බස්නාහිර ගමක මේසන් බාස් කෙනකුට මුහුණ පෑමට සිදුවුණ රසවත් සිද්ධියක් පසුගිය දිනක වාර්තා විය.
ඔහු දක්ෂයෙකි. වැඩ කාරයෙකි. ගමේ ඇත්තන් කීවේ පැටී බාස් උන්නැහේ යනුවෙනි. ගමේ හැම දෙනාගෙන්ම ඔහුට කුඳු මහත් වැඩ ලැබෙති. ‘‘පැටී බාසුන්නැහේ... අපේ කුස්සිය පොඞ්ඩක් හදාගන්නත් ඕනෑ පුළුවන් තරම් ඉක්මනටම’’ ගමේ කතක කීවාය.
‘‘මේ දවස්වල වැඩ ටිකකුත් අඩුයි. නැකතක් බලා ළඟදීම වැඬේ පටන් ගම්මු. ආයේ මොකටද කල් දාන්නේ’’ යි පවසමින් කටේ පුරවා සිටි බුලත් කෙළ වෙදගිල්ල හා මැදගිල්ල අතරින් ‘චෝස්’ ගා බිමට ගැසුවේය. ඔහු ඒ ආරාධනය පිළි ගත්තේය. ඒ ඔහුගේ හැටිය.
පැටී බාස් උන්නැහේ ළඟ ඇත්තේ වාමාංශික අදහස්ය. ඔහු විටෙක විනෝදකාමියෙකි. එහෙත් රැකියාවෙන් ලැබෙන මුළු මුදලම වියදම් නොකළේ තමන්ටම කියා අලූත් නිවහනක් සාදා ගැනීමට අවශ්‍යයැයි සිතු නිසාවෙනි. හෙමින් සීරුවේ ඉතිරි කරගත් මුදලින් වැලි, ගඩොල්, සිමෙන්ති මිලදී ගත්තේ අනාගත සිහිනය ජය ගැනීමේ අදහසිනි.
එහෙත් ඔහුට ප‍්‍රශ්නයක් තිබිණි. ඒ වහලය සඳහා අවශ්‍ය පරාල ඉරා ගැනීමට පොල් ගස් කිහිපයක් සොයා ගැනීමයි.
පැටී බාස් තම යහළු සයිමන් බාසුන්නැහේට තමාගේ ප‍්‍රශ්නය යොමු කළේ මෙලෙසිනි.
‘‘බලන්නකෝ උන්නැහේ. පරාලවලට පොල්ගස් හොයා ගන්න එකනේ අමාරුම වැඬේ.’’ ‘‘පැටී අයිය බයවෙන්න එපා. මම පොල් ගහක් අරන් දෙන්නම් රුපියල් 3000 කට. වැඩි දුරකින් නෙමෙයි. ගමෙන්ම. සයිමන් මල්ලීගේ කථාව ඇසූ පැටී බාසුන්නැහේට නිම් හිම් නොමැති සතුටක් ඇතිවිය.
‘‘අදම, ඒ ගැන කතා කර ගන්න යන්න පුළුවන්ද ? සයිමන් මල්ලි.’’
‘‘මොකෝ බැරි. දැන්ම ගිහිල්ල ඒ ගැන කතා කරගනිමු.’’
පොල්ගස මිලට ගත් නමුත් එදිනම ගසා කපාගෙන ඒමට නොහැකි විය. අපි සල්ලියි, ආයුධයි, තව දෙතුන් දෙනෙකුයි එක්ක තව දවස් දෙකකින් තුනකින් එන්නම් කී දෙමිතුරෝ නිවෙස් බලා පැමිණියහ.
මේ අතර තුර ගම්මානය මැදින් අධිවේගී මාර්ගය සෑදීමට යන බවත් අලාභහානි වන ඉඩම් හා ගහ කොළ වලට ලොකු වන්දියක් ලබා දෙන බවටද පොල් ගසකට රුපියල් පනස්දාහක් දෙන බවටද සැඬ සුළගක් සේ ගම හරහා හඹා යන්නට විය.
පැටී බාසුන්නැහේ දින කිහිපයකින්ම තව පිරිසක් සමඟ ගහ කපාගෙන ඒමට ගියේය.
‘‘අනේ! බාස් උන්නැහේ. තරහා වෙන්න එපා. පොල් ගහ ඕන්නම් 5000ක් දීලා අරගෙන යන්න.’’ ලෙස දුන් පිළිතුරෙන් බාස්ට තරු පෙනුණි.
ඒ....මො....ක...ද?
රුපියල් 3000ට දෙන්න පොරොන්දු වුන පොල් ගහට රුපියල් 5000ක් ඉල්ලූවේ රජයෙන් මාර්ගය හදන විට කැපෙන පොල්ගහකට 5000ක් ගෙවන නිසාලූ.
ආපසු ගියේ සැමටම දෙස් දෙවොල් තබමිණි.
දැනටත් ඒ ගම්පැත්තේ අපේ ඇත්තන්ගෙන් පොල් ගස් ගැන අහපුවහම තරහ යනවලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් පනස්දාහක් දෙන බවට ද සැඬ සුළගක් සේ ගම හරහා හඹා යන්නට විය. (අ)
මේ අපි මෙහෙම කරමු,මෙතන අදහස් දලා තියන ඒවා බලල හිනා වෙමු,දාන්න බලන්න ඔයාලත් හොද අදහසක්, (ස)
එක නෙවෙයි මේ කතාවේ මුල හරිය නිකන් මේ කතාවේ කොටසක් නෙවෙයි වගේ. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේද ? (ස)
අධිවේගියේ අනතුරු අවම කරන්න ගත්ත වැඩක් වගේ (දී)
ඇත්තටම මට මේක කියවල හිතුන දෙයක් තමයි සල්ලි ඉතුරුකරන්න ඕන කියන එක .....මේක විහිලු කතාවක් නෙවී.... (ස)
විකාරම කතාවක් ... (ස)
සල්ලි වලට මනුස්සකම යටයි (නි)
මේ කියලා තියන දේට වඩා චන්‍ද්‍රා කියපු දේට හිනහා යනවනේ(නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
මුදලාලිත් අහුවුණා එහෙනම් (නි)
පොල් වගාවට හානි කරන සතෙක්ගේ නමක් අහල තිබුනලු වාර විභාගෙට, පොල්වතු කට්ටි කර විකුණන පළාතේ හාදයෙක්ගේ නම ලියලා තිබුනලු පිළිතුරකට ළමයෙක්. (ස)
දරට දැම්මත් පාඩු නැහැ. 5000නෙ (නි)
මෙච්චර දෙනවද වන්දි? (නි)
අනේ අපොයි (නි)
ඔයා කොහේ ඉන්න මධූද (අ)
පොල්ගස සහ මිනිසා අතර සමානකම ඔබ දන්නවාද?පොල්ගසක ආයු කාලය මිනිසාගේ ආයු කාලයට සමානය.මිනිස් කලලයක් වර්ධනය වී දරු උපතක් ලැබීමට යන කාලය සහ පොල් මල පරාගනය වී ගෙඩිය වේළී වැටීමට ගතවන කාලයට සමානය. ඒ හැරත් කප්රුක නම් වූ පොල් ගසට දෙන වන්දිය මිල කළ නොහැක. (නි)
කෝ ඉතින් හිනා ගියේ නැහැනේ (නි)
ඔතන 8000ක් හොයන්න ක්‍රමයක් තියනවා. (නි)
පිටිගල, ඒකනේ වැඩේ. මාත් දෙතුන් පාරක් කියෙව්වා තැනක් අල්ලා ගන්න. ම්හ්! හරි ගියේ නැහැ. හොඳ වැඩේ ඔය බාස්ට පොල්ගහ නොලැබුන එකට. අපිව රස්තියාදු කළාට. (නි)
ඕක පොල් ගහක් නොවී තැඹිලි ගහක්වත් වුණා නම් අපේ සුරසේන මල්ලිට ගහ ළග ඉදගෙන රෑ වෙනකම් නගින්නෙම නැතුව බහින්න තිබුණා.මොනවා කරන්නද අපි සුරසේන මල්ලි මේ පැත්තේ එනකල් බලාගෙන ඉදිමු හිනාවෙන්න (නි)
මට හරි හිනා (නි)
පොරොන්දු වුණාමයි කියමුකො දෙනවා කියලා. වැඩියෙන් දෙනවා කීවොත් අම්ම අප්පා හරි විකුනන්ට ලෑස්ති උදවිය අපි අතරේ කොච්චර ඉන්නවද ආයුබෝවන්.... (ස)
දෙයියොත් සාක්කි ද මේ වගේ විහිලු වලට? (අ)