IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අනංග සැමියාට බිරියගෙනුත් නැන්දම්මාගෙනුත් පොල්පිති ප‍්‍රහාරයක්

තම අනියම් පෙම්වතිය සමඟ මුහුදු වෙරළේ පෙම් සුව විඳීමට ගොස් විවාහක බිරියට සහ නැන්දම්මාට හසුවී ගුටිකා රෝහල්ගත වූ පුද්ගලයකු පිළිබඳව පුවතකි. මේ සිද්ධිය මෙසේය.

ඔහු තම මිතුරාත් සමඟ නිතර තම අනියම් පෙම්වතිය හමුවීමට ගොස් ඇත. මිතුරා ඔවුන් එනතුරු අවන්හලකට වී සිටී. සුපුරුදු පරිදි මෙදින ද ඔහු තම මිතුරා සමඟ පෙම්වතිය හමුවීමට ගිය අතර මිතුරා ද සුපුරුදු පරිදි අවන්හලට ගොස් තිබේ. කෙසේ වෙතත් මොහු මෙම අනියම් පෙම්වතියට තමන් විවාහකයකු බව පවසා නොමැත. මුහුදු වෙරළේ ගලක් උඩ පෙම් සුව විඳිමින් සිටිනා අතරතුර ඔහු ඇමතූ ඇය ‘‘හලෝ අපි දෙන්නා දිහා ගෑනු දෙන්නෙක් කන්න වගේ බලා ඉන්නවා අර බලන්නකෝ’’ යැයි ඔහුට පවසා ඇත.

එවිට ඇය ඇමතූ ඔහු ‘‘අනේ මගේ සූටික්කි මගේ   ලස්සන දැක්කම ගෑනු  ඕන තරම් මගේ දිහා බලනවා ඒත් මම බලන්නේ ඔයා දිහා විතරමයි’’ යැයි ඇයට පවසා ඇත.

එවිටම පිටුපසින් එල්ල වූ පොල්පිති පහර හේතුවෙන් අන්දුන් කුන්දුම් වූ ඔහු පිටුපස බලද්දී දැක ඇත්තේ පොල්පිතිවලින් සන්නද්ධව තමන් දෙස යක්ෂාරූඪව බලා සිටින බිරිය සහ නැන්දම්මාය. අනියම් පෙම්වතිය පැන
දිව ගොස් ඇත.

කෙසේ වෙතත් මිතුරා පැමිණෙන තුරු බලාසිටි ඔහුගේ ගජ මිතුරා එදින පුරා ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළ ද සම්බන්ධ කරගත නොහැකි නිසා පසුදා ඔහුගේ දුරකථනයට ඇමතුමක් ලබාගත් විට මිතුරා සිද්ධිය පවසා ‘‘අවුලක් නෑ මචං ඉස්සරහා දත් දෙකක් නැහැ අනිද්දට ටිකට් කපනවා කියලා ඩොක්ටර් කිව්වා’’ යැයි පවසා ඇත.



අදහස් (0)

අනංග සැමියාට බිරියගෙනුත් නැන්දම්මාගෙනුත් පොල්පිති ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site