල්ලි ගන්නයි. මිල සඳහන් කරලා තියෙනවා පුවරුවක මුදල් පෙට්ටියක් තියෙනවා ගන්න ගානට සල්ලි දාල බඩු අරන් යන්න. අවංකකම ඉහලින් අගයන සමාජයක එහෙම කල හැකි වුනත් ලංකාව වගේ අවංකකම අන්තෙටම පිරිහුණ රටකට සිහින විතරයි.(නදී)
ඉලංගරත්නගේ අඹ යහළුවෝ කතාවේ සුනිල් සහ නිමල් දෙන්නා අඹ ගෙඩියකට පොර බදලා හොඳ පාඩමක් ඉගෙන ගත්තා.(නදී)
ගත්ත මිනිස්සු හිතන්න ඕනේ අසාධාරණ විදිහට ගන්න හොද නැහැ කියලා (දී)
ජීවිතය ගැන කිසිම වගකීමක් නැති මිනිස්සු.උදෙන්ම බිගත්තාම ඔක්කොම හරි කියලා හිතන්නේ.අනේ මෙයාගෙන් යැපෙන්න ඉන්න අයට දෙවියන්ගේ පිහිට තමා.බිස්නස් එකෙන් යැපෙන්නේ වෙනත් අය නිසා. (දී)
පවන්! කුණු මුල්ලේ තිබිල හොයා ගත්ත පිනේ පිරිසිඳු කමක් තියෙන්න පුලුවන්ද? (නදී)
අනේ මෙහෙමත් ගහැනු.(නදී)
අනුන්ගේ ජීවිකාව කරන අඹ ගොඩක් වෙනුවෙන් දෙන්නම ආත්මයම පාවා දීලා. අයිති කාරය බීල උනත් වැඩේ අහු උනානම් බිස්නස් එක ඉවරයි. එතකොට සමහර විට ගෙදර ඉන්න පොඩි එවුන්ට වෙනදට වඩා දෙයක් හම්බ වෙන්න තිබ්බ චාන්ස් එකත් ඉවරයි.(නදී)