පාසලෙන් ඉවත්වී වසර දෙකකි. අධ්‍යාපන සහතික පිටපතක් ලබා ගැනීමට ගියේය. පැය හයක් තිස්සේ රස්තියාදු කිරීමෙන් පසුව දිසාපාමොක්් කීවේ, පාසල් නිල ඇඳුමින් සැරසී එන ලෙස ලූ.
නිදහස් අධ්‍යාපනය නිසාම ගමට පිරිනැමුන පාසලකි. දෙවසරකට පෙර උසස් පෙළ විභාගයට පෙනී සිටි තරුණයකු පසුගියදා එම විදුහලට ගියේ රැකියාවක් පිළිබඳ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කිරීමට පාසලෙන් උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල සටහනක් ලබා ගැනීම සඳහාය. ඔහු මේ ගමන ගියේ සුදු අත්දිග කමිසයකින් හා දිගු කලිසමකින් සැරසීගෙනය.
උදේ හතට පාසලට ගිය මේ තරුණයාට අවස්ථාව ලැබුණේ දහවල් එකට පමණය. එතෙක් වේලා ඔහු කාර්යාලය අසල සිටගෙන සිටියේය. කාරණය ඇසූ දිසාපාමොක්වරයා ”සහතිකය අවශ්‍ය නම් පාසල් නිල ඇඳුමෙන් එන්න” යනුවෙන් කියා ආසනයෙන් නැගිට්ටේය. තරුණයා තමන් පාසල් සිසුවකු නොවන බවට කරුණු දක්වද්දී කිසිවක් නෑසුණු දිසාපාමොක් යන්නට ගියේය. මෙය බලා සිටි විදුහලේ කාර්ය මණ්ඩලය මූණට මූණ බලා ගත්තේ මේ අවනඩුව කාට කියන්නදැයි නොතේරුණ නිසාය.
මේ වනවිට මේ ප‍්‍රදේශයේ කලාප කාර්යාලයට ද මේ සිද්ධිය දැන ගන්නට ලැබී ඇත. මේ ආකාරයෙන්ම සාරියකින් සැරසී පාසලට ගිය ගුරු පුහුණුව ලබන ආදි ශිෂ්‍යාවකට ද නිල ඇඳුමින් එන ලෙස දන්වා හරවා යැවූ පුවතක් ද වාර්තාවී ඇති අතර කිසිවිටෙක කිසිවෙකු රස්තියාදු නොකරන ලෙසට විදුහල්පතිවරයාට දැඩි අවවාදයක් කර ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට උප්පැන්න සහතිකේ ගන්න කච්චේරියට යන්න ඕනේ උපන් ඇදුමෙන්ද ?(නදී)
හැටන් ප්‍රදේශයේත් ඉන්නවා දේශපාලනයට කත් ඇදලා අධයාපන අධාක්ෂිකාවක් උන කෙනෙක්. එයාගේ පුත්තුන්ට ගුරු පත්වීම හම්බවෙලා අවුරුදු 3 ගුරු උපදේශක තනතුරු හදලා දුන්නා. දරුවෙක් ලැබෙන්න ආසන්න ගුරු මාතාවකටවත් ගෙවල් කිට්ටුවට අනුයුක්තියක් දෙන්නේ නැහැ. එයාගේ ලේලිලා තුන් දෙනාට ගෙදරට අල්ලපු වැටේ ඉස්කෝලෙට මාරු හදලා දෙන්න පුළුවන්. ඒ මදිවට දේශපාලන හයිය අරන් ඓතිහාසික අඹගමුව වෙල් යාය හිතුමතේට ගොඩකරනවා. නිස්සන්ක මල්ල රජ දවසේ ඉදන් ආරක්ෂා වෙච්ච වෙල් යායක් ඒක. මේ වගේ අය අධ්‍යාපනයට කැළලක්.(නදී)
මේ සියලු දේ වෙන්නේ දේශපාලනෙන් ආපු පන්දම් කාරයන් හින්දා.බටහිර රටවල්වලින් ගුණ ධර්ම පොඩ්ඩක් ඉගෙන ගෙන ඒවා ආදර්ශයට ගන්නට බලන්න.දියුණු රටවල මේ වගේ මෝඩ අදහස් තියන අය නැහැ. (නි)
නිවැරදි සැලසුමකට එවැනි දේ බෙදා දී ඉවත්ව යන පිරිසව නිදහස් කළා නම් ඉවරයිනේ. එතකොට වර්තමාන පරිපාලන කටයුතු වලට බාදාවක් නැහැ. මෙයට මූලික හේතුව කාර්ය මණ්ඩලයේ තියෙන උදාසීනකමයි.සාමාන්‍යයෙන් රාජ්‍ය නිලදාරීන් නිකන් ඉන්න කැමතියිනේ. නේද? (නි)
නැහැ සුමන රන්ගම, ඔයා දන්නා තරම,මීරිගම පාසල් තුනක් තියෙනවා. මේ පාසල් එකකටවත් මඩ ගහන්න වුවමනාවක් නැහැ සුමන. මගේ ගම මීරිගම. මම මේ පාසල් දෙකකට ගියා.හොද ගුරුවරු හිටියා, දැන් කොහොම ගුරුවරු ඉන්නවද කියලා දන්නේ නැහැ.ඒ වගේ විදුහල්පති කෙනෙක් ඉන්නවා නම් මටත් යම්කිසි වේදනාවක් දැනුන නිසා අර විදිහට අදහසක් දැම්මේ. (නි)
කොළඹ තියෙන ලොකු ඉස්කෝලෙක 2001 වගේ ඉඳන් ගම්පහ ප්‍රසිද්ධ පිරිමි පාසැලක විදුහල්පති කෙනෙක් ආවා. විනය කියලා ඉස්කෝලේ කෑවා. කැඩෙටින් කරන හමුදාවේ වැඩකරපු ළමයින්ට හුණු කෑලි කටේ දම්මපු මනුස්සයව විනය බාර කළා. ඊට පස්සේ හොඳම ගුරුවරු නිකන් ප්‍රශ්න ඇති කරගෙන ඉස්කෝලෙන් යන තැනට ගෙනාවා. ඉස්සර ලංකාවේ රෑන්ක්ස් ගත්ත ඉස්කෝලේ කාලා දැම්මා. ලඟදි ඉස්කෝලෙට ළමයෙක් ගන්න අල්ලස් අරගෙන වැඩ තහනම් උනා. එත් ඉතින් දැන් අමාත්‍යංශයේ ලොකු තනතුරක් හම්බුවෙලා හොඳට වැඩ ටික කරගෙන යනවා. මෙහෙම අය ඉන්නකන් ලංකාවේ ඉස්කෝල ටිකට දෙයියන්ගේ පිහිට තමා.(නදී)
මෙවැනි ගුරුවරු ගැන ගුරු සංගමය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? (නි)
උපාලි, මට හිතෙන හැටියට නම් දිසාපාමොක්තුමා හොඳම ශිෂ්‍යයාට තමන්ගේ දියණියත් සරණ පාවා දෙන්නෙ නම් තරහට (නි)
මෙයත් නිල ඇදුමෙන්ද එන්නේ, මොකද මෙයා තාමත් ඉස්කෝලේ යනවානේ.(නදී)
වැඩිය දගලන්න එපා දනගස්සවනවා. නැත්නම් ගස් බදිනවා.(නදී)
මම ගුවන් හමුදවට් යන්න මට අස්වීම දෙන්න කීවාම මට කිවේ උඹ හරියන්න හමුදාවටම තමා කියලා. වදින්න ඕන නැහැ පලයන් කිව්වා කොහොම උනත් උගත් දේ මට පොලවේ පය ගහල ඉන්න ඇති.(නදී)
පසුගිය කාලේ විදුහල්පති වරුන්ට හමුදා කර්නල් පුහුණුවක් දුන්න නේද? ඉතින් ඒ විදුහල්පති තම කර්නල් තනතුර ක්‍රියාවට නගනවා. වරද එතුමගේද? (නදී)
රූපවති, ඔබ ඔය දේවල් භාවිතය ඔබ හැදී වැඩුණු පරිසරය තුලින් ඉගෙන ගන්න ඇති නේද? (නි)
පාසලින් ඉවත් වූ වහාම සහතික ආදිය ගැනීමත් ,පාසලකට හිමි විනය ,ගෞරවය රැකීමත් ,නුසුදුසු අයුරින් පැමිණීමත් රැවුල් කොන්ඩ කපා, වර්තමාන සිසුන්ට ආදර්ශමත් වී, තම අධයාපනය ,සහතික ගැන වඩා උනන්දු වී වසර ගනනාවක් නොගොස් ලබා ගැනීම වඩා සුදුසුයි.(නදී)
ප්‍රධාන හේතුව තමයි මිනිහා ගෙදර ජීවත් වෙන පරිසරය. ස්වාමියා ස්ත්‍රියට යටත් වෙලා ජීවත් වෙනකොට තියන පාට් සේරම දාන්නේ ගෙදරින් පිට. ගෙදර ගිහාම නකුට පස්සේ ගහගෙන ඉන්න එක තමයි කරන්නේ බල්ලෝ වගේ.(නදී)
දිසාපාමොක් කියන නමට මම එකග නොවෙමි. (නි)
මේ මිනිහවනම් හෙමෝම එකතුවෙලා දැනගස්සුවනම් කවුරුත් මොනවත් කියන්නේ නැ (අ)
මේ වගේ අය හිටවන්න ඕන ඔලුවෙන් .අනුන්ගේ දුක දන්නේ නැති අය. (අ)
රන්ජනී මොකද මේකට මීරිගමක් ගාව ගත්තේ. මීරිගම තියෙන්නේ පූජ්‍ය පක්ෂය පාලනය කරන කීර්තිමත් පාසල් දෙකක්.දෙකට මඩ ගහන්නද හදන්නේ.(අ)
රුපවතී මහත්මිය, ඔබේ දරුවන් සමග ගෙදර ඉන්න වෙලාවක නාඳුනන කෙනෙක් ඇවිත් ළමයින්ට ටොපි චොකලට් බෙදා දෙන්න පටන් ගත්තොත් ඔබ ඒකට ඉඩ දෙනවද? ඔබේ සැමියා ඒ වෙලාවවේ පිට ඉඳන් ඇවිත් කිව්වොත් ඇයි මේකට ඉඩ දුන්නේ, සන්නාසි එහෙමත් මේ පැත්තේ ගැවසෙනවා අහල නැද්ද කියලා ඔබ මොක ද කරන්නේ? ඔය විදුහල්පතිනිය කල දේම නොවේද? (නදී)
මෙන්න මෙවැනි දිසාපමොක්ලාව දන ගස්සන ඕනේ . මුන් වගේ අධ්‍යාපන අංශයේ රැකියාව දීම අධ්‍යාපන ක්ෂේත්‍රයටම නිගාවක් . මෙවැනි අයට නිතිය මගින් හෝ වෙනත් ක්‍රමයකට දඬුවමක් දිය යුතුය . මෙවැනි අය හොඳ හරක් බලා ගන්න අරින්න (අ)
මේ රටේ අධ්‍යාපනය විතරක් නෙවි පාසල් වලින් දරුවන්ගේ හැමදේම විනාශ කරලා. අද ළමයි ගුරුවරුන්ට ගරු නොකරන්නේ ඒ අය උගන්නන්නේ නැති නිසා.ඉතින් එයාල ගුරවය ගන්නේ විනය නිල ඇඳුම වගේ බොරු දේවල් පෙන්නලා. මම පාසල් යද්දී විදුහල්පති වරයා කෙනෙහෙලිකම් ගොඩක් කල එත් ඔහුගේ අරමුණ ඉටු වුනේ නැහැ අපි විශ්වවිද්‍යාලෙ (අ)
ඉතින් මේ වගේ දිසාපාමොක්ලට අත පය උස්සන එක පුදුමයක් නොවෙයි නේද? (නි)
ඔන්න දන ගස්සවන්න සුදුස්සෙක්.(නදී)
අනේ, මෙයාලට 'දිසාපාමොක්' කියන්න එපා. තක්සලා අධිපති, දිසාපාමොක් වැනි ශ්‍රේෂ්ඨ (විශ්ව) විද්‍යාලයාධිපති කෙනෙක් මේ අහංකාර පුහු මිනිහෙකුට වචනෙකින්වත් සමාන වෙන්නේ නැහැ. දිසාපාමොක් තුමා හොඳම ශිෂ්‍යයාට තමන්ගේ දියණියත් සරණ පාවා දෙන කෙනෙක්. ගෝලයෙකුට රැකියා සම්මුඛ පරීක්ෂණයකට සහතිකයක් ඕනෑ වුනා නම් එතුමා දුතයෙකු අත සන්දේශයක් යවයි අවශ්‍ය තැනට. (නි)
පන්දමට ආව කිලෝ ගුරෙක් වෙන්න ඇති 89 කාලේ.(නදී)
විදුහල්පති කියන විදිහට පාසලේ වර්තමාන සිසුන් නොවන අය පාසල් නිල ඇඳුමකුත් ඇඳගෙන නගරයේ රස්තියාදු ගහ ගහා හිටියොත් කොහොම තියෙයිද ? අපේ පළාතේ මන්ත්‍රීතුමා අපේම පාසලේ ආදී ශිෂ්‍යයෙක්. මින් පස්සේ එයාටත් උත්සව වලට එනකොට නිල ඇඳුම අඳින්න වෙයිද? (නි)
මේ ස්කොලේ මීරිගමද? මීරිගම ප්‍රසිද්ධ ඉස්කෝල තුනක් තියෙනවා.කෝකද?කව්ද විදුහල්පති? මේවා වැරදි වැඩ.වහාම දුෂ්කර පළාතකට යවන්න.මම ගිය ඉස්කෝලේද කියල දැනගන්න ඕන. (අ)
කටුස්සෙකුගේ කරේ රත්තරන් ගෑවිලාවද්ද? (නි)
පාසලින් අස්වන විටම අධ්‍යාපන සහතික නිකුත් කිරීම වැනි ප්‍රමිතීන් හඳුන්වා දීම් වැදගත්. (නි)
දැන් එවන්ඩ ද පලා බබා.(නදී)
නිතියක් රීතියක් මොකක්ද කියලා නොතේරෙන දිසාපාමොක්ලා බොහොමයක් අපේ පාසල් වල ඉන්නවා.වෘත්තිය ක්‍රියාත්මක කරන්න වුවමණා පෞරුෂය මොවුන ලග නැහැ.ඒකයි අහිංසකයින් පීඩාවට පත් කරන්නේ.නවගත්තේගම සිද්ධියේදිත් දේශපාලකයින් ඉදිරියේ දෙකට නැමෙන විදුහල්පති,නියොජ්‍ය විදුහල්පතිලා නිසා ප්‍රාදේශීය දේශපාලකයින් හයිරන්කාරයෝ වෙලා.මුලු රාජ්‍ය සේවයම අද අතකොලු වෙලා. දැන් ඉන්න ලේකමිලා ඊට එහා. රටටම ගිය කලක්..! (නි)
පිස්කෝ ..ඔයා ඔය අහිංසක අබේරත්න මහත්තයට නේද බනින්නේ ...මොනා වුනත් ඒ මනුස්සයා මේ තරම් විකාර කලේ නැහැ.(නදී)
මේ දිසාපාමොක් ව දන ගස්සන්න ප්‍රාදේශීය බලැත්තෝ නැද්ද මේ පැත්තේ? කවුරුත් විරුද්ධ වෙන එකක් නෑ එකට නම්. (ස)
රූපවතී අක්කගේ කතාවට මටත් හරිම දුකයි. අක්කේ ඔයා පටන්ගත්ත තැන හා විදිහ වැරදියි. ඒකයි උප විදුහල්පතිනියට කේන්ති ගිහින් තියෙන්නේ. ඔයා වැඩේ උප විදුහල්පතිනියගෙන් ඉස්සෙල්ලම පටන් ගත්තා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ (නි)
මෙය පන්දමට පත්වුණු ගුරු හොරෙක් වෙන්න ඇති. (අ)
පුදුමයි යට ඇදුමෙන් එන්න නොකීවා.(නදී)
මේ වගේ ගුරුවරු නම් දණ ගහල නෙමෙයි, ටිකක් වෙලා ඔලුවෙන් හිටවලා තිබ්බත් කමක් නැහැ. (නි)
ඉස්සර අපි පාසල් යන කාලේ, අපි ගුරුවරුන්ට දක්වපු, ගරුත්වය බැදීම... ඒ වගේමයි ගුරුවරු ළමයින් ගැන පාසැල ගැන පුදුම බැදීමක් ආදරයක් තිබුනේ. එදා පාසලේ ඉගැන්නුවේ ගමේ ගුරුවරු. එයාලට ආසාව ,වුවමනාව තිබුනේ ගමේ , අපේ පාසැල කියන සංකේතය. ගමේ නිතර දකින ගුරුවරයා , අපි පාරකදී දැක්කත් අපි බයිසිකලයකින් යන ගමනක් නම් ඉන් බහිනවා. ඒ ගෞරව කිරීම් අද කාලේ ඈයෝ මොනවදවත් දන්නෙ නැහැ. ගුරුවරු එයාලත් , හිතාගෙන ඉන්නේ එයාලට පොලිසියේ රාජකාරියක් සදහා පත්වීම ලැබිලා කියලා. ඉතින් මේ තත්වේ නැති නොකලොත් අනාගතේ අපිට ලංකාවට පාසල් වලින් වැඩක් නැතිම වෙයි, වුවමනා නැති තත්වයක් වේවි. (නි)
රූපවති ඕවා ගණන් ගන්න එපා. මීට පස්සේ විදුහල්පතිනියට ලොකු පාර්සලයකුත් දරුවන්ට තෑගිත් අරගන යන්න. ඔයාටත් තිබුනේ මුලින්ම ඇයව හම්බවෙන්න. අපිනම් ළමා නිවාසයකට අවශ්‍ය දේවල් දෙන්නේ.(නදී)
ගිය අව්රුද්දෙ දවසක මම අපේ පුතාගේ කුරුණෑගල පාසලට ගියේ එයාව අස්කරගෙනඒමට හා ,මම විදෙස්හි සිට පුතාගේ පන්තියේ දරුවන්ට රැගෙන ගිය , පුංචි තෑගි සහ චොක්ලට් ටික බෙදා දීමට පන්ති බාර ගුරු තුමීගෙන් අවසර ගෙන, මගේ ස්වාමියාත් සමග එය බෙදා දීමට පටන් ගත් විට , උප විදුහල් පතිනිය ඇවිත්. යකෙක් වගේ අපේ ඇගට පැනල, ඒ වන විට ළමඊ සතුටින් අතට ගත් පාර්සල් උදුරලා අරන් අපේ අගේ ගහල කීව ඔයගොල්ලෝ හෙට රටෙන් පිට වෙය්? මේ ළමඊ ඕව කාල මැරුනොත් උසාවි යන්නේ කව්ද? සිංහල තේරෙන් නැද්ද? හැම පාසලකම ලම්ය් කෑම විසවෙලා ...? මම කීව අනේ මිස් මේ සිහිවටන ටික පමණක් වත් ..? මම දැන් කීව නේද ඕව අරන් යන්න කියල ? එංගලන්තෙන් ඉදල ආපු හින්දද .. සිංහල තේරෙන් නැත්තේ? කියල අපිව එලව ගත්ත, අදටත් මට ඒ සිදුවීම මතක් වෙන කොට ඇඩෙනවා ...? අපේ ලංකාව ...???(අ)
මිනිසත් බව නොදන්නා අදමයන්.(නදී)